කඩාවැටීම් රැසක් ගැන කතානායක අනතුරු අඟවයි

03
ජනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
February 14, 2018
04
අල්ලස් කොමිසමට අවුරුදු 23ක සිරදඩුවම් !
February 14, 2018
Show all

කඩාවැටීම් රැසක් ගැන කතානායක අනතුරු අඟවයි

05

හවුල් ආණ්ඩුවේ පක‍්ෂ දෙක එකිනෙකාට ප්‍රබල ප්‍රහාර එල්ල කර ගැනීම නිසා බොහෝ ෙක‍ෂ්ත්‍රවල කඩාවැටීම වළක්වා ගැනීම සඳහා කතානායකවරයා මැදිහත්කරු වී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වේ.
ජනාධිපති නිල නිවසේ දී හමු වීම සිදු කර විනාඩි 45ක් පමණ සාකච්ඡා පවත්වා ඇති බවත්, මේ සඳහා එම තිදෙනා පමණක් සහභාගී වූ බවත් අනාවරණය වී තිබේ. අගමැති හා ජනාධිපති අතර ප්‍රහාරාත්මක කතා නිසා ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක ලකුණු පහළ වීමෙන් රටේ සියලූ ෙක‍ෂ්ත්‍රවලට මෙය විහිදී රටේ අස්ථාවර බව දේශීය මෙන් ම ජාත්‍යන්තර ප්‍රජාවටත් සන්නිවේදනය වීම ඉතාමත් අහිතකර ලෙස බලපා තිඛෙන බව කියැවේ.
මෙම තත්ත්වය මඟහරවා ගැනීමට කතානායකවරයා මැදිහත් වී එම නායක මට්ටමේ සාකච්ඡා සූදානම් කළ බව ආරංචිමාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ම විදේශීය හා දේශීය යන ආයෝජකයන් දෙපිරිස ම බිය වීම, කොටස් වෙළෙඳපොළ කඩාවැටීම, මේ නිසා රටේ දේශපාලනය හා ආර්ථීකය ද අස්ථාවර බවක ලකුණු පෙන්වීම, රට අස්ථාවර බවට ජාත්‍යන්තරය හමුවේ නිරූපණය වීම හා මේ නිසා ම ජාත්‍යන්තර ප්‍රජාව රට කෙරෙන් ඈත් වීම ආදිය මේ වන විටත් විද්‍යමාන වීම නිසා ඇතිව තිඛෙන බරපතළ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.
කෙසේ වුවත්, දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම සාකච්ඡා අනිවාර්යයෙන් ම මැතිවරණයෙන් පසුව ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳව ද වැඩි අවධානය යොමු කරන ලද බව ය. එහි දී කිසියම් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව නිශ්චය කළ නොහැකි වුව ද, ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ තීරණාත්මක පියවරක් ඒ තුළ තිබූ බව කියැවේ.
තවත් ආරංචිමාර්ගයකින් හෙළි වූයේ පසුගිය කාලයේ රජය ලබාගෙන තිඛෙන රුපියල් ටි්‍රලියන 10ක් වූ ණයවලින් ට්‍රිලියන නවයක් අතුරුදහන් වී ඇති බව ජනාධිපතිවරයා ම ප්‍රකාශ කිරීමෙන් විදේශ ආයෝජකයන් පමණක් නොව මෙරට සිටින රාජ්‍ය තාත්‍රිරක නිලධාරීන් ද කැළඹීමකට පත්ව ඇති බව ය. නමුත්, මේ කිසිවක් ගැන ජනාධිපති, අගමැති හමුවේ දී සාකච්ඡා කළ බව විශ්වාස කළ නොහැකි බවට මත පළ වේ.


ප්‍රියදර්ශන දයාරත්න