ගෝඨා මිසිං…

ඩඩ්ලි, ගෝඨා
ජනතාවට පිටුපා බලයට දත නියවීම…
February 20, 2018
ranil
රනිල් මහින්ද එකතුවෙන් මෛත්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්
February 26, 2018
Show all

ගෝඨා මිසිං…

gota

මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඇමෙරිකාවේ සිට මෙරටට යළි පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ මාධ්‍ය හමුවේ පෙනී සිටීමෙන් පසුව මේ වන තුරු බරපතළ නිහඬතාවයක ගිලී සිටීම පිළිබඳව විවිධ අංශ සැක මතු කරන අතර, ඒ සම්බන්ධ විවිධ ප්‍රචාර ද පැතිර යමින් තිබේ.
දේශපාලන ආරංචිමාර්ග හෙළි කරන්නේ, ප්‍රතිඵල නිකුත් කෙරෙන අතර රට පුරා මහින්දගේ පොහොට්ටු පක්‍ෂය විශාල ජයග්‍රහණයක් ලබා ඇති බව මුල දී ම ප්‍රචාරය වීමත් සමඟ ආණ්ඩු බලය පිහිටු වීමේ අපේක්‍ෂාවෙන් ඔහු මෙරටට පැමිණි බව ය. නමුත්, අවසන් විග්‍රහයේ දී ඡන්දවලින් සියයට 45ක් ලබාගෙන පසුබෑමක තිබූයෙන්, ඔහුගේ සැලැසුම් අවුල් වීම නිසා නිහඬ වී ඇති බවයි.
මෙයට වෙනස් කරුණුවලින් හෙළි වන්නේ, මැතිවරණයෙන් පසුව පොහොට්ටු පක්‍ෂයේ විශාල ජයග්‍රහණයක් නොතිබීම තුළ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තිබෙන බරපතළ මතගැටීම හමුවේ ගෝඨා කැළඹීමට පත්ව නිහඬව ඇති බව ය. කෙසේ වෙතත්, බලය ලබා ගැනීම පිළිබඳ ලොකු විශ්වාසයකින් මෙරටට පැමිණි ගෝඨාභයගේ නිහඬතාවය සුළු කොට නොතැකිය යුතු බවට අදහස් දක්වන පිරිස් ද සිටිති. අගමැති ධුරය හිමි වන්නේ නම්, ඇමෙරිකානු පුරවැසි භාවය අත්හැරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.


ප්‍රියදර්ශන දයාරත්න