සිතෙහි පවතින රිද්මය

Untitled-1
වෙඩි තියන්න තුවක්කුවක් ඕන නැහැ වාගේම රඟපාන්න කකුලක් ඕනත් නැහැ…
February 14, 2018
කලාව
කලාව පෙළා දේශපාලනය සෙවීම
February 14, 2018
Show all

සිතෙහි පවතින රිද්මය

Untitled-2

කවීන්ගේ වැඩබිමෙහි මොන තරම් නම් දේ වෙත් ද? එහි සීමාවක් නොවේ. ඒ හැම දේ ම නොසලකා කවියෝ කවි ලියති. ඉන් සමහර කවි උපන් ගෙයි ම මිය යන අතර, සමහර කවි ළමා වියේ දී ආයුෂ කෙළවර කර ගනිති. නෙක රෝග ව්‍යාධීන්ට ගොදුරු වෙති. සමහර කවි තරුණ වියට එළැඹ මිය යන අතර, මැදි වියේ දී අකල් මරණයන්ට මුහුණ දෙන කවි ද වෙති. ඉන් බොහෝ කවි සාමාන්‍ය මිනිස් ආයුෂ ද භුක්ති විඳ මිය යන අතර, අල්ප කොටසක් අමරණීයත්වයෙහි සීමාවේ වසති. එසේ වන්නේ කිම ? වඩාත් දිගු ආයු සම්පත්තියක් ලබන්නට නම්, නිරෝගීමත් විය යුතු ය. එපමණක් නොව යම් කිසි මැදුම් පිළිවෙතක් අනුගමනය කළ යුතු ය.
ඒ මන්ද, ලෙඩ රෝගවලින් පමණක් නොව අධි පෝෂණයෙන් මෙන් ම ස්වාභාවික අනතුරුවලින් ද, උනුන් අතර වන කලකෝලාහලවලින් ද මිනිසුන් මිය යන බැවිනි. කවි ද එසේ ම ය.
කවිය වඩාත් නිරෝගීමත් විය යුත්තේ ඒ නිසා ය. එය අත්දැකුම් හීන, දුර්වල බසකින් යුතු මන්දපෝෂණ රෝගියෙකු නොවිය යුතු ය. එපමණක් නොව සාම්ප්‍රදායික ආකෘතිගත අධිපෝෂණය ද කවියකට නුසුදුසු ය. නමුත්, යහපත් වූ, සවි ශක්තිමත් වූ අන්තර්ගතය මෙන් ම වඩාත් යෝග්‍ය වූ ආකෘතියක් කවි සිරුරකට වුවමනා ය. එකී සමබරතාව ඒ සිරුර ප්‍රියමනාප කරනු ඇති. නිරෝගීමත්, ශක්තිවන්ත බව සමාජ පරිසරයට බොහෝ මෙහෙය කරනු ඇත. කවියක් වන්නේ මිනිස් හුස්මයි. කවියක නහරවල මිනිස් ලේ තිබිය යුතු ය. ඒ නිසා ම මිනිස් හදවතේ රිද්මයෙන් තොරව කවියකට පැවැත්මක් ඇතැයි සිතිය නොහැක. මේ රිද්මය කවිය බොහෝ දුර ඈත දී ම සොයා ගත්තේ මිනිස් හදෙහි ක්‍රියාකාරකම පරිසර රිද්මයට සමපාත කිරීමෙන් විය යුතු ය. ඒ ඒ ජන සංස්කෘතික ක්‍රියාකාරකම්වල රිද්මය කවිවල කැටපත් වූයේ ඒ නිසා විය යුතු ය. රිද්මය පිළිබඳව ආසියාතික රටවල උදවියට ඇත්තේ ඉතා ළඟ නෑකමකි. නමුත්, බටහිර රටවල පවා කවීන්ගේ වැඩබිම රිද්මයෙන් පෝෂණය වෙයි. පේළි 14කින් යුතු ‘සොනට්’ නම් වූ කවි ක්‍රමය මුලින් ම හඳුන්වා දෙන්නේ දාන්තේ සහ ෆ්‍රැන්සිස්කෝ පෙට්රා නමැති ඉතාලි ජාතික කවීන් විසිනි. පසුකාලීනව ශේක්ෂ්පියර් වැනි කවීන් විසින් මෙම ක්‍රමය අත්හදා බලන ලද්දේ ය. සොනට්හි පාවිච්චි කරන රිද්මය හඳුන්වා තිබුණේ ‘ඇසැම්බික් මීටර්’ යනුවෙනි. එසේත් නැත් නම්, ‘ඇසැම්බික් පුට්ය’න නමිනි. මාත්‍රා දෙකක රිද්මයක් ලෙස පළමුව කෙටි මාත්‍රාවක් සහ දෙවනුව දීර්ඝ මාත්‍රාවක් ලෙස පවතින රිද්මයකි.
උදාහරණයක් ලෙස දහ අට වැනි සොනට් එකේ දැක්වෙන ආකාරය පෙන්වා දිය හැකි ය.
So long/As men/can breathe
Or eyes/can see
So long/lives this/and life to theeSo long/As men/can breathe
Or eyes/can see
So long/lives this/and life to thee

ඇරැව්වල අනුර ගුණතිලක කවියා විසින් සම්පාදනය කළ’සඳැස, විරිත සහ අරුත’ කාව්‍යයේ මෙසේ කවියේ රිද්ම ලක‍ෂණ පිළිබඳව සොයන්නට උපකාර වන නූතනයේ පළ වූ කදිම කෘතියකි. ගී විරිත්, මාත්‍රා පිළිබඳව පමණක් නොව කවියේ සාම්ප්‍රදායික ලක‍ෂණ ආදිය ද පිළිබඳ සිදු කළ කදිම සොයාබැලීමකි. මෙය කවි ලියන අය පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් වන්නේ අප පැරැණි කවීන් කවියක රිද්ම ලක‍්ෂණ පිළිබඳ කෙතරම් විශේෂතාවක් දක්වා ඇත් ද යන කාරණය සොයාබැලීමට පමණක් නොවේ. භාෂාවක රැඳවුණු රිද්ම ලක‍ෂණ කොතරම් ද? තවත් කොතරම් තිබිය හැකි ද යන්න පවා අවබෝධ කර ගැනීමට ය. ආකෘතිගත වන තැන්වල දී පමණක් නොව එසේ නොවන තැන්වල දීත් භාෂාවේ වන රිද්මය සොයනවා යනු අප විසින් අප සිතේ පවතින රිද්මය සොයන්නට උත්සාහ ගන්නවා වැනි වූත් කාරණයක් නිසාවෙනි.
‘මිනිස් පුරයෙහි’පසුගිය
දාක අප විසින් ලියන්නට යෙදුණු ‘මානව සලකුණු සොයා යාම’ නම් වූ සටහනට අනුව ශී්‍ර ලංකාවේ අම්බලම් පිළිබඳ විස්තර එවූ ආදරණීය පාඨකයන් රැසකි. ඒ අතුරින් ඉතා වටිනා තොරතුරු රැසක් එවූ නමක් සඳහන් නොකළ පානදුරේ හිතවතා ද, කීර්ති කුමාරසිංහ හිතවතා ද, කුරුණෑගල ආර්. එම්. බන්දුල රාජපක‍ෂ සහෘදයා ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.