පක්ෂ කිහිපයක් දෙකඩ වෙයි!

එට්කා වෙනුවෙන් මහ බැංකු
මහ බැංකුව ගැලවීම හා විශ්වාසභංගය
April 3, 2018
yahapalanaya
ජනාධිපතිගේ හා අගමැතිගේ යුද්ධය
April 3, 2018
Show all

පක්ෂ කිහිපයක් දෙකඩ වෙයි!

අපරාධ

අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කර තිඛෙන විශ්වාස භංග යෝජනාවත් සමඟ මේ දක්වා ගොඩනැගී තිබූ දේශපාලන සන්ධාන කීපයක්ම බිඳවැටීමේ තත්ත්වයකට පත්ව තිඛෙන අතර, එක්සත් ජාතික පෙරමුණද ඒ අතර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙසේ බිඳවැටීමේ අනතුරක පවතී. පසුගිය මහා මැතිවරණයට’බුලත් කොළය’ ලකුණින් තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණනාවක් අගමැති රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇති බව මේ වන විට හෙළි වේ. දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ආචාර්ය සරත් අමුණුගම, විජිත් විජයමුණි සොයිසා යන ඇමතිවරුන් මේ අතර පෙරමුණේ සිටින බව හෙළි වේ. ද්‍රවිඩ ජාතික සන්ධානය අගමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබුණද, එහි මන්ත්‍රීවරුන් කොටසක් ඊට විරුද්ධ මතයක සිටින බව අනාවරණය වේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු ඉදිරිපත් කර තිබියදී විපක්ෂයේ සිට අගමැතිට පක්ෂව ඡන්දය දිය නොහැකි බව එම පිරිසගේ ස්ථාවරය වී ඇති බව අනාවරණය වේ. මේ අතර වතු ප්‍රජාව නියෝජනය කරන ඇමතිවරුන් සහ මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් පිහිටුවාගෙන තිඛෙන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයද බිඳවැටීමේ තත්ත්වයක් පවතී. අගමැතිවරයාට විරුද්ධ විය යුතු බව මනෝ ගනේෂන්ගේ ස්ථාවරය වී, පී. දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් ඇමතිවරුන් පක්ෂ විය යුතු බවට මතයක් දරමින් සිටිති. මෙම සන්ධානයට මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇතුළත්ය. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි සහ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දීමට හෝ නිහඩව සිටීමටත්, වසන්ත සේනානායක නියෝජ්‍ය ඇමතිවරයාද එයම අනුගමනය කිරීමටත් නියමිත බව හෙළි වේ. අගමැතිවරයාට විරුද්ධව මන්ත්‍රීවරුන් 27 දෙනෙක් සිටින බව මාධ්‍යයට ප්‍රකාශ කළ රංගේ බණ්ඩාර ඇමතිවරයාද විරුද්ධ නොවී ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකි බව මේ වන විට අනාවරණය වේ.


ප්‍රියදර්ශන දයාරත්න