පසුගියදා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වී ජනාධිපතිවරයා විසින් දියවර නිකුත් කිරීම හා ජල විදුලිිය නිපදවීම ආරම්භ කරන ලදී. නමුත් මෙයට සමගාමීව පවතින සංවර්ධන කටයුතු තවමත් අවසන් කර නැති අතර, මෙම මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ සේවය කළ අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් ක්‍රමයෙන් ඉවත් කරමින් සිටින බව දැනගන්නට ඇත.
පසුගිය දිනවලදී ජනාධිපතිවරයා විසින් මෙහි සිටින සේවකයන් සියලු දෙනා ස්ථීර කරන බවට පොරොන්දු වී තිබුණද මෙම සේවකයන් ස්ථීර කිරීම බලධාරීන් විසින් මග හරිමින් සිටියි. එසේම කොන්ත්‍රාත් හා අනියම් සේවකයන්ගේ ලැබිය යුතු වැටුප් හා දීමනාද ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටියි. එසේම ගොවි සංවිධාන හරහා බඳවා ගන්නා ලද කාර්මික ශිල්පීන්ගේ සේවයද මේ වන විට නවතා දමා ඇත. එබැවින් මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ මෙම සේවකයන්ව පොරොන්දු වූ පරිදි සේවයේ ස්ථීර කරන ලෙස ඔවුහු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.