විගණකාධිපතිගේ අවනඩුවත් ජනතාවට හෙළි කරයි

බැදුම්කර
බැඳුම්කර කොල්ලකරුට සමාගම් 28ක් තිබිලා
February 14, 2018
කම්පැණි
බෑනාගේ සමාගම වෙනුවෙන් රනිල් බොරු කියයි !
February 14, 2018
Show all

විගණකාධිපතිගේ අවනඩුවත් ජනතාවට හෙළි කරයි

විගණනාදිපති

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමේ දී දෙන ලද පොරොන්දුවක් වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිමය ආවරණය සපයා තිඛෙන ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත නොකිරීම නිසා නිසි පරිදි මහජන මුදල් විගණනය කළ නොහැකි වී ඇති බව විගණකාධිපතිවරයා හෙළි කරනු ලැබී ය.
පසුගිය 07 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ නිසි පරිදි විගණනය කළ නොහැකි වීම නිසා රාජ්‍ය මූල්‍ය පරිපාලනය බිහිසුණු ලෙස බිඳවැටී ඇති බවයි.
මෙහි දී සංඛ්‍යා දත්ත සහිතව ණය අර්බුදය ගැන හෙළි කර තිඛෙන අතර, එය ම ආර්ථීක අර්බුදයක් දක්වා යන බවට අනතුරු ඇඟවීම් ද කර තිබිණි. විගණකාධිපතිවරයා විසින් හෙළි කරන ලද විශේෂ ම කරුණක් වන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් අතිශය වගකීම් විරහිතව කි්‍රයා කිරීම’ආර්ථීක ඝාතකයන්ගේ’ තත්ත්වයේ පවතින බව ය. කෙටුම් පත් කරන ලද ‘ජාතික විගණන පනත’ මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ තබා ඇත්තේ මේ පසුබිම තුළ ය.
පනත සිර කිරීමට මූලික හේතුව වී ඇත්තේ, මහජන මුදල් වංචා හෝ අවභාවිත කරන අමාත්‍යාංශ ලේකම්වරුන් අධිකරණය ඉදිරියට පැමිණවීමට අමතරව ඔවුන් විසින් වංචා කරන ලද ධනය ඔවුන්ගේ පෞද්ගලික දේපළවලින් අය කර ගැනීමට ද විගණකාධිපතිට බලය ලැඛෙන පරිදි නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කර තිබීම ය. මේ අතර බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කළ පාර්ලිමේන්තු කෝප් කමිටුවට වාර්තා ඉදිරිපත් කිරීමත්, ඉන් පසුව බැඳුම්කර කොමිසමට වාර්තා ඉදිරිපත් කිරීමත් නිසා ආණ්ඩුවේ ලක‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු ඇමතිවරුන් රැසක් විගණකාධිපතිවරයාට එරෙහිව පසුගිය කාලය පුරා දැඩි ප්‍රහාර එල්ල කර තිබිණි.


ඉන්ද්‍රසිරි ජයසුන්දර