විධායකය රැකීමට ගෝඨාගෙන් මාපිලෙක් !

366
සුපිරි මෝටර් රථ සහ නැව සමඟ රහස් රැසක් ගිල්වයි
April 3, 2018
cabinetDision
මිනිස් අවයව ගන්න කැබිනට් අනුමැතිය
April 3, 2018
Show all

විධායකය රැකීමට ගෝඨාගෙන් මාපිලෙක් !

gotabaya

විධායක ජනාධිපති ධුරය රැකීමට ගෝඨාභය රාජපක්ෂගේ’එළිය’සංවිධානය සම්මන්ත්‍රණ මාලාවක් පවත්වා ඒ වෙනුවෙන් ජනමතයක් පෙළගැස්වීමට සැලසුම් කර තිඛෙන අතර, ‘මාපිලා’ ලකුණින් හෝ රාජපක්ෂවරයකු ජනාධිපතිවරණයට පැමිණිය යුතු බවද අවධාරණය කර තිබේ. පළාත් සභා සම්බන්ධයෙන් අවසාන තීරණ ගැනීමේ බලය විධායක ජනාධිපති යටතේ තිබීම නිසා රට දෙකඩ වීමේ අනතුර වැළැක්විය හැකි බව එහිදී ගොඩනගනු
ලබන ප්‍රධාන තර්කය වී තිබේ. එමෙන්ම හදිසි නීතිය පැනවීමේ බලය හා ආණ්ඩුකාරවරුන් හරහා අවශ්‍ය අවස්ථාවල පළාත් සභා විසුරුවා හැරීමේ බලය ආදිය තිබිය යුතු බවට තර්ක ගොඩනගමින් තිබේ. රටේ ආර්ථීකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදීද තීරණාත්මක වැඩ කොටසක් කළ හැකි බවට තවත් මතයක් ගොඩනැගීමට සූදානම් වේ. අගමැති යටතේ පිහිටුවා තිබූ ‘ආර්ථීක කළමනාකරණ කමිටුව’ විසුරුවා හැරීමට බලපෑම් කිරීම මේ යටතේ නිදර්ශන වශයෙන් ගැනීමට නියමිතය. කමල් ගුණරත්න, දයාන් ජයතිලක, ධම්ම දිසානායක, මොහාන් සමරනායක ආදීන් පෙරමුණු කොට ගත් පිරිසක් සහ කලාකරුවන් කීප දෙනෙකු ද මෙම මතය ජනතාව අතර තහවුරු කිරීමට තෝරාගෙන සිටින බව සඳහන් වේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ පසුගිය 26 වැනිදා අභියාචනාධිකරණ භූමියේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ‘මාපිලා’ගෙන් හරි රාජපක්ෂවරයෙක් මීළඟ ජනාධිපතිවරණයේදී තරග කර ජයග්‍රහණය කළ යුතු බවයි. ගෝඨාභය ජනාධිපතිවරයා සමඟ සෘජු සම්මුතික දේශපාලනයේ නියැළී සිටින බව ප්‍රසිද්ධියට පත් වී


ප්‍රිදර්ශන දයාරත්න