මිනිස් අවයව ගන්න කැබිනට් අනුමැතිය

gotabaya
විධායකය රැකීමට ගෝඨාගෙන් මාපිලෙක් !
April 3, 2018
එට්කා වෙනුවෙන් මහ බැංකු
මහ බැංකුව ගැලවීම හා විශ්වාසභංගය
April 3, 2018
Show all

මිනිස් අවයව ගන්න කැබිනට් අනුමැතිය

cabinetDision

මෝටර් රථ හදිසි අනතුරු හේතුවෙන් වර්ෂයක් තුළ දී 2,500කට අධික පිරිසක් මහමගදී මිය යන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගිය 28 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබීය.
මෙලෙස සිදු වන හදිසි අනතුරුවලදී මිය යන පිරිසගෙන් දහසකට ආසන්න පිරිසකගේ අවයව ප්‍රයෝජනයකට ගැනීමෙන් තොරව මිහිදන් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. හදිසි අනතුරුවලට භාජනය වී මිය යන පුද්ගලයන්ගේ වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙනහැල්ල, ආහාර මාර්ගයේ කොටස් සහ අක්ෂි කොටස් මෙන්ම හෘදය කපාට, කණ්ඩරා සහ අස්ථී කොටස්ද ලබා ගත හැකි බවත් ඔහු විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. ඒ අනුව හදිසි අනතුරුවලින් මරණයට පත් වන පුද්ගලයන්ගේ අවයව ලබා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


වෙනුර කරගස්තැන්න