ඉරාක යුද්ධයේ සිට පහළොස් වසරක්

අප්‍රේල් විරුසමරුව
’71’ අභිමානවත් පරපුරක මතකය
April 3, 2018
හිරේ
බොරු කිව්වොත් හිරේ
April 3, 2018
Show all

ඉරාක යුද්ධයේ සිට පහළොස් වසරක්

130318-iraq-war-anniversary-lisa_e3gxy0

අදට වසර පහළොවකට පෙර, 2003 මාර්තු 21 වන දින රාත්‍රියේ, එක්සත් ජනපද හා බ්‍රිතාන්‍යයේ සන්නද්ධ හමුදා, පුද්ගලයන් මිලියන 26කින් යුත් රටක් වන ඉරාකය තුළ නීතිවිරෝධී ආක්‍රමණයක් ඇරඹූහ. ඉරාක නගර මත බෝම්බ හා මිසයිල වර්ෂාවක් පතිත කිරීම ඇරඹීමත්, එමෙන්ම යුද ටැංකි හා සන්නද්ධ රථ කුවේටයේ දේශසීමා පසු කිරීමත් සමඟ, එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ආක්‍රමණකාරී යුද්ධයක් දියත් කළේය. අද ලෝක දේශපාලනය හැඩ ගස්වනු ලබන්නේ එහි විනාශකාරී ප්‍රතිවිපාක විසිනි.
අද වන විට ඉරාකයට සමානම විනාශයක් සිරියාව, ලිබියාව හා යේමනයට පැමිණ ඇත්තේ, බුෂ්ගේ අනුප්‍රාප්තික බැරක් ඔබාමා විසින් එක්සත් ජනපද ආක්‍රමණය ඉදිරියට ගෙන යාමේ හා ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය හා උතුරු කොරියාව මෙම ලැයිස්තුවට එකතු කිරීමට තර්ජනය කරයි.
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන කටයුතු පිළිබඳ වොට්සන් ආයතනය විසින් අනුග්‍රහය දැක්වුණු, යුද ව්‍යාපෘතියේ වියදම් පිළිබඳ අඛණ්ඩ අධ්‍යයනයකට අනුව, ඉරාක හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ එක්ව සෘජුව පුද්ගලයන් 370,00ක්ද වක්‍රව 800,000ක්ද ඝාතනය කර ඇත. මරණ අනුපාත අධ්‍යයන හා අනෙකුත් මහජන සෞඛ්‍ය මිනුම් මත පදනම් වූ, අනෙකුත් ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව මිලියන 2.4ක් තරම් ඉහළ තැනක තබයි.
ජනාධිපති බුෂ් හා බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් ඉරාක යුද්ධය දියත් කරන ලද්දේ දැනුම්වත් හා අතිශයින් නින්දිත බොරු මතය. ඉරාක ජනාධිපති සදාම් හුසේන් සතුව ලෝක ජනතාවට තර්ජනය කරන ‘ජනඝාතක අවි’ මෙන්ම නිව්යෝර්ක් හා වොෂින්ටන් නගර මත ත්‍රස්ත ප්‍රහාරය ගෙන ගිය, ඔසාමා බින්ලාඩන්ගේ අල් කයිඩා ව්‍යාපාරය ඊට අත්තටු ලබා දුන්නේය.
එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රචාරකයන් හොඳින්ම දැන සිටි පරිදි, සත්‍ය වන්නේ 1980 ඉරාන – ඉරාක යුද්ධය අතරතුරදී එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් විසින් ඔහුට සපයන ලද ප්‍රාථමික රසායනික අවිවලට වඩා වැඩි අවි හුසේන්ට කොහෙත්ම නොතිබූ බවයි. ඔහුගේ ප්‍රාථමික න්‍යෂ්ටික වැඩසටහන මුලුමනින්ම වසා දමා තිබුණේ එක්සත් ජනපද හා එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂණය යටතේය.
කෙසේ වෙතත් යුද්ධයේ සැබෑ අරමුණ වූයේ, ඉරාකයේ තෙල් සම්පත්වල පාලනය අල්ලා ගැනීම හා ලෝක තෙල් අපනයනයේ වැඩි පංගුවේ මූලාශ්‍රය වන මැද පෙරදිග එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට ප්‍රමුඛ මූලෝපායික තත්ත්වයක් අත් කර ගැනීමට මෙන්ම ඒ මගින් යුරෝපය හා ආසියාවේ තම ප්‍රධාන තරගකරුවන්ගේ තෙල් ජීවනාලය මත වොෂින්ටනයට දැඩි ග්‍රහණයක් ලබා ගැනීමයි.
ජාත්‍යන්තර නීතිය සම්බන්ධ කාරණයක් ලෙස ගන්නා විට, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඉරාකය ආක්‍රමණය කිරීම සාපරාධී ක්‍රියාවකි. ස්වාධීන රාජ්‍යයක් වන ඉරාකයේ අයිතීන් අයුක්ති සහගතව උල්ලංඝනය කිරීමකි. හොලෝකෝස්ටය ඇතුළුව බොහෝ වෙනත් අපරාධ ගලා ඒමට මග පෑදුවා වූ, යුද්ධය සැලසුම් කිරීම හා දියත් කිරීම නාසීන්ගේ අග්‍රතම අපරාධය බව ප්‍රකාශ කළ, න්‍යුරෙම්බර්ග් අධිකරණයේදී නියම කෙරුනු මූලධර්ම යටතේ, බුෂ්, බ්ලෙයාර්, උප ජනාධිපති චේනී හා කොලින් පවෙල්, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, කොන්ඩලීසා රයිස් වැනි සාහයකයන්ට යුද අපරාධකරුවන් ලෙස නඩු පවරා, ඔවුන්ගේ සෙසු ජීවිත කාලය හිරේ දැමිය යුතුව තිබුණි.
එහෙත් එම සිදුවීමෙන් වසර පහළොවක් ගත වී ඇති මේ මොහොත වන විටත් ඒ කිසිවක් සිදු වී නොමැත.


චතුර දිසානායක