ක්‍රීඩාංගන සේවකයෙකුගේ අවනඩුව

දුම්රිය ගාස්තු
දුම්රිය ගාස්තු වැඩි කිරීම අසාධාරණයි
April 3, 2018
ක්‍රීිරයර්ැ
ආබාධිත ක්‍රීඩකයන්ට ඉන්දියාවේදී කැපිල්ලක්…
April 3, 2018
Show all

ක්‍රීඩාංගන සේවකයෙකුගේ අවනඩුව

ත්‍රිහෙනාඑ

නම : කේ. එම්. පී. ජී. පියරත්න බණ්ඩා
පදිංචිය : මහනුවර
රැකියාව : ගබඩා සහායක, බෝගම්බර ක්‍රීඩාංගණය

‘පසුගිය මාර්තු මස 05 වැනිදා මම දවල් කෑම කාලා වාඩි වෙලා ඉඳිද්දී අපේ ආයතනයේම වැඩ කරන ඩබ්ලිව්. වී. මහින්ද මට එයාගේ කාමරයට පොඩ්ඩකට එන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කාමරයට ගියාම මහින්දයි, ටී. එම්. අභයසිංහයි එකතු වෙලා ටී ෂර්ට් එකකින් මුහුණ වහලා මට පහර දුන්නා. ඊට පස්සේ තීන්ත බාල්දියකුත් මගේ ඇඟට හැලුවා. ඊට පස්සේ මම කෑ ගහනකොට ක්‍රීඩාංගණයේ තිබුණු ක්‍රීඩා උලෙළකට ආපු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් කිහිප දෙනෙක් තමයි, ඒක නැවැත්තුවේ. මට තේරුණ විදියට නම්, පොල්ලකින් තමයි, ගැහැව්වේ.
‘ඊට පස්සේ මම මහනුවර පොලිසියට ගිහින් පැමිණිලි කළාම ඔවුන් මට තුණ්ඩු කෑල්ලක් ලියලා දීලා කිව්වා, රෝහලට යන්න කියලා. පස්සේ මම මහනුවර රෝහලට ගියා. ඒකෙ එකොළොස් වැනි වාට්ටුවෙ දවස් හතරක් නතර වෙලා මට ප්‍රතිකාර ගන්න සිද්ධ වුණා. මගේ ඛෙල්ල කළුතලා වැටිලා තියෙන්නේ. ඒක ඔපරේෂන් කරන්න වෙයි කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, කන් අඩිය පිපිරිලා කන ඇහෙන්නෙත් නැහැ. එතනදී රෝහල් පොලිසිය මගෙන් කටඋත්තරයක් ලියා ගත්තා.
‘මම සනීප වෙලා ගෙදර ගිහින් ආයෙත් මහනුවර පොලිසියට ගියා මේ ගැන පැමිණිලි කරන්න. එතනදී පොලිසියෙන් කිව්වා, ආයතනයෙන් පරීක්ෂණයක් කරනකම් අපට මොකුත් කරන්න බැහැ කියලා. ඊට පස්සේ මම 2015 මාර්තු 12 වැනිදා ක්‍රීඩා අමාත්‍යතුමාට සහ අපේ ආයතනයේ සභාපතිතුමාට ලිඛිතව මේ ගැන දන්වලා ඉල්ලීමක් කළා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඒත් අද වෙනකම් කිසිම පරීක්ෂණයක් කළේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ මේක යටගහන්නයි.
‘මම පසුගිය ‘හජ්ජි’ උත්සව දවසෙත් වැඩ කළා. අපේ ආයතනයෙන් කිව්වා, එදිනට අදාළ අතිකාල දීමනාව දෙන්න බැහැ කියලා. ඊට පස්සේ මම මහනුවර දිස්ත්‍රික් කම්කරු උසාවියේ නඩුවක් දැම්මා. අන්තිමේදී කම්කරු උසාවිය නියෝගයක් දුන්නා මගේ අතිකාල දීමනාව ලෙස රුපියල් 547.68ක් ගෙවන්න කියලා. එම නඩුව යන අතරතුරදී අපේ ආයතනයේ කළමනාකාරතුමිය මට කිහිප වතාවක්ම බලපෑම් කළා නඩුව ඉල්ලා අස් කර ගන්න කියලා. මම ඒකට එකඟ වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, පසුගිය වසරට අදාළව අපට ලැබ‍ෙන්න ඕනෑ බෝනස් මුදල ලබා ගන්නත් අපේ වෘත්තීය සමිති එකතු වෙලා ලොකු අරගලයක් කළා. මේ හින්දා තමයි, මට පහර දෙන්න ඇත්තේ. එදා මහින්දයි, අභයසිංහයි මට පහර දෙන වෙලාවේ හොඳටම මත්පැන් පානය කරලයි හිටියේ. මට පහර දීලා ඉවර වෙලා ඔවුන් දෙන්නම දුවගෙන ගියේ කළමනාකාරතුමියගේ නිල නිවසටයි. හැබැයි, අද වෙනකම් ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙකුවත් අත්අඩංගුවට ගෙන නැහැ.
‘මට අපේ ආයතනයෙන්වත්, පොලිසියෙන්වත් කිසිම සාධාරණයක් ඉටු වුණේ නැහැ. ඒක හින්ද තමයි, මම මේ ගැන මෙහෙම මාධ්‍යයට කරුණු කියන්න තීරණය කළේ. එතකොටවත් මට සාධාරණය ඉටු වෙයිද කියලා බලන්න.’


සමන් රණවක ආරච්චි