අධ්‍යාපන ලොක්කන්ගේ සුපිරි සාදය ලංකා හෙළිදරව්වෙන් නවතී

මහවැලියේ රැකියා
මහවැලියේ රැකියා ප්‍රෝඩාවක්
April 3, 2018
උපාධිධාරීන්
දකුණු, මධ්‍යම උපාධිධාරීන් එකම දිනක රැකියා සටනේ
April 3, 2018
Show all

අධ්‍යාපන ලොක්කන්ගේ සුපිරි සාදය ලංකා හෙළිදරව්වෙන් නවතී

වසන්ත මො

මධ්‍යම පළාතේ කලාප අධ්‍යක්ෂ නිලධාරීන් සඳහා දඹුල්ල – කණ්ඩලම තරුපහේ හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි සාදය අවලංගු කර ඇතැයි වාර්තා වේ.
මෙම සුපිරි සාදයේ බරපැන සොයා ගැනීම සඳහා ගලේවෙල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් හා නිලධාරීන් විසින් ව්‍යාපාරිකයන් හමුවී හිඟමන් යදිමින් සිටින බවට ලංකා පුවත්පත මගින් කළ අනාවරණයෙන් පසු ඉකුත් 24 වෙනි දින පැවැත්වීමට තිබූ එම සාදය මෙසේ අවලංගු කර ඇත.
මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන නිලධාරීන් සඳහා අදාළ සාදය දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ හෝටලයක පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබිණි.
මෙම සාදය සඳහා රුපියල් දෙලක්ෂයක පමණ මුදලක් වැය වෙතැයි උපකල්පනය කර එම මුදල සොයා දෙන ලෙස කලාපයේ ඉහළ නිලධාරිනියක් විසින් කලාපයේ සේවය කරන තම හිතවත් විදුහල්පතිවරුන්ට හා තම කාර්යාලයේ නිලධාරීන්ට ලබා දී තිබූ උපදෙස් මත ඔවුන් තම රාජකාරිය හා තම අභිමතය පසෙක තබා දඹුල්ල හා ගලේවෙල නගරයන්හි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හමු වී මුදල් සෙවීමට සිඟමන් යැදීම පිළිබඳ මෙලෙස ‘ලංකා’ පුවත්පතින් අනාවරණය කෙරිණි.


වසන්ත මොහොට්ටාල