හොරුන්ට සක්විති කිරුළ

මිත්‍යාවෙන් යට කරන කාන්තාවගේ විමුක්තිය
March 20, 2018
Untitled-1
දියට හඩන රුක්මල්ගම
March 20, 2018
Show all

හොරුන්ට සක්විති කිරුළ

slpp with slfp

ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජී.එල්. පීරිස්ගේ පක්ෂය අතර මේ වන විට පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථක වෙමින් තිඛෙන බව අනාවරණය වන අතර, මෙම තත්ත්වය තුළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිශ්චිතව හඳුනාගෙන ඇති මූල්‍ය අපරාධකරුවන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග නොගනු ඇති බව තහවුරු වී තිබේ. මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිෂන් සභාව රාජ්‍ය ආයතන 34ක මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම් හඳුනාගෙන දණ්ඩනීති සංග්‍රහය යටතේ චූදිතයන් අධිකරණය ඉදිරියට පැමිණැවිය හැකි බව නිර්දේශ කර තිබේ. මේ අනුව පර්සි මහේන්ද්‍ර රාජපක‍්ෂ, බැසිල් රාජපක්ෂ සහ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් තිදෙනෙකු ඇතුළු චූදිතයන් රැසක් හඳුනාගෙන ඇත. ඉතා පැහැදිලිව රාජ්‍ය ආයතනවල මහජන මුදල් සහ සම්පත් අවභාවිතය සම්බන්ධ කරුණු මොවුන්ට විරුද්ධව තහවුරු වී තිබේ.
එසේ තිබියදී මොවුන් එක් වී පිහිටුවාගෙන තිඛෙන පක්ෂය සහ ජනාධිපතිවරයා නායකත්වය දෙන සංවිධාන අතර මූලික එකඟතා හතරක් යටතේ ඉදිරි දේශපාලන කි්‍රයාමාර්ග දියත් කිරීමට එකඟ වී තිබේ. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දෙපිරිස එක්ව කටයුතු කිරීම, මැයි දිනය ඒකාබද්ධව පැවැත්වීම, ඉදිරි පළාත් සභා මැතිවරණයට දෙපිරිස එක්ව තරග කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකු තෝරා ඉදිරිපත් කිරීම යන කරුණුවලට එකඟව ඊට අදාළ සැලසුම් සකස් කිරීමට තීරණය කර තිබේ.
පසුගිය සතියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හමු වී සෘජුව සාකච්ඡා කිරීමෙන් පසුව ඉතා පැහැදිලි එකඟතාවකට පැමිණ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා දෙපිරිසම නියෝජිත කමිටුවක්ද පත් කර ඇති බව අනාවරණය වේ.


ලංකා මාරසිංහ