ජනපති – අගමැති ගැටුම් ඔඩුදුවයි

සජිත්
සජිත් තීරණාත්මකයි
April 3, 2018
indian_laundry_services___1_by_dawnrosecreation-d2xohnl
ඊයේ ගිලන් රථ – අද රෙදි සේදීම හෙට..?
April 3, 2018
Show all

ජනපති – අගමැති ගැටුම් ඔඩුදුවයි

janapathoi

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇති වී තිඛෙන දේශපාලන මතගැටුම් තව දුරටත් තීව්‍ර වෙමින් තිඛෙන බවට තොරතුරු හෙළිදරවු වෙමින් තිබේ.  ඒ අනුව අග්‍රාමාත්‍යවරයා යටතේ පැවැති ආර්ථීක කළමනාකරණ කමිටුව වහාම අහෝසි කිරීමට ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වැනිදා කටයුතු කරනු ලැබිණි. එම අහෝසි කිරීම සිදු වූ දිනම පැවති කැබිනට් අමාත්‍ය රැස්වීමේදී ආර්ථීක කටයුතු අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා යටතේ පවතින මහවැලි අමාත්‍යාංශයට අයත් විෂය පථයක් වන කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අතිරේක ණය මුදලක් වශයෙන් ඩොලර් මිලියන 16ක් ලබා ගැනීම සඳහා සෞදි අරමුදල සමඟ සම්මුතියකට පැමිණ තිබේ.
එමෙන්ම එම අමාත්‍යාංශයට අයත් විෂයයක් වන සල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීම සඳහා ද ඩොලර් මිලියන 26.1ක මුදලක් ලබා ගැනීම සඳහා මහජන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීමට අග්‍රාමාත්‍යවරයා විසින් කටයුතු කොට තිබේ. මෙම සිදුවීම්වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මහ බැංකුව ආර්ථීක කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් කටයුතු කරනු ලැබිණි. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර දේශපාලන මතගැටුම් තව දුරටත් ඉහළ යමින් තිඛෙන බව පැහැදිලි වන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කර සිටිති.


කිත්සිරි කොඩිතුවක්කු