අන්ධ ජනාධිපති නොදන්නා හෙන ගහන සංවර්ධන අපරාධ

න්ත්‍රිseghae
සුරාසල් ගැන මෛත්‍රීගේ දෙබිඩි රංගනය
February 13, 2018
saim iii
‘සයිටම්’ අළුයට ගිනි
February 13, 2018
Show all

අන්ධ ජනාධිපති නොදන්නා හෙන ගහන සංවර්ධන අපරාධ

bigstock-Thief-109511021-2-583x389

ජනතාව එදිනෙදා කටවහරේදී ‘හෙණ ගහන අපරාධ’ යනුවෙන් හඳුන්වන දේවල් තිබේ. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වන පාලකයන් හෙණ ගහන අපරාධ වර්ගයේ ක්‍රියා කරන බව බහුතරයක් දෙනා හීනයකින්වත් හිතන්නේ නැත. තවත් විශේෂත්වයක් වන්නේ සංවර්ධනයේ නාමයෙන් කරනු ලබන හෙණ ගහන අපරාධ වර්ගයේ ඒවාය. සුදු පිරුවට වලින් සැරසී මල් පහන් රැගෙන පන්සල් ගානේ යමින් කරන්නේ හෙණ ගහන වර්ගයේ අපරාධවලින් බේරීමේ කපටි ක්‍රියාමාර්ගය. ජනතාව මේවා සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් නොසිතීමද උන්ගේම ජයග්‍රහණයක් වී තිබේ. නමුත් කරුණු සහිතව හෙළි වී තිබෙන්නේ සංවර්ධනයේ නාමයෙන් කරන බොහෝ දේවල් මහා මූල්‍ය මංකොල්ලයන් සේම ජනතාවගේ ජීවනෝපායන් අහිමි කරමින් සංවර්ධනයේ අන්ත අනාථයන් දහස් ගණනින් බිහි කරන හෙණ ගහන අපරාධ කරමින් සිටින බවය.
මහින්ද රාජපක්ෂ ආරම්භ කළ මේ හවුල් ආණ්ඩුවේ රනිල් – මෛත්‍රී දෙදෙනා වේගයෙන් ක්‍රියාත්මක කරමින් සිටින හෙණ ගහන වර්ගයේ ප්‍රධාන අපරාධයක් වන්නේ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියයි. තවත් පැත්තකින් තනිකරම මෛත්‍රීගේ දශක කිහිපයක හීනයක් බව කියන මොරගහකන්ද ජලාශයේ තනි උරුමක්කරුවා ඔහුමය. මේවාට මුල්ගල් තැබීම්, ජලය පිරවීම්, ජලය පිටකිරීම් ආදිය මුල්කරගෙන කරනු ලබන පුරාෙජ්රු කයිවාරු වලින් නම් කිසිම අඩුවක් නැත. ජනතාවද හෙණ ගහන වර්ගයේ අපරාධ රටේ සංවර්ධන ව්‍යාපෘති සිදුවන්නේ කෙසේදැයි ප්‍රශ්න නොකිරීමට තරම් ප්‍රවේශම් වී සිටිති. එයම යළිත් පාලකයන්ගේ කයිවාරු සංවර්ධනයට මහත් ආශීර්වාදයක් වී තිබේ. මොරගහකන්ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය මාසයක පමණ කාලයක් තුළ ප්‍රචාරය කළ දේ දෙස බැලීමේදී කල්පනා වන්නේ ලංකාවට ඉතිං නම් ඉදිරියේදී අසූමහ දෝෂයක්වත් අත් නොවනු ඇති බවය.
එම පුරාෙජ්රු සංවර්ධනයේ තරම කොතරම්දැයි කිවහොත් මෛත්‍රී ජනාධිපතිවරයා මොරගහකන්දේදී චිත්තප්‍රීතියෙන් යුතුව ප්‍රකාශ කර තිබුණේ උමාඔය ව්‍යාපෘතියේ ප්‍රතිලාබද ඉක්මනින් ජනතාවට ලබාදීම සඳහා නිලධාරීන්ට නියෝග දෙන ලද බවය. නමුත් මොරගහකන්ද ව්‍යාපෘතියේ හා උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය සම්බන්ධ ඇත්ත තත්ත්වය ඒ පුරාෙජ්රුවලින් පිට හෙණ ගහන අපරාධ තත්ත්වයේ තිබේ. රජයේ නිලලේඛන වලින්ම මේ බව ඕනෑවටත් වඩා වැඩියෙන් තහවුරු වන්නේය. ඒ පිළිබඳ නිදර්ශන කිහිපයක් මෙසේය.
ජනාධිපතිගේ දශක කිහිපයක හීනයක් බව කියන මහින්ද රාජපක්ෂ පවුල් පාලන සමයේදී බරපතළ කැපීම් කෙටීම්වලට ලක් වූ බව කියන මොරගහකන්ද සම්බන්ධ ඇත්ත තත්ත්වය කුමක්ද? මෙයට රුපියල් කෝටි 4814ක් පමණ වැය කර ඇති බව සඳහන්ය. ජලාශයේ දිය පිරවීම ආරම්භ කළේ 2017 පෙබරවාරි 20 වෙනිදාය. පුරා මාස එකොළහක් ජලය පිරවීමේ කටයුතු කරගෙන ගියේය. ජලය නිකුත් කිරීම 2018 ජනවාරි මස 08 වෙනි දින රනිල් – මෛත්‍රී දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ජලාශය පිරවීමට මාස එකොළහක් ගත වූයේ නම් එයින් ජලය ලබාගෙන කරන සංවර්ධනය මොන කෙන්ගෙඩියක් වේදැයි ප්‍රශ්න කළ නිලධාරීන් හෝ ඉංජිනේරුවන් පිළිබඳව වාර්තා නොවීය. නමුත් මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතිවලට ශක්‍යතා අධ්‍යන වාර්තා නමින් වාර්තා විශේෂයක්ද සකස් කරයි. මාස එකොළහක කාලයක් යනු රටට ඊසානදිග මෝසම් වැසි සහ නිරිතදිග මෝසම් වැසිද අමතරව අන්තර් මෝසම් වැසිද යන ආකාර තුනෙන්ම සැලකිය යුතු වර්ෂාපතනයක් ලැඛෙන කාලයක්ය. මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය නමින් පටන්ගෙන තිබෙන මෙහි මූලිකම අරමුණ රජරට ප්‍රදේශයේ විශාල කුඹුරු ප්‍රමාණයකට යළ මහ දෙකන්නයේ දියවර සැපයීම බව කියවේ. ඊට අමතරව මෙගාවොට් 25ක ජලවිදුලිය උත්පාදනය කිරීමද ඇතුළත් විවිධ අරමුණු තිබෙන බව කියා ඇත. ඒ කුමක් කිරීමට හෝ මේ මහා ව්‍යාපෘතිය ජලයෙන් පිරවිය යුතුය. දැන් ජලය පුරවා අවසන්ය. එසේ වන විට අර මුලින් කියූ හෙණ ගහන වර්ගයේ අපරාධ සිදු කෙරී ඇති බව සංවර්ධන පුරාෙජ්රු කතාවලින් කියවෙන්නේ නැත. එවැනි තොරතුරු හෙළි වන්නේ හොර පාරවල් වලින්ය. මහවැලි හා පරිසර සංවර්ධන ඇමති වශයෙන් ජනාධිපති මෛත්‍රීම පසුගිය දෙවැනි දින ඇමති මණ්ඩලයට යොමු කර තිබූ සන්දේශයකින් හෙළි වී තිබෙන්නේ හෙණ ගහන අපරාධයන් පිළිබඳවය.
මොරගහකන්ද පිරවීම නිසා පැරණි කවුඩුල්ල වාරි ව්‍යාපෘතිය යටතේ යළ මහ දෙකන්නය වැඩ කළ ගොවි පවුල් හාරදාහක් දෙනාගේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. ගොවි පවුල් හාරදාහක් යනු මුළු ජනගහනය අවම තරමින් දාසයදාහක් දෙනාය. මෛත්‍රී මේ දිනවල සහභාගීවන ඡන්ද රැස්වීම් පහ හයක තරම් ජනතාවක් සංවර්ධනයේ අනාථයන් කර ජීවනෝපාය අහිමි කර තිබේ. ප්‍රශ්නය වන්නේ මේ වන විට හොඳින් වගාකර තිබූ ගොවිජනතාවගේ කන්න තුනක් අහිමි වී යාමය. 2017 වසරේ යල මහ කන්නයන් 2018 මෙම වසරේ මහ කන්නය අහිමි වී යාමත් වශයෙන්ය. තවදුරටත් හෙළිවන්නේ කවුඩුල්ල වාරි ව්‍යාපෘතිය පමණක් නොව ඇළහැර, ගිරිතලේ, මින්නේරිය යන ව්‍යාපෘතිද කවුඩුල්ලට අමතරව තර්ජනයට පත්ව අවසන් බවයි. එම ව්‍යාපාරවලින් ජලය ලබා ගන්නා ගොවීන්ට සිදු වී තිබෙන්නේද පොළොවේ පස් කන්නටය. අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වන්නේ කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවි පවුල් හාරදාහකට වගා අහිමිවීම ගැන පමණය. අනෙක් ගොවිජනපදවල තර්ජනයට පත්ව සිටින පවුල් සංඛ්‍යාව පිළිබඳව සඳහන් නොවේ.
මේ ගොවීන්ගේ වී ගොවිතැන් පාළු වී යාම යනු මෙරට වී නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් බිඳ වැටීමය. එය සෘජුවම රටේ සහල් නිෂ්පාදනය බිඳවැටීමට බලපාන අතර ජාතික නිෂ්පාදනය ගණනය කිරීමේදී එය අඩාල වීමටද සෘජුව බලපාන තත්ත්වයක්ය. ජාතික නිෂ්පාදනය පහත වැටීම තුළින් ජාතික ආර්ථීකයට සිදුවන බලපෑම පිළිබඳව වගකියන්නේ කවුද? යන ගැටලුව තිබේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන කැබිනට් මණ්ඩල පත්‍රිකාවෙන් යෝජනා කර තිඛෙන්නේ ගොවිපවුල්වලට එදාවේල ලෙවකෑමට සොච්චමක් දික් කිරීමය. දැනටමත් රුපියල් 5000.00ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් සිටින අතර, එය රුපියල් 10,000.00ක් දක්වා ඉහළ දැමීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත. බැලු බැල්මට පෙනෙන්නේ දැනට ලබමින් සිටින ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරන ලද බවය.
එහෙත් කාරණය ඇත්තක්ද? යන්න වෙනමම සලකා බලන්නට ජනතාව යොමු වන්නේ නැත. සිවුදෙනෙකුගෙන් යුත් පවුලකට මසකට රුපියල් 10,000.00ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම යනු එක් අයෙකුට මසකට වෙන් වන්නේ රුපියල් 2,500.00ක්ය. ඔහු හෝ ඇය මේ වියළි ආහාර ද්‍රව්‍ය සලාකයෙන් වේල් 90ක් අවම වශයෙන් මසකට පිරිමසා ගත යුතුව තිබේ. එසේ නම් එක් වේලකට වෙන් වන්නේ රුපියල් 27 ශත 77ක් වැනි මුදලක්ය. මඩසේදූ කළ රජකමටත් හොඳ බව කියන ගොවි රජුන් උළානොකා උළාකා කුස පොත්ත රවටා ගැනීමට සලස්වා තිබෙන්නේ හෙණ ගහන අපරාධයක් කිරීමෙන් නොවේදැයි කල්පනා කළ යුතුවේ. පවතින බඩු මිල ඉහළ යාම හමුවේ රුපියල් 28.00ක් ප්‍රමාණවත් වන්නේ ලුණු කැඳ බීමට තරම් දේකට මිස අනික් කිසිවකට නම් නොවේ.
ගොවි පවුල් හාරදාහකට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නය ඇති කර මහා පුරාෙජ්රු කතාවලින් පිරවූ මොරගහකන්දේ ඇත්ත තත්ත්වය නම් එයට ප්‍රමාණවත් ජලයක් ලබා ගැනීමට නොහැකිවීමය. දැන් ඒ සඳහා තවත් පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ මිණිපේ අමුණෙන් මහවැලි ගෙඟ් ජලය ලබා ගැනීමටය. මිණිපේ අමුණ තවත් මීටර් හතරකින් ඉහළට ඔසවා මහවැලි ජලය ලබාගෙන මොරගහකන්ද දක්වා ගෙන යාමට සැලසුම් කර තිබේ. මෙයට අදාළව පළමු කැබිනට් සන්දේශය 2017 දෙසැම්බර් 05 වෙනි දින නිකුත් කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ඩොලර් මිලියන 210ක් ලබා ගැනීමට සූදානම්ය. මෙය රුපියල්වලින් මිලියන 32,500ක් පමණය. හරි අපූරු ආකාරයට මේ සම්බන්ධ කැබිනට් සන්දේශය නම් කර තිබේ. ‘මහවැලි ජලය සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවැනි අදියර’ යනුවෙන්ය. මේ කරන්නට යන්නේ මහවැලි ජලය ආරක්ෂා කිරීම බව දක්වා ඇත. එසේ හඳුන්වමින් මිණිපේ අමුණ තවත් උස් කර කළුගඟ දක්වා ජලය ගෙනගොස් මොරගහකන්ද ජලාශයට එක් කිරීමට සූදානම්ය.
මේ සඳහා කිලෝමීටර් 62ක් දිග ඇළ සහ උමං මාර්ග යොදා ගනී. මහවැලි ඇමති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මේ යෝජනා කරන්නේ උමාඔය මහා විනාශයේ වැඩි කොටසට හවුල්කරුවා වී සිටියදීය. උමඟ හෑරීම නිසා සිිදුවී තිබෙන විනාශය මහා පරිමාණය. එසේ තිබියදී තවත් උමඟක් හෑරීමට යන්නේ ජඩ දේශපාලන උමතුව නිසාය. නැවත දෙසැම්බර් 20 වෙනි දිනද කැබිනට් මණ්ඩල සන්දේ්ශයක් මෙයට අමුණා ඉදිරිපත් කර ඇත. එයින් කියවෙන්නේ කිලෝමීටර් 62ක් දිග ඇළ සහ උමඟ ඉදිකිරීමට කොන්්ත්‍රාත් ලබාදීම සම්බන්ධයෙන්ය.
අලුතින් උමං මාර්ගය ඉදිකිරීමට යෝජනා කරන මෛත්‍රී උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවට සහන සොච්චමක් දික් කිරීමේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවද ඉදිරිපත් කරමින් සිටියි. දේශපාලන උමතුව යනු එයයි. උමාඔය උමඟ හෑරීම නිසා මහත් විනාශයක් බණ්ඩාරවෙල අවට ගම්මානවලට පැතිරීම ආරම්භ වූයේ 2014 දෙසැම්බර් 24 වෙනිදාය. රාජපක්ෂ පවුල් පාලනයේ මරාලයන් ජනතාවගේ ජීවිත බිලි ගැනීම දක්වා මෙහෙයවූයේ මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව යටතේය. එයින් නිවාස දෙබෑ වී උන්හිටිතැන් අහිමි වී බව බෝග පාළු වී ජීවන මාර්ගය අහිමි වූවන්ට කීයක් හෝ සොච්චමක් දික් කිරීම ඇරඹූයේ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව යටතේය. මේ ආණ්ඩුවෙන් ඊට අදාළ කැබිනට් මණ්ඩල සන්දේශ ගණනාවක් මේ දක්වා නිකුත් කර ඇත. ජනතාවගේ ජීවිත සුරක්ෂිත වී ජීවන මාර්ග තහවුරු වී නොමැත. මෙම අවුරුද්ද ආරම්භයේදීම හා හා පුරා කියා උමාඔය හානිවූන්ට වන්දි ලබාදීමේ කැබිනට් මණ්ඩල සංදේශයක් 2018/01/02 වැනි දින ඉදිරිපත් කර අනුමත කර ඇත.
හෙණ ගහන අපරාධ සංවර්ධන ව්‍යාපෘති බවට පත් කරගෙන තිබෙන්නේ කෙසේ දැයි ඉතා හොඳින් පැහැදිලි කර ගත හැකි ජීවමාන අත්දැකීමක් වන්නේ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියයි. දැන් බණ්ඩාරවෙල අවට ජනතාවට ජීවිතයක් නොමැත. තමන්ගේ පාඩුවේ රැකියාවක් කරගෙන හෝ ගොවිතැන් බතක් කරගෙන ජීවත් වූ මිනිසුන් දස දහස් ගණනකට ස්ථීර නිවහනක් අහිමි කර තිබේ. මාසික කුලිය ලෙස ලබාදෙන සොච්චමෙන් කොතනක හෝ වැටී ලැග සිටීමට ඒ මිනිසුන්ට සිදු වී තිබේ. උමං හෑරීමේ උමතුව මිනිපේ අමුණේ ජලය ගැනීම දක්වාද ගෙන යාමට යෝජනා කරන්නේ මෙසේ තිබියදීය. ‘උමාඔය ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉක්මනින් ජනතාවට ලබාදීම සඳහා’ ක්‍රියාකරන ලෙස ජනාධිපති නිලධාරීන්ට නියෝග කළ ප්‍රවෘත්ති පළ වෙන්නේ මේ පසුබිම යටතේය.
මෛත්‍රීගේ මේ ප්‍රකාශ මහින්ද රාජපක්ෂද පරාජය කරන තරම් ජඩ කපටි දේශපාලන වැකි බව හෙළි වන්නේ උමාඔය බහු විනාශයට මුුල පුරමින් ජනතාවගේ නිවාස, ගොඩ ඉඩම් සහ කුඹුරු කොල්ලකමින් ව්‍යාපෘතියට යට කිරීමේ ආරම්භය සමඟ කල්පනා කිරීමේදීය. ජනතාවගේ ජීවිත කාලය පුරා හෝ පරම්පරාවෙන් පරම්පරාවට හරි හම්බ කරගෙන තිබූ දේපොළ කොල්ලකන ලද්දේ 2014 ඔක්තෝබර් නිිකුත් කරන ලද ගැසට් පත්‍රයකින්ය. පසුගිය දෙසැම්බර් 06 වෙනිදින පාර්ලිමේන්තුවේදී හෙළි වී තිබෙන කරුණු අනුව පවුල් 1687කගේ දේපොළ සංවර්ධනයේ නාමයෙන් කොල්ල කා තිබේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 645ක්, වැලිමඩ පවුල් 586ක්, ඌවපරණගම පවුල් 392ක්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 37ක් සහ හාලි ඇළ කොට්ඨාසයේ පවුල් 27ක් වශයෙන්ය.
උන්හිටිතැන් අහිමි කර ගොඩ ඉඩම්, කුඹුරු සහ හරකා බාන, බව බෝග ඇතුළු සියල්ල අහිමි කරන ලද මෙම පවුල් 1687 අතරින් 2014 ඔක්තෝබර් සිට 2017 දෙසැම්බර් දක්වා වන්දි ගෙවා ඇත්තේ පවුල් 1005කටය. අවුරුදු තුනක් පුරා මේ පිරිසට වන්දි ගෙවා තවත් පවුල් 682ක් සඳහා වන්දි ගෙවීමට ඉතිරිව සිටින බව හෙළි වේ. වැල්ලවාය කොට්ඨාසයේ පවුල් 357ක්, ඌව පරණගම පවුල් 177ක්, වැලිමඩ පවුල් 138ක්, ඇල්ල පවුල් 09ක් හා හාලි ඇළ පවුල් 01ක් වශයෙන්ය. අවුරුදු තුනක් පුරා මේ මිනිසුන් රස්තියාදු කරවීමත්, ජීවිකා අහිමි කරවීමත් හෙණ ගහන අපරාධ නොවේදැයි කල්පනා කළ යුතුය.
මේ කාලය තුළ තමන්ට සාධාරණය ඉටුකර දීමට මැදිහත්වන ලෙස ජනාධිපතිට ලිඛිතව දක්වන ලද මිනිසුන් සංඛ්‍යාව කීදෙනෙක්ද? අදත් එම අහිංසක මිනිසුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගානේ හෝ උසාවි ගානේ රස්තියාදු කරවන්නේ කවර නම් යුක්ති ධර්මයකට අනුවද? දේශපාලන ජඩයන්ටම සරිලන නිලධාරීන් පිරිසක්ද තම තමන්ගේ ජඩ බල පරාක්‍රමය විහිදුවා අහිංසක මිනිසුන්ට තාඩන පීඩන එල්ල කරමින් සිටියි. නිදහස් අධ්‍යාපනයෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගෙන ඉහළ පුටුවලට නැගගත් පසු මුල අමතක කරන නරුමයන් දැන් අහිංසක ජනතාවට තමන්ගේ කෙරුම්කාරකම් පෙන්වමින් සිටීම කවර නම් යුක්ති ධර්මයකට අනුකූල වන්නේද? දේශපාලන අපරාධ කාරයන්ටම ගැලපෙන නිලධාරී රොත්තක්ද ජනතාවගේ ජීවිත සමඟ කරන මේ සෙල්ලම පරාජය කිරීමේ හැකියාව ඇත්තේද ජනතාවටම මිස අන් කෙනෙකුට නොවේ. ජනතාව එක් වී සංවිධානාත්මකව අරගල නොකරන්නේ නම් සියදිවි නසා ගන්නට සිදුවන්නේද ජනතාවටම බව මකත් කර දිය යුතුය. ‘මේවා හෙණ ගහන අපරාධ’ යැයි ශාප කළද එවැනි කිසිම දෙයක් සිදු නොවන බවත්, ශාප කිරීම අත්හැර අයිතීන් දිනා ගැනීමට සටන් කළ යුතු බවත් ජනතාවම තේරුම් ගත යුතුය. නැතිනම් පාලක ජඩයන් සහ ඊටම ගැලපෙන නිලධාරීන් ජනතාවගේ හිස්මත පහරා යන බව ඉතිහාසය පුරාම ඕනෑවටත් වැඩිය ඔප්පු කර තිබේ.


ප්‍රියදර්ශන දයාරත්න