අල්ලස් කොමිසමට අවුරුදු 23ක සිරදඩුවම් !

05
කඩාවැටීම් රැසක් ගැන කතානායක අනතුරු අඟවයි
February 14, 2018
06
ආණ්ඩුවේ ලොක්කෝ කුණු කන්දෙනුත් ගසා කාලා
February 14, 2018
Show all

අල්ලස් කොමිසමට අවුරුදු 23ක සිරදඩුවම් !

04

මෙරට ක්‍රියාත්මකව පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත අවුරුදු 23ක් පුරා කිසිදු යාවත්කාලීන කිරීමකින් තොරව පවත්වාගෙන යාම නිසා වැරැදිකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට කිසිසේත් ම නොහැකි තත්ත්වයක් පවතින බව අනාවරණය වේ.
එම කොමිසමේ ඉහළ ම නිලධාරීන් හෙළි කර තිඛෙන්නේ මෑත අවුරුදු පහළොවක් පමණ පුරා අල්ලස් හෝ දූෂණ මර්දන පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කළ පුද්ගලයන් අතුරින් වැරැදිකරුවන් වී ඇත්තේ, සිව් දෙනෙකු පමණක් බව ය. මෙම පනත සංශෝධනය කර නීති බලය යාවත්කාලීන නොකිරීම නිසා අල්ලස් ගැනීම් මහා පරිමාණයෙන් කරන වෘත්තීය මට්ටමේ පුද්ගලයන් සහ දූෂණ වෘත්තීය මට්ටමට ගෙන තිඛෙන පුද්ගලයන් අධිකරණය ඉදිරියේ නිදහස් වී යන බව හෙළි වේ.
නූතන ඩිජිටල් තාක‍ෂණික යුගයේ තාක‍ෂණික දියුණුව, විවිධ විෂයයන් පුළුල් වීම සහ නව විෂයයන් එකතු වීමත්, තාක‍ෂණික දැනුම වේගයෙන් ඉදිරියට යාමත් ආදී විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය වන පරිදි පුළුල් නීතිමය අවකාශ ලබාගෙන මෙම පනත යාවත්කාලීන කළ යුතු බව අවධාරණය කර ඇත. පසුගිය ආණ්ඩු කීපයක් වෙතත්, වර්තමාන හවුල් ආණ්ඩුවට වෙතත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබුණත්, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන තිබේ.
මේ වන විට අල්ලස් හෝ දූෂණ මර්දන පනත සම්පූර්ණයෙන් ම අක්‍රිය ලියැවිල්ලක් බවට පත් වෙමින් තිඛෙන බවත්, ඉක්මනින් ම සංශෝධනය නොකළහොත්, අවුරුදු 23ක අතීතයේ මේ පනත අනුව පිහිටුවා තිඛෙන කොමිසම සිර කර තැබීමක් පමණක් වන බවත් හෙළි කර තිබේ.


ලංකා මාරසිංහ