බ්‍රිතාන්‍යයෙන් කොක්කක්

සැලිස්බරි ප්‍රදේශයේදී හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකුට වස දීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිතා කළේ කෙසේ දැයි පැහැදිලි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු රටින් පිටුවහල් කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසයි. ‘හෙළිදරවු නොකළ රහස් ඔත්තු නිලධාරීන්’ ලෙසින් හඳුනාගන්නා ලද එම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස සතියක් ඇතුළත රටින් පිටවිය යුතු බවද අගමැතිනිය සඳහන් කළාය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන මෙන් රුසියාවේ විදේශ ඇමතිවරයාට කර තිබුණ ආරාධනයක් අවලංගු කළ අගමැතිවරිය, බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයෙකු මේ වසර අගදී රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ජගත් කුසලානයට සහභාගි නොවන බවද සඳහන් කළාය.