උදයංග නිසා රාජ්‍ය තාන්ත්‍රික අවුලක්

වාරි ජලය
වාරි ජලයේ ගිය කුකුළු හොරයක්
February 14, 2018
harak hora
ග්‍රාමීය ආර්ථිකය වලපල්ලට යවන ඇමති සහ හොර නඩය
February 15, 2018
Show all

උදයංග නිසා රාජ්‍ය තාන්ත්‍රික අවුලක්

උදයංග

ඩුබායි ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තම රටේ පුරවැසියෙක් නිසා තමනට බාර දෙන්නැයි යුක්‍රේනය විසින් ඉල්ලා තිබේ. යුක්‍රේන බලධාරීන් විසින් අබුඩාබි බලධාරීන්ගෙන්
මෙම ඉල්ලීම කිරීමත් සමඟ අදාළ ගැටලූව රාජතාන්ත්‍රික අර්බුදයක් වන තත්ත්වයක් උදා වී ඇත. පසුගිය ඉරිදා ඩුබායි ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලද උදයංග වීරතුංග මේ වන විට අබුඩාබිහි රඳවාගෙන සිටී.
උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් නිකුත් කළේ යැයි පැවසුණ ද එය නිල් වරෙන්තුවක් යැයි ද වාර්තා වන අතර, නිල් වරෙන්තුවකින් හැකි වන්නේ අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව, වෙසෙන ප්‍රදේශය, ක්‍රියාකාරකම් ආදී තොරතුරු ලබා ගැනීම පමණි. යුක්‍රේනය විසින් තම රටේ පුරවැසියෙක් වන උදයංග වීරතුංග තමනට බාර දෙන්නැයි ඉල්ලා ඇත්තේ එනිසා යැයි ද සඳහන්ය. එමෙන්ම යුක්‍රේනය හා රුසියාව අතර පවතින දැඩි සමීපතාවය හේතුවෙන් මෙම ඉල්ලීම නොතකා කටයුතු කිරීමේ හැකියාව ද ඉතා අවමය.
කෙසේ වෙතත්, ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා මෙරට පොලිස් නිලධාරී කණ්ඩායමක් අබුඩාබි වෙත පිටත්ව යාමට නියමිත යැයිද සඳහන් වෙයි.


චතුර දිසානායක