නැවෙන් ආරම්භ වූ කාන්තා රෙස්ලිං

ටටටටටටටටටටට
මාරියාගේ සබඳතාව දෙදරයි
March 20, 2018
යයයයවවව
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ නොසැලකිල්ල නිසා විනාශ වන මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණය
March 20, 2018
Show all

නැවෙන් ආරම්භ වූ කාන්තා රෙස්ලිං

යයයයයයයයයයය

මේ වන විට ලොව ජනප්‍රියතම ක්‍රීඩාවක් ලෙස ‘රෙස්ලිං’ ක්‍රීඩාව හැඳින්විය හැකිය. අනෙකුත් බොහෝ ක්‍රීඩාවන්වලදී මෙන්ම රෙස්ලිං ක්‍රීඩාවද මුල් යුගයේදී පිරිමි පාර්ශ්වයට පමණක් සීමා වූ එකක් විය. එහෙත්, මේ වන විට කාන්තා පාර්ශ්වයද බහුලව රෙස්ලිං ක්‍රීඩාවේ නිරත වේ.
කාන්තා රෙස්ලිං ක්‍රීඩාවේ ආරම්භය 1911 තරම් ඈත අතීතයකට දිව යයි. 1911දී ඇමෙරිකානු නැවක සේවය කළ බර්තා රැප් නම් කාන්තාව විසින් තමන් හා සටනට එන ලෙස නැවේ සිටි හැඩිදැඩි පිරිමි සේවකයන්ට අභියෝග කළාය. ඇයගේ අභියෝගය පිළිගත් හැඩිදැඩි පිරිමි කිහිප දෙනෙක්ම ඇය හමුවේ පරාජය වූහ. කාන්තාවන්ටද රෙස්ලිං ක්‍රීඩාවේ නිරත විය හැකි බවට සංකල්පයක් ඇමෙරිකානු සමාජය තුළ ඇති වූයේ ඉන්පසුවය.
එහෙත්, කාන්තාවන්ට මෙය උචිත ක්‍රීඩාවක් දැයි සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. ඊට හේතුව රෙස්ලිං ක්‍රීඩාව කාන්තා ලාලිත්‍යයට එරෙහි දෙයක් යැයි සමාජය තුළ මතයක් පැවතීමයි. මේ නිසා මුල් යුගයේදී මේ සඳහා යොමු වූයේ හැඩිදැඩි කාන්තාවන් පමණි. මේ නිසාම එකල මෙය හඳුන්වනු ලැබුවේ කටමැත දොඩන මස් පරුවත වැනි විරූපී ගැහැනුන්ගේ ගුටිකෙළියක් ලෙසය.
එහෙත්, මේ වන විට මෙම මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, සිහින් සිරුරක් සහිත සුරූපී නිරූපිකාවන් පවා රෙස්ලිං ක්‍රීඩාවට යොමු වී ඇත. මේ සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු වීමට ප්‍රධාන හේතුවක් වූයේද ක්‍රිස්ටීන් ටෙනී, දීවාතික්කි වැනි ලොව සුපිරි මෝස්තර නිරූපිකාවන් මේ සඳහා යොමු වීමය.
පළමු වරට කාන්තා රෙස්ලිං ශූරතා තරගයක් පවත්වා ඇත්තේ, 1956 සැප්තැම්බර් 15 වැනිදා ඇමෙරිකාවේ ෆැබ්ලූයස් චූලා සහ ජූඩ් ග්‍රැබ්ල් අතරය. මෙයින් චූලාට ජය හිමි විය. එහෙත්, ජාතික මට්ටමෙන් පැවති මුල්ම කාන්තා රෙස්ලිං තරගය ලෙස බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලබන්නේ 1989දී පැවති තරගාවලියයි.


එස්.පී. කුමාර