ආබාධිත ක්‍රීඩකයන්ට ඉන්දියාවේදී කැපිල්ලක්…

ත්‍රිහෙනාඑ
ක්‍රීඩාංගන සේවකයෙකුගේ අවනඩුව
April 3, 2018
ක්‍රි'ාටබේරඑහම
කළු හමක් කළ හදිය
April 3, 2018
Show all

ආබාධිත ක්‍රීඩකයන්ට ඉන්දියාවේදී කැපිල්ලක්…

ක්‍රීිරයර්ැ

ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියක් වන ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා පැවැත්විණි. මෙවර එය පවත්වනු ලැබුවේ 18 වැනි වරටය. මෙය පැවැත්වූයේ ‘නායුදේවී ලාල්’ ක්‍රීඩා සංකීර්ණයේදීය. මෙවර 2,000කට වැඩි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූ බවට වාර්තා වේ.
කෙසේ වෙතත්. මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳව තරගාවලියට සහභාගී වූ බොහෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තුළ එතරම් පැහැදීමක් නොමැති බවයි, වාර්තා වන්නේ. පැරා ඔලිම්පික් මෙන්ම පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළවලදී පදක්කම් ජයග්‍රහණය කළ දීපා මලික්, අමිත් සරෝහා, ස්වර්ණ රාජ්, සෝනු රවාට් වැනි සුපිරි ක්‍රීඩික, ක්‍රීඩිකාවන් රැසක්ම මේ පිළිබඳව තම අප්‍රසාදය එල්ල කර තිබිණි.
ඔවුන් පවසන්නේ මෙවැනි පැරා ඔලිම්පික් තරගාවලියකදී අත්‍යවශ්‍යම උපකරණය වන රෝද පුටු ප්‍රමාණවත් පරිදි සපයාදී නොතිබූ නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වූ බවය. 2,000කට අධික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිසක් සඳහා රෝද පුටු ලබා දී ඇත්තේ, 30ක් පමණි. නාන කාමර (Wash Room) අසල පැය දෙකකටත් වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදු වූ බවත් ඔවුහු පවසති. එපමණක්ද නොව ලබා දුන් ආහාරද නිසි ලෙස සකස් කර නොතිබූ බවත්, නිදා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද ප්‍රමාණවත් පරිදි සපයාදී නොතිබූ බවයි, ඔවුන් විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ නිසා ඉන්දීය රජය මෙන්ම ජාතික පැරා මලල ක්‍රීඩා සංගමය පැරා මලල ක්‍රීඩා තරගාවලි පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.


දර්ශන දිද්දෙණිය