මානව හිමිකම් උඩ දැමීමේ දේශපාලන සූදුව

බ්‍රිwrgwef
මුහුණ වසා ඇස් රවටා සිදු කළ ආරක්ෂක අමාත්‍යාංශයේ බූට් සපත්තු මගඩිය
April 3, 2018
chandrika-ranil-mythree-400-seithy-news
රනිල්ට වෙනසක් නෑ ලූ !
April 3, 2018
Show all

මානව හිමිකම් උඩ දැමීමේ දේශපාලන සූදුව

මානව හිමිකම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 37 වැනි සැසිවාරය ජිනීවාහිදී පැවැත්වීය. මෙරට වෙනුවෙන් නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා හා විදේශ ඇමති, තිලක් මාරපන මෙන්ම මහින්ද සමරසිංහ ඇතුළු දූත පිරිසක් එයට සහභාගී වූහ. ගෙවී ගිය දශකය තුළ විශේෂයෙන්ම වසරකට දෙවරක් යම් චාරිත්‍රයක් ඉටු කිරීමට පරිද්දෙන් මේ වන්දනා ගමනේ යෙදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නය බ‍ෙදුම්වාදී ත්‍රස්තවාදයකට වඩා ලෝකයේ කතාබහට ලක් වීම ආරම්භ වූයේ යුද්ධය අවසන් කාලයේ සිටය. මේ දක්වා දශකයක් ඉක්මවා ගොස් තිබිය දී එම මාතෘකාව ඉහළ බර තැබීමකින් සාකච්ඡා කෙරෙනවා මිස එය නිම කෙරෙන පාටක් නම් නැත.
මේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයා හමුවේ කෙරෙන සාකච්ඡාව නිම කිරීමේ වැඩිම කාර්යභාරය පැවරී තිබ‍ෙන්නේ අපේ රටේ පාලකයන්ටය. එසේ වුවත්, දිගින් දිගටම දකින්නට ලැඛෙන්නේ එම වගකීම පාලකයන් විසින් ඉටු කරනු වෙනුවට ඔහේ ස්වාභාවිකව වැඩීමට ඉඩදී තිබීමය. අනෙක් පැත්තෙන් පාලකයන්ගේ හුදු බලලෝභී ක්‍රියාමාර්ග හමුවේ වේගයෙන් වැඩීමට ඉඩහැර තිබීමය. මෙවර පැවැත් වූ මානව හිමිකම් සැසිවාරයෙන්ද මේ බව තහවුරු විය. එක් පැත්තකින් ඉතාමත් බරපතළ ලෙස මතු කර තිඛෙන්නේ අධිකරණයේ එකිනෙකට පරස්පර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳවයි. මෑත කාලයේ මෙරට අධිකරණ මගින් ලබා දෙන ලද නඩු තීන්දු සහ ඒවා ක්‍රියාත්මක කළ ආකාර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇති බව අනාවරණය වේ.
මෙහිදී විශේෂ අවධානය යොමු කර තිඛෙන්නේ වර්තමාන ආණ්ඩුවේ හෝ පැවති ආණ්ඩුවේ හෝ ප්‍රබලයන්ට ළඟම සම්බන්ධකම් තිඛෙන සැකකරුවන් හෝ අධිකරණයෙන් දඩුවම් නියම කළවුන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙනි. ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන්ට සමීප සම්බන්ධයක් තිඛෙන පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කළහොත් හෝ වැරදිකරුවන් කර දඩුවම් නියම කළහොත්, පැය කීපයකින් හෝ දිනක්, දෙකක් ඇතුළත බන්ධනාගාර රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් බරපතළ ලෙස අවධානය යොමු කර තිබේ. අධිකරණයෙන් දඩුවම් නියම කළ අයවලූන්ද යළි අධිකරණයෙන් ඇප ලබා පිට වීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කර තිඛෙන බව හෙළි වේ. එසේ වුවත්, තවත් පිරිසකට අධිකරණයෙන් දඩුවම් නියම කිරීමට පෙර නඩු විභාග අතරදී හෝ ඇප ලබා නොදීම දක්වා ඇත. අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංග අධිකරණයෙන් දඩුවම් නියම කර තිබියදීද ඇප ලබා දීම නිදර්ශන ලෙස දක්වා තිබේ. අනෙක් පැත්තෙන් රවිරාජ්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින ආරක‍ෂක අංශ අයවලුන් කෙරෙහි ළිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් එම පරීක්ෂණ ප්‍රමාද කිරීමත් සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කනස්සල්ල පළ කර තිබේ.
අධිකරණයේ දෙබිඩි කි්‍රයා පිළිවෙත සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් හෙළි කර තිඛෙන්නේ එයින් මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන ආකාරය පිළිබඳවයි. මේ වැනි තත්ත්වයකට අධිකරණය පත් කර තිඛෙන්නේ හවුල් ආණ්ඩුවේ බලය රැක ගැනීම සඳහාය. අනෙක් පැත්තෙන් රට තුළ ජාතිවාදී ප්‍රචණ්ඩ කි්‍රයා මුදාහැරීමට අවකාශ ඉතිරි කිරීම පිළිබඳවද මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු කර තිබේ. ගිංතොට ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් ජන ප්‍රජාවන් අතර ගැටුම් ඇති කිරීම, මඩකලපුව ප්‍රදේශයේ දෙමළ, මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇති කිරීම මෙන්ම අම්පාර සහ දිගන ප්‍රදේශවලදී ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීම සම්බන්ධයෙන්ද කොමිසමේ දැඩි අවධානය යොමු කර වාර්තා සකස් කර ඇත.
වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත් වීමේදී ජනතාවට ලබා දුන් පොරොන්දු අතර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමත්, මානව හිමිකම් සුරක්ෂිත කර අතීතයේදී වැරදි කළවුන්ට දඩුවම් කිරීමත් ඇතුළත් විය. මේ අනුව පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කිරීමට අන්තර් කාලයක් ලබා දීමට මානව හිමිකම් කොමිසම ක්‍රියා කර තිබිණි. වගවීම සහ ප්‍රතිසංවිධානය යන මූලික ක්‍රියාමාර්ග දෙක සාර්ථක කර ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කර ගැනීමේ වගකීම මෙරට ආණ්ඩුවට අවධාරණය කර තිබිණි. නමුත්, ගෙවී ගිය වසර තුනක් වූ කාලය තුළ එම යාන්ත්‍රණය පිහිටුවීම හා වගවීම පැහැර හැරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, සෙයිඩ් රාද් අල් හුසේන් දැඩි කනස්සල්ල මෙරට ආණ්ඩුවට ප්‍රකාශ කර තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ වර්තමාන මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුවද වගවීම පැහැර හරිමින්, තව දුරටත් ලෝකය හමුවේ රට බිලි දීමට ඉඩහැර බලය රැකගැනීමට පමණක් කල්පනා කර ඇති බවයි. නමුත්, දැන් තත්ත්වය ‘මෘදු’ නැත. ජාත්‍යන්තරය හමුවේ රට හිර කිරීමට අවශ්‍ය සියලුම සාධක අධිරාජ්‍යවාදීන් හට එදා රාජපක්ෂ පාලනයේදීද, අද මෛත්‍රී – රනිල් හවුල් පාලනයේදීද ලබාදී අවසන්ය. දැන් මානව හිමිකම් කොමිෂන් සභාව නියෝග කර ඇත්තේ, විදේශ විනිසුරුවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කොමිසමක් නිශ්චිතවම පත් කරන ලෙසය. දේශීය විනිසුරුවරුන්ගේ කොමිෂන් සභාවක් පත් කර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අපක්ෂපාත පරීක්ෂණයක් කිරීමට ලබාදී තිබූ කාලය දැන් අවසන් කර ඇති බව මේ අනුව සනාථ වේ.
යුද්ධයෙන් පසුව සත්‍යය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවා කරුණු සොයාබැලීමට වගකීමක් පසුගිය ආණ්ඩුවට තිබිණි. එය ක්‍රියාත්මක කර වින්දිතයන්ට ඉතා ක්ෂණිකව සැලසිය යුතු සහන සලසා දිගුකාලීනව එම ජනතාව නගාසිටුවීමේ ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ වගකීම විය. එමෙන්ම ජාතිකත්ව අතර සමගිය වර්ධනය කර යළි ගැටුම් ඇති වීම වැළැක්වීමේ පැහැර හැරිය නොහැකි වගකීමද තිබිණි. මේ සියල්ල කෙසේ වෙතත්, අවතැන් වූවන් යළි පදිංචි කරවීමත්, හමුදාවලට අත්පත් කර ගන්නා ලද උතුරේ ජනතාවගේ ඉඩකඩම් යළි නිදහස් කර දීම වැනි අවම දේ හෝ රාජපක්ෂ පාලනය විසින් සිදු නොකර ඔවුන්ගේ අධිරාජ්‍ය ගැති ඒකාධිපති බල වියරුව මුදාහැර තිබිණි. වසරකට දෙවරක් චාරිත්‍රයක් ඉටු කිරීමට මෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්නේත්, ලංකාවට විරුද්ධව චෝදනා විවාදයට ගැනෙන්නේ සහ සම්මත කර ගැනෙන්නේත් මෙහි ප්‍රතිවිපාක ලෙසටය.
ප්‍රශ්නය මේ දක්වා විකාශය වීමේදී ඉතා පැහැදිලි ගමන් මඟක් තිබේ. මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ පුද්ගල ඝාතන සිද්ධි 16ක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම මත 2006දී උදලාගම කොමිෂන් සභාව පිහිටුවිය. ඉන් පසු තීරණාත්මක මැදිහත් වීම සිදු කෙරෙන්නේ යුද්ධයෙන් පසුව 2009 මැයි මස 27 වැනිදාය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම්, බෑන් කී මූන් මෙරට නිල සංචාරයක යෙදී මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කර ලංකා ආණ්ඩුවෙන් ප්‍රධාන කොන්දේසි තුනක් ඉටු කිරීමට එකඟ වී තිබිණි. යුද්ධයෙන් අවතැන් වූවන් කඩිනමින් පදිංචි කිරීම, මානව හිමිකම් උල්ලාංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීමට දේශීය පරීක්ෂණයක් පැවැත්වීම සහ යුද්ධයට හේතු වූ කරුණු ඉවත් කෙරෙන පරිදි දිගුකාලීන දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීම ආදියයි. නමුත්, රාජපක්ෂ අධිරාජ්‍ය ගැති ඒකාධිපති පවුල් පාලනය මේ එකඟතා කිසිත් ක්‍රියාත්මක නොකර බොරු අධිරාජ්‍ය විරෝධයකට තමන්ගේ දේශපාලන වහලුන් යොමු කිරීම පමණක් කළේය. දැන් පොරොවෙන් කැපීමටවත් නොහැකිව තිඛෙන්නේ එයයි.
බෑන් කී මූන් සමඟ අත්සන් කළ එකඟතාවන් කඩ කිරීම නිසා 2011දී ති්‍රපුද්ගල ජාත්‍යන්තර කමිටුවක් පත් කර මේ රටේ තත්ත්වය සොයාබැලීය. ‘දරුස්මාන් කමිටුව’ යනු එයයි. එය එක්තරා ආකාරයක බෑන් කී මූන්ගේ උපදේශක කමිටුවක් විය. එයින් ලංකා ආණ්ඩුවට එරෙහිව චෝදනා පහක් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට හයක් ඉදිරිපත් කර තිබිණි. මෙයට අමතරව 2010 නොවැම්බර් 03 වැනි දින ‘උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව’ පිහිටුවිය. 2012 මාර්තුවේදී මානව හිමිකම් කොමිසම හරහා යෝජනාවක් සම්මත කරමින්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බලපෑම් කෙරිණි. 2013දී ලංකාවට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධ යෝජනාවක් මානව හිමිකම් කොමිසමේදී වැඩි ඡන්ද 12කින් සම්මත කර ගනු ලැබීය. මෙම පීඩනයෙන් මිඳීමේ උපක්‍රමයක් ලෙස ‘මැක්ස්වෙල් – පරණගම’ කොමිසම 2013දී පිහිටුවිය.
මේ අතර රාජපක්ෂ පාලන සමය අවසානයේදී මානව හිමිකම් කොමිසම විසින් යෝජනාවක් සම්මත කරගෙන ජාත්‍යන්තරයට පිළිගත හැකි පරිදි ලංකා ආණ්ඩුව විසින් දේශීය පරීක්ෂණයක් කළ යුතු බව අවධාරණය කෙරිණි. මෛත්‍රී – රනිල් හවුල් ආණ්ඩුව අතහැර දමන ලද්දේ මෙම අනගි අවස්ථාවය. පැරණි මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව වගවීම කෙසේ වෙතත්, දැන් ලංකාවේ අධිකරණ කි්‍රයාවලියට ජාත්‍යන්තරයේ අත පෙවීමට විශාල ඉඩක් විවර කර දෙන තත්ත්වයට පත් කර අවසන්ය. මෙයට අමතරව මැතිවරණ පරාජයන් වසාගෙන බලය රැක ගැනීමට ජාතිවාදී ගැටීම් ඇතිවීමේ ඉඩ සලසා ආණ්ඩුව අත පිසදාගෙන හමාරය.


ලංකා මාරසිංහ