කළු හමක් කළ හදිය

ක්‍රීිරයර්ැ
ආබාධිත ක්‍රීඩකයන්ට ඉන්දියාවේදී කැපිල්ලක්…
April 3, 2018
මී මන්දාවේ තවත් සොඳුරු කතාබහක්…
April 4, 2018
Show all

කළු හමක් කළ හදිය

ක්‍රි'ාටබේරඑහම

මත් ද්‍රව්‍යවලින්, අවි ආයුධවලින් සහ වස විෂවලින් කිසි දිනක සමාජයට යහපතක් සිදු වන්නේ නැත. ඒවා නිපදවා ඇත්තේම මිනිසා සහ සමාජය විනාශ කිරීමේ අරමුණින් යුතුවමය. මේවාමෙන් අපට භෞතිකව නොපෙනුණද, ජාතිවාදය, ආගම්වාදය, වර්ණභේදවාදය වැනි දෑවලින් සමාජයට සිදු වන්නේ ද විනාශයක්ම මිස අන් කිසිවක් නොවේ. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ අප රටෙන් මෙන්ම වෙනත් රටවලින්ද ගෙනහැර දැක්විය හැකිය. මෙහි අවාසනාවනතම සිදුවීම වන්නේ විවිධ ජාතීන් අතර මෙන්ම රටවල් අතර ද සහයෝගීතාව, සහජීවනය වර්ධනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම පැවත එන ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ද මෙවැනි සිදුවීම් සිදු වීමය.
මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස අපට සඳහන් කළ හැක්කේ දකුණු අප්‍රිකාවය. කලක් දකුණු අප්‍රිකාවට වර්ණභේදවාදය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට පවා සිදුවිය. මේ සූදානම් වන්නේ ඒ සඳහා හේතු වූ ප්‍රධානතම කරුණක් පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමටය. මෙහි කතානායකයා වන්නේ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ කළු ජාතික කි්‍රකට් ක්‍රීඩකයකු වන බැසිල් ඩී ඔලිවේරාය.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී උපත ලැබූ බැසිල් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දැක් වූ අයෙකි. වයසින් වැඩෙනවා හා සමානවම ඔහුගේ ක්‍රිකට් හැකියාවද දිනෙන් දින වැඩෙන්නට විය. කෙතරම් දක්ෂයකු වුවද, ඔහුට දකුණු අප්‍රිකානු පළමු පෙළ තරගාවලියකට හෝ ජාතික සංචිතයකට හෝ කිසිම දිනක ඇතුළු වීමට හැකියාව ලැබුණේ නැත. ඊට හේතුව ඔහුට සුදු හමක් නොතිබීමය. එකල එම සියලුම වරප්‍රසාද හිමිව තිබුණේ සුදු ජාතිකයන්ට පමණි. මේ නිසාම ඔහු එංගලන්තයේ පදිංචියට යාමට තීරණය කළේය.
අනතුරුව එංගලන්තයේ වූස්ඩිටර්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු එහිදී ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1966දී එංගලන්ත ජාතික කණ්ඩායමට දොරටුව විවෘත කර ගැනීමට ඔහුට හැකි විය. කාලය මෙසේ ගෙවී යද්දී 1968-69 එංගලන්ත කණ්ඩායමේ දකුණු අපි්‍රකානු සංචාරයේ අවස්ථාව උදා විය. මෙම සංචාරය සඳහා මුලින් බැසිල්ගේ නම ඇතුළත්ව නොතිබුණද, හදිසියේම ක්‍රීඩකයකු ආබාධයකට ලක් වීම නිසා ඔහු සංචිතයට ඇතුළත් කළේය.
බැසිල් එංගලන්ත කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාවට පැමිණීම පිළිබඳව එවකට දකුණු අප්‍රිකානු අගමැති බී.ජේ. වෝර්ස්ටර් දැඩි විරෝධය දැක් වූ අතර, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයටද දැඩිව දෝෂාරෝපණ එල්ල කළේය. මෙම ගැටුමේ අවසන් ප්‍රතිඵලය වූයේ අගමැති වෝර්ස්ටර් විසින් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අවලංගු කර දැමීමය. මේ සියල්ලටම හේතුව වූයේ බැසිල් සුදු ජාතිකයකු නොවීමය.
මුළු ක්‍රිකට් ලොව උඩුයටිකුරු කළ මෙම සිද්ධිය අවසන් වූයේ දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ සාමාජිකත්වය අහිමි වීමෙනි. අනතුරුව ඔවුහු ඉතා ඉහළ මුදල් ගෙවා වෙනත් රටවල්වලින් ක්‍රිකට් කණ්ඩායම් ගෙන්වාගෙන නිල නොවන ක්‍රිකට් තරගවල නිතර වූහ. මෙම යුගයේදී දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක, බන්දුල වර්ණපුර ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසකටම තම ක්‍රිකට් දිවිය අහිමි විය.


එස්.පී. කුමාර