විශ්වාස භංගයට තියුණු සටනක්!

0000
පරම්පරාවක මතකය කතන්දරකරුවෙකුගේ ඇසින්…
March 28, 2018
cima-logo
මිලියන 1750ත් මදි වී සේවකයන් පන්නන CIMA
April 2, 2018
Show all

විශ්වාස භංගයට තියුණු සටනක්!

partluikjg

අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව කතානායකවරයාට භාර දී තිඛෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තියුණු සටනක් නිර්මාණය වෙමින් පවතින බව අනාවරණය වේ. විශ්වාස භංග යෝජනාව භාර දීමත් සමඟ එක්සත්ජාතික පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ තුළ පවා කැළඹීමක් ඇති වී තිඛෙන බවට කරුණු හෙළි වේ. කතානායකවරයාට මෙය බාර දීමේදී අත්සන් පනස් පහක් එකතු වී තිබූ අතර ඉන් හතරක් ආණ්ඩුවේ ශ්‍රී ලනිප ඇමතිවරුන්ගේය. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු පනස් දෙකක්ද ආණ්ඩුවේ කටයුතු කරන ශ්‍රී ලනිප පිරිස හතලිස් පහක්ද වේ. එක්සත් ජාතික පක්ෂයට මැති ඇමතිවරු එකසිය හයක් සිටිති. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව දහසයක්ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙක්ද සිටින අතර ඔවුන්ගේ ස්ථාවරය ඡන්ද විමසීමේදී තීරණාත්මක වී තිබේ. ජවිපෙ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. නමුත් දෙමළ ජාතික
සන්ධානයේ ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නැත. මේ අතර විසි දෙවෙනිදා හදිසියේ රැස්වූ එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් අත්සන් කිරීම අරඹා තිබිණි. පුවත්පත මුද්‍රණයට යන අවස්තාව වන විට වාර්තා වූයේ ඊට අත්සන් අසූ හයක් ලැබී තිබුණු බවය. මෙම සහය පළ කිරීමට අත්සන් තැබීම හෝ නොතැබීම පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේ පක්ෂ වීම හෝ නොවීමට හේතුවක් නොවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර, දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ කළු සල්ලි විශාල ප්‍රමාණයක් මත විකිණෙන මන්ත්‍රිවරුන් ඉදිරි සති කීපය තුළ හඳුනා ගත හැකි වනු ඇති බවයි.


ලංකා මාරසිංහ