සුපිරි මෝටර් රථ සහ නැව සමඟ රහස් රැසක් ගිල්වයි

123
අප්‍රේල් විරු සමරුව
April 3, 2018
gotabaya
විධායකය රැකීමට ගෝඨාගෙන් මාපිලෙක් !
April 3, 2018
Show all

සුපිරි මෝටර් රථ සහ නැව සමඟ රහස් රැසක් ගිල්වයි

366

පසුගිය 27 වැනි අඟහරුවාදා මීගමු මුහුදු ප්‍රදේශයේදී ගිල්වා දමන ලද නැව සහ වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සම්බන්ධයෙන් නියෝග දීමේ සිටම බරපතළ ප්‍රශ්න කීපයක් මතු වී ඇතැයි අනාවරණය වේ. මේවා විනාශ කිරීම සම්බන්ධයෙන් නියෝගය ලබා දී ඇත්තේ, කුමන නීතිමය තත්ත්වයක් යටතේ කවුරුන් විසින් දැයි නොදන්නා බව නාවික හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි. ගිල්වා දැමීමට හේතු ලෙස දක්වා ඇත්තේ, නැව සඳහා අපේක්ෂිත අවම ලන්සුව ටෙන්ඩර් දැමීමේදී හිමි නොවූ බවයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් භාවිත කළ සුපිරි වෙඩි නොවදින රථ පාතාලය අතට පත් වීම වැළැක්වීමේ අරමුණින් ගිල්වා දැමූ බව කියවේ. එහෙත්, මෙය පිළිගත නොහැකි බවත්, ෙජ්. ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස ජනාධිපතිවරුන් භාවිත කළ අධි ආරක්ෂිත වෙඩි නොවදින රථ වෙන්්දේසියේ විකුණූ බව සඳහන් වේ. නැව සම්බන්ධයෙන්ද අබලි ද්‍රව්‍ය වශයෙන් යකඩවලට විකිණීමේ හැකියාව තිබියදී අවම ටෙන්ඩර් ලන්සු තැබීමේ මිල හිමි නොවූ බව පැවසීම පිළිගත නොහැකි බවද අනාවරණය වේ. පිටුපස යටි අරමුණු තිඛෙන බව හෙළි වන්නේ යැයිද, මුහුදු පතුලේ තිඛෙන ඉපැරණි නෞකා, යකඩ ඇතුළු සුන්බුන් ගොඩගැනීමේ සමාගම් තුනක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර, වසර කීපයකින් ඔවුන්ට රුපියල් කෝටි ගණනක ආදායම් ලබා ගැනීමේ හැකියාව තිඛෙන බවද අනාවරණය වේ. ඇමෙරිකාව සහ රුසියාව යන රටවල් දෙක හැර ලෝකයේ අති දියුණු බව කියන රටවල් හෝ මෙසේ ක්‍රියා නොකරන බවට තොරතුරු අනාවරණය වේ. ගිල්වන ලද නැව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අවි ප්‍රවාහනයට යොදාගත් කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ට අයත් වූවකි. එය මේ ලෙස ගිල්වා දැමීම සම්බන්ධයෙන් සැක කටයුතු තත්ත්වයක් තිඛෙන බව අනාවරණය වේ.


ඉන්ද්‍රසිරි ජයසුන්දර