මී මන්දාවේ තවත් සොඳුරු කතාබහක්…

ක්‍රි'ාටබේරඑහම
කළු හමක් කළ හදිය
April 3, 2018
Untitled-1
තමන් ගොඩයන එක තමයිලංකාවෙ පොලිටික් එක… (රංගන ශිල්පී බුද්ධික ජයරත්න)
April 4, 2018
Show all

මී මන්දාවේ තවත් සොඳුරු කතාබහක්…

ජීවිතය දකින්නට නම්, ජීවිතාවබෝධයක් අප සතු විය යුතු ය. ඒ අවබෝධය ලබන්නට ජීවිතය තුළ සැරිසරන්නකු විය යුත්තේ ද අප ම ය. නූතන සමාජ දේහය තුළ ජීවිතය දකින්නට මඟපෙන්වීමක් ලැඛෙනවා නම්, එය ද විරල කාරණාවකි. මන්ද යත්, පවතින සමාජ රටාවේ පසුගාමී තත්ත්වය මීට හේතු වන නිසා ය. නමුත්, උගත්, බුද්ධිමත් අතළොස්සක පිරිසක් නිහතමානී උත්සාහයක යෙදෙමින්, උඩු ගං බලා යන්නේ ද සාටෝපවත් බහුරූ කෝලම්වලින් ඔද්දල් වී ගිය සිත් ඇති මිනිසුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරනු පිණිස ය.
ජීවිතේ නිවැරැදි මාවතක අප ගමන් ගන්නා තාක් කල් අපට ජීවිතය හරිහැටි අවබෝධ කර ගන්නට නොහැකි ය. වත්මන් සමාජය දෙස බලන විට සිටින්නේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා නැති හෙම්බත් වුණු සිතුම් පැතුම්වලින් පිරී ගිය හිත් ඇති මිනිසුන් ය. ඔවුන්ගේ සිත්වල සිතුවිලි ද ඒ තරමට ම හෙම්බත් වී ඇත්තේ ද පටු ආත්මාර්ථකාමී හැඟීම් නිසා ය. මිනිසා යනු සමාජානුයෝජනය වී සමාජය සමඟ ගැටෙමින්, සමාජයෙන් ම අත්දැකීම්, අත්විඳීම් ලැබූ ඒ ඔස්සේ ජීවිතය ගොඩනඟා ගන්නා පුද්ගලයෙකි. මේ තුළින් ඔහුට හෝ ඇයට ජීවිතේ සාර්ථකත්වය වෙත පියනඟන්නට හැකි වේ. නූතන මානව සමාජ සන්දර්භයන් සැකැසී තිඛෙන්නේ එදා තිබුණු අපේ සභ්‍යත්වය හා සංස්කෘතිය මත නොව කොළොම්තොටින් ගොඩබැස්ස අවර ගණයේ ගතිසිරිත් පදනම්ව ය. ඒ නිසා මනුසත්කම ගැනවත් නොතේරෙන, නොවැටහෙන තැනට මිනිසුන්ගේ ආධ්‍යාත්මීය සිතුවිලි පරිහානියට පත් වෙමින් තිබේ.
මෙවැනි චිත්ත සන්තානයක මානව සමාජයක් අභියස ජීවිතය දකින්නට මාවතක් කියා දෙන නඩේ ගුරු තැනක සිටින සහෘදවේදීන් තිදෙනකු සමඟ පසුගිය වසරේ උඳුවප් මස 12 වැනි අඟහරුවාදා අරුමැසිදායක මුණගැසීමක් ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දී සිදු විය. එහි විශේෂත්වය නම් වැඩසටහනෙන් වැඩසටහනට සම්පත් දායකයන් ලෙස පැමිණෙන්නේ සුවහසක් ජීවිත කියවා ගැනීම්වලින් ආත්මීය සංවේදනාවන් සොයා ගොස් එහි මහානීය බව පසක් කර ගත් අපේ ම රටේ සොඳුරු මානවවේදී සිතැත්තන් ය. එදා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක‍ෂ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ආගමනයත් සමඟ සෙමෙන් විකසිත වන්නට පටන් ගත් ‘මී මන්දාව’නමැති සියපතේ සුවඳවත් සතර වන වියමනේ දී මේ මව් දෙරණත සුජාත කවි ජන්මලාභය ලැබූ විල්සන් හෑගොඩ කවියාගේත්, නන්දා හෑගොඩ කිවිඳියගේත් ආදරණීය ලොකු පුතා ඡායාරූප ඇසුරෙන් කව් පද ලියන ලාල් හෑගොඩ සූරීන් පැමිණියේ ය.
කවිය, සුභාවිත ගීතය ඇසුරු කර ගනිමින්, මානව සමාජයක සුබසිද්ධිය උදා කරලීමට ගත හැකි ගත යුතු පාඩම් බොහෝ ඇත. ‘මී මන්දාව’ හර සරණිය ශාස්ත්‍රිය රස පිපාසාවෙන් පසුවන සෞන්දර්යවාදීන්ට කදිම තෝතැන්නකි. ජාතික රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් නිෂ්පාදක අතුල පීරිස් මහත්මා මේ නිර්මාණශීලී සංකල්පයේ නිර්මාතෘවරයා ය.
වර්තමානයේ දී කලාකරුවාගෙන් සමාජයට ඉටු විය යුතු සැබෑ දායකත්වය නම්, සෞන්දර්යවාදීව ජීවිතය සොයන්නට වෙහෙසෙන මානව සමාජයක් බිහි වීමට ඇවැසි පසුබිම සකස් කිරීමයි. එහෙත්, අද සිදු වන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූ ආකාරයේ දෙයක් ය. වාණිජකරණයත් සමඟ කලාව විකිණෙන්නට පටන්ගෙන ඇත. මේ තත්ත්වය සමස්ත කලාවේ ම අරාජික භාවයට හේතුවක් වන්නට ද ඉඩ තිබේ.
“කලාගාරයෙහි පීඨිකාවක් තැනූයේ
ඔඛෙ රුව තබනු පිණිස ය
දැන් ඒ රුව ඇත්තේ
මගේ කෞතුකාගාරයේ ය…”
‘අහඹු සිතුවිලි’,
– ලාල් හෑගොඩ කවියා.
කලාවට හිතැති කලාව ම ජීවිතය කොටගෙන උත්තුංග සේවයක් ඉටු කර ජීවිතයෙන් සමු ගත් කලාකරුවකුගේ අනුරුවක් තබන්නට කලාගාරය තුළ පීඨිකාවක් වෙන්ව තිබුණත්, කාලයාගේ වියෝ වීමෙන් ඒ තැන අහිමි වී ගියේ ය. එම අනුරුව සංවේදී සිතක් උරුම දයාබර මිනිසකුගේ කෞතුකාගාරයක කෞතුක භාණ්ඩයක් බවට පත් වුණු එක්තරා කතාවක් මේ පැදි පෙළෙන් පවසයි. කෞතුක භාණ්ඩයක් නොවී එම අනුරුවට වෙනත් දෙයක් සිදු වූ වග කවියා කවියේ ලියුවේ නම්, පාඨක සිත් තුළ රසවින්දනාත්මක මනෝ භාවයන් අවදි වීමට ලක් වන්නේ නැත. පවතින සැබෑ යථාර්ථය පිළිබඳ ප්‍රස්තූත වස්තු විෂයයක් ව්‍යංගාර්ථවත්ව සමාජගත කරවන්නට ලාල් හෑගොඩ කවියා මෑතක දී රචනය කළ ‘අහඹු සිතුවිලි’ කවි පොතේ මෙම කෙටි කවි පෙළෙන් වෙර දරන්නේ ය.
කෙලෙසක කුමන අන්දමින්, කලාකරුවා යැයි කියන චරිතය මුල්බැස ගන්නට සූදානම් වුවත්, ඊට ආදර්ශයක් වෙමින්, “අපි ගියෙත් මේ මාවතේ මයි. මේ වගේ බාධක අපටත් තිබුණා. නුඹලාත් මේ මාවතේ ම පලයල්ලා…” කියන පාඩම උගන්වන්නට කවියෙන්, ගේය පද රචනාවෙන් පියැවී තිඛෙන ඇහි පියන් ඇහැරවන රත්න ශ්‍රී විෙජ්සිංහයන් මීමන්දාවට පැමිණෙන්නේ සුපුරුදු පරිදි ම ය. ලාල් හෑගොඩ කවියාගේ කවි ප්‍රතිභාව පිළිබඳවත්, මනා වූ විමැසුම්සහගත කතාබහක් සිදු වුණ පසුගිය මීමන්දාවේ දී රත්න ශ්‍රී විෙජ්සිංහ කවියා අතින් ලියැවුණු කවි අදහසක් මෙහි සඳහන් කරනු රිසියෙමි.
“අන්දරේ උඹට හොඳට ම බඩගිනි ද
හිනා නොවන්නේ ඇයි පාළු ද තනි ද
පල්ලෙ මලල පැල්වත්තට මොන දුර ද
සල්ලි නැතිව ඇවිදින්නට පය හොර ද…?
“දේස රටත් ඇවිදින් තැනුවයි සීනි
සීනි හදන්න ම නැහුණයි උඹෙ ගෑනී
කටේ නටපු පපු විට පැණි රස නොවුණී
විහිළු මොකට නුඹ නා~න් උලලේනී”
විවෘත ආර්ථීක රටාව ලොවට විවෘත වී ලෝකය පුරා ගලාගෙන යාමට පටන් ගත් මුල් කාලයේ දී අපේ රටේ සංස්කෘතික සභ්‍යත්වයට සිද්ධ වුණු බලපෑම නිසා අපට අපව ම මඟහැරී ගියේ ය. එය කවි ඇසින් දුටු කවියෝ කවි ලියූහ. රත්න ශ්‍රී විෙජ්සිංහයන්ගේ අදහස්වලින් සහ ලාල් හෑගොඩ කවියාගේ කතිකාවෙන් සඳැස්, නිසඳැස් කවිය පිළිබඳව අවියෝජනීය සබඳතාවක් සිත්තම් වුණු ඒ නිශා යාමය තව තවත් හැඩ වූයේ සැබැවින් ම මානවහිතවාදී තරුණ නිර්මාණවේදියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ ඉදිරිපත් කිරීමෙනි.
“මේ මොහොත ගලාගෙන යන දිහා කල්පනාවෙන් බලන්න.” රත්න ශ්‍රී විෙජ්සිංහයන් පැවසූ ඒ කියමන වර්තමාන හැල්මේ දුවන පරම්පරාවට කොතරම් ගැලපෙනවා ද? අප අපගේ ම හෘද සාක‍ෂියට අවංක විය යුත්තේ ය. ඒ වෙන කිසිවක් නිසා නොව විඳවන ජීවිතයකට වඩා විඳින ජීවිතයක් උදා කර ගැන්මට ය.
“ගිම්හානේ ගිලන් වී කෘෂ වී සුදුමැලිව
අතු ඇදී ඉකි ගැසූ ගහ නැවත පිරිපුන් ය
දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය
කටු පොකුර සිප ගනිමි
හෙට මලක් වනු පිණිස…”
‘වස්සානේ’ – රත්න ශ්‍රී විෙජ්සිංහ
“දුෂ්කරව පැන නඟා ‘ඔව් කියන්නෙමි තිරව
ඒ එදාටත් වඩා දුෂ්කර ම තැන වෙත ය
එකක් නොව දෝතක් ම
කටු පොකුරු ගනු පිණිස…”
‘වස්සානෙන් පසුව’ රත්න ශ්‍රී විෙජ්සිංහ කවියාගේ අලූත් ම කවි පොත.


ගයානි කාවින්දිකා විමලරත්න