ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන වාණිජ අග නගරය කොළඹ වන විට එ ම වාණිජ අග නගරයෙහි වෙළෙඳ කටයුතු සිදු වන ප‍්‍රධාන ස්ථානයක් ලෙස කොළඹ මැනිං වෙළෙඳපොළ හැඳින්විය හැකි ය. මෙයට දශක තුනකට එපිට කාලසීමාවේ දී කොළඹ කච්චේරිය පාරේ පිහිටා තිබූ වෙළෙඳ සල් 300කට අධික ප‍්‍රමාණයක් එම ස්ථානයෙන් ඉවත් කර වර්තමාන ‘පීපල්ස් පාක්’ වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ ‘ප‍්‍රයිස් පාක්’ යනුවෙන් හැඳින්වෙන භූමියට ගෙනැවිත් තිබේ. එයින් අනතුරුව එවකට අග‍්‍රාමාත්‍ය ආර්. පේ‍්‍රමදාස විසින් සංවර්ධන කටයුතු වෙනුවෙන් ප‍්‍රයිස් පාක් භූමිය අත් කර ගැනීමට කටයුතු කර ඇති අතර, වෙළෙඳ කුටි අහිමි වන වෙළෙඳ මහතුන් වෙනුවෙන් පීපල්ස් පාක් සංකීර්ණයෙන් වෙළෙඳ කුටි ලබා දීමට එවකට අගමැති ආර්. පේ‍්‍රමදාස විසින් වෙළෙඳ මහතුන්ට පොරොන්දු වී තිබේ. ඒ අනුව එතෙක් ප‍්‍රයිස් පාක්හි පවත්වාගෙන ආ වෙළෙඳ කුටි සියල්ල ඒ වන විට සීනි ගබඩාවක් ලෙසින් භාවිත කොට අත්හැර දමා තිබූ මැනිං ගබඩා සංකීර්ණය වෙත රැුගෙන විත් තිබේ. ඒ පේ‍්‍රමදාස මහතාගේ ඉල්ලීමකට අනුව ය. එසේ වුව ද, මැනිං ගබඩා සංකීර්ණය වෙත පැමිණි වෙළෙඳ මහතුන්ට පීපල්ස් පාක්හි වෙළෙඳ කුටි ලබා දෙනවා වෙනුවට බාහිර පුද්ගලයන් හට එම වෙළෙඳ කුටි අලෙවි කිරීම හේතුවෙන් ප‍්‍රයිස් පාක්හි වෙළෙ\මෙහි නියුතුව සිටි අයවලූන්ට එම අවස්ථාව අහිමි වී තිබේ. එතැන් සිට මේ දක්වා මැනිං ගබඩා භූමියේ එම වෙළෙඳ මහතුන් විසින් තම වෙළෙඳ කටයුතු පවත්වාගෙන යමින් සිටිති. මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය අනුව ඔවුන් නැවත වතාවක් වත්මන් දේශපාලකයන්ගේ වුවමනාව වෙනුවෙන් පෙර පරිදි ම තාවකාලික ස්ථානයකට පිටත් කර හැරීමට කටයුතු සැලැසුම් කෙරෙමින් පවතී. මෙහි ආසන්නතම අවස්ථාව වශයෙන් 2001 වර්ෂයේ දී රවි කරුණානායක වෙළෙඳ ඇමතිව සිටිය දී වත්මන් මැනිං වෙළෙඳපොළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ද, ආණ්ඩුව වෙනස් වීමත් සමඟ එම උත්සාහය අතරමඟ නැවතී තිිබිණ. අනතුරුව බලයට පත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව නාගරික සංවර්ධනය යටතේ මෙම වෙළෙඳපොළ ඉවත් කිරීමට යෝජනා කෙරී ඇති අතර, ඒ අනුව පෑලියගොඩ ප‍්‍රදේශයෙන් ඒ සඳහා අක්කර 25ක ඉඩමක් ද වෙන් කර අදාළ මූලික කටයුතු සැලැසුම් කර තිබේ. කෙසේ වුව ද, තත්ත්වය මේ වන විට වෙනස් වී ඇත. ”අපි එදා ඒ භූමියට යන්න කැමැත්තෙන් හිිටියා. අපි දන්නවා නගරය සංවර්ධනය කිරීමේ දී මේ බිමෙන් අපට යන්න වෙනවා කියන එක. නමුත්, මේ වෙනකම් ඒ වෙන් කරපු පෑලියගොඩ භූමියේ කිසිදු ඉදි කිරීමක් කරලා නැහැ. ඒ වෙනුවට දැන් නැවත වරක් ඉංජිනේරු සංස්ථාවට අයිති බිමකට අපට තාවකාලිකව යන්න කියනවා. මෙගා පොලිස් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මැනිං වෙළෙඳපොළ භූමිය අත්පත් කර ගැනීමට කටයුතු සැලැසුම් කරමින් තියෙනවා. ඒ අනුව 2016 ජනවාරි මස 30 වැනි දින චම්පික රණවක මූලික වෙලා පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණය පටන් ගන්න මුල් ගල තිබ්බා. දැන් එතුමා ම නැවත කියනවා, එහි ඉදි කිරීම් කරන්න වසර දෙකක් පමණ ගත වන නිසා ඉංජිනේරු සංස්ථා භූමියට යන්න කියලා. අපට පැහැදිලි නැහැ ඇයි අපට පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණය සකස් කරලා දෙන්නේ නැත්තේ කියලා.” එලෙස අදහස් පළ කළේ දැනට මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙ\මේ නියුතු වෙළෙඳ මහතෙකි. කොළඹ නගර මධ්‍යයෙහි පිහිටි මැනිං වෙළෙඳපොළ භූමිය අක්කර හතරහමාරක් පමණ විශාල බිම්කඩකි. මෙරට ප‍්‍රධාන වාණිජ නගරය මධ්‍යයෙහි පිහිටි මෙම භූමියෙහි ආර්ථික වටිනාකම ඉතාමත් ඉහළ බව කිවයුතු නොවේ. නගරය සංවර්ධනය වීමට ද සිදු විය යුතු බව සත්‍යයකි. නමුත්, සංවර්ධනය මුවාවෙන් මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ ඉහළ ආර්ථික වටිනාකමක් සහිත එම භූමිය අත්පත් කරගෙන කොළඹ හමුදා මූලස්ථානය පිහිටි භූමිය විකුණා දැමූ අයුරින් විදේශයකට පවරා දීම ද යන සාධාරණ සැකය එම වෙළෙඳ මහතුන් තුළ ඇති වෙමින් තිබේ. ”අපි මේ පිළිබඳව වගකිව යුතු සියලූ දෙනාට ම දැනුම් දුන්නා. 2017 ජනවාරි මස 04 වැනි දින චම්පික ඇමතිතුමාත් එක්ක අපට සාකච්ඡුාවක් දුන්නා. ඇමතිතුමා කියනවා නගර සංවර්ධනය වෙනුවෙන් ජපානයෙන් විශාල ආධාර මුදලක් ලැබී තිබෙන බව. ඒ නිසා ඉක්මනින් මේ භූමිය සංවර්ධනය ආරම්භ කළ යුතුයි කියා එතුමා කියනවා. නැති නම් ඒ ආධාර මුදල් ආපසු යයි කියලා කියනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ භූමියෙන් ඉවත් වෙන්න කටයුතු කරන්න කියලා අපට දැනුම් දීලා තියෙනවා. අපි පෑලියගොඩට යන්න සූදානම් වුණෙත්, වෙන විකල්පයක් නැති නිසා. නමුත්, මේ වෙන කොට ඒ භූමියත් අපට නොදී ඉංජිනේරු සංස්ථා භූමියට යන්න කියනවා. අපි සම්බන්ධයෙන් මේ තරම් නොසැලැකිල්ලෙන් කටයුතු කරන්නේ ඇයි ද කියලා අපට අවබෝධයක් නෑ.” මැනිං වෙළෙඳපොළ යනු මෙරට දිස්ති‍්‍රක්ක 25ට අදාළව නිෂ්පාදන කෙරෙහි සෘජු බලපෑමක් ඇති කළ හැකි වෙළෙඳපොළකි. මෙරට ගොවි නිෂ්පාදන බොහොමයක මිල තීරණය කිරීමට මැනිං වෙළෙඳපොළ සැලැකිය යුතු බලපෑමක් කරනු ලබයි. එමෙන් ම මෙම වෙළෙඳපොළ භූමිය එහි වෙළෙ\මෙහි නියුතු 1,500කට ආසන්න වෙළෙඳ මහතුන්ට පමණක් සම්බන්ධ ප‍්‍රශ්නයක් ද නොවේ. යාපනයේ ලූණු ගොවියාගේ සිට ඇඹිලිපිටියේ කෙසෙල් වෙළෙන්දාත්, දඹුල්ලේ එළවළු ගොවියාත් ඇතුළු හතර දික්භාගයේ ම ගොවියන්ගේ නිෂ්පාදන කෙරෙහි මෙන් ම මෙම වෙළෙඳපොළ භූමිය හා සම්බන්ධ සෘජු හා වක‍්‍ර රැුකියාවලට සම්බන්ධ පිරිස් මෙන් ම නාට්ටාමිවරයා දක්වා බලපෑමක් ඇති කරනු ලබන ස්ථානයකි. විශාල පිරිසකගේ ජීවිතය හා බැඳුණු දශක ගණනාවක සම්බන්ධතාවයක් මේ භූමිය හා පවතී. ඒ අනුව මෙම වෙළෙඳපොළ වෙනත් ස්ථානයකට ගෙන යාම යනු එක් වෙළෙඳපොළක් තවත් තැනක පිහිටුවීමක් පමණක් ම නොවේ. දෛනිකව මෙම වෙළෙඳපොළ භූමියට පැමිණෙන රථවාහන සංඛ්‍යාව දහස ඉක්මවන අතර, ඒ සඳහා අවශ්‍ය ඉඩපහසුකම් පිටකොටුවේ වෙනත් වීදිවලින් සපුරා ගැනීමට ඔවුහු මේ වන විට හුරුපුරුදු වී සිටිති. කෙසේ නමුත්. මැනිං වෙළෙඳ සංගමයට ද නොදන්වා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු රැුස් කර අදාළ සැලැසුම් සකස් කරමින් සිටින බව වෙළෙඳ මහතුන්ගෙන් චෝදනා නැෙඟ්. ”මේක නිකම් ම නිකම් වෙළෙඳපොළක් නොවෙයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේ ම ආර්ථිකයට බලපෑම් කළ හැකි ස්ථානයක්. එහෙ ම තැනක් පිළිබඳව මේ තරම් නොසැලැකිලිමත්ව කටයුතු කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොනවා ද කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත්, අපට සුදුසු භූමියකට ඇරෙන්න තවත් තාවකාලික තැනකට යන්න අපි සූදානම් නැහැ. ඒ වාගේ ම දේශපාලකයන්ගේ සුරංගනා කතාවලට රැුවටෙන්නත් අපට බැහැ. ”එක අතකින් ගත්තා ම මේ කරන්න යන්නේ, රටේ ප‍්‍රධාන වෙළෙඳපොළක් අකර්මණ්‍ය කරලා, බිඳවට්ටලා, සුපර් මාර්කට්වලට ඉඩ හදා දීමක් ද කියන සැකය අපට තියෙනවා. මැනිං වෙළෙඳපොළ නැති කිරීම කියන එකෙන් වෙන්නේ මේ වෙළෙඳපොළ නැති වීම පමණක් ම නොවෙයි. වී අලෙවි මණ්ඩලය නැති කරලා වී ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගන්න තියෙන ඉඩකඩ නැති කරලා දැම්මා වගේ මැනිං වෙළෙඳපොළ නැති කිරීමෙන් ඈත ගමක එළවළු, පලතුරු ගොවියාට තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ගන්න තියෙන ඉඩකඩ නැති කරලා දැමීමක් සිද්ධ වෙනවා. දැන් වී වෙළෙඳපොළ මාෆියාවකට යටත් කරලා තියෙනවා වගේ මේ රටේ ගොවියාගේ එළවළු, පලතුරු නිෂ්පාදනයත් මාෆියාවකට යටත් කරන්න මැනිං වෙළෙඳපොළ නැති කිරීමෙන් ඉඩ සකස් වෙනවා.” මේ වන විට කච්චේරි කාලයේ සිට මැනිං වෙළෙඳපොළ දක්වා ඔවුන් තම වෙළෙ\ම් කටයුතු පවත්වාගෙන යනුයේ තුන්වැනි තාවකාලික ස්ථානයේ ය. මේ තාක් පැවැති සෑම ආණ්ඩුවකට ම සහාය දැක්වූවන් මේ තුළ කටයුතු කරති. එමෙන් ම වර්තමානයේ දී එයින් වැඩි දෙනෙකු යහපාලනය බලාපොරොත්තුවෙන් වත්මන් රජය බලයට පත් කිරීමට ද කටයුතු කළ අයවලූන් ම ය. කෙසේ වුව ද, මේ වන විට රටේ සෑම ක්‍ෂේත‍්‍රයකටම බලපා ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය මෙම වෙළෙඳපොළ හා බැඳුණු සියලූ දෙනාගේ ජීවිත වෙතට ද බලපෑම් කරමින් තිබේ. ඒ පාලකයන්ගේ තීරණ විටින්විට ඇති වන අවස්ථාවාදී වුවමනාවන් වෙනුවෙන් වෙනස් වීම නිසා ය. මේ වන විට මෙම වෙළෙඳ මහතුන් වෙනුවෙන් වෙන් කරන ලද පෑලියගොඩ අක්කර 25ක පමණ භූමියෙහි වාණිජ වටිනාකම ද ඉහළ අගයක් ගැනීම හේතුවෙන් හා එම භූමිය අවශ්‍ය විටෙක වෙනත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් විදේශ සමාගමකට හෝ පෞද්ගලික ආයතනයකට විකුණා දැමීමට හෝ පැවරීමට ඇති හැකියාව පිළිබඳව ආණ්ඩුව අවබෝධ කරගෙන ඇති හේතුවෙන් තමන්ට මෙම භූමිය ලබා දීමට මේ වන විට ආණ්ඩුව මැලිකමක් දක්වමින් සිටින බව මාධ්‍යයට අදහස් දැක් වූ වෙළෙඳ ව්‍යාපාරිකයකු වන රත්නපාල රංචාගොඩ මහතා පැවසී ය. ”ආණ්ඩුව පෑලියගොඩ ඉඩම මැනිං වෙළෙඳුන්ට වෙන් කළා කිව්වාට ඒ ඉඩමත් ඉහළ වාණිජ වටිනාකමක් තිබෙන ඉඩමක් නිසා යම් කාලයක එය වෙනත් ව්‍යාපාරයකට ඉහළ මිලකට විකිණිය හැකියි කියන මතයක ආණ්ඩුව ඉන්නවා කියලා අපට හිතෙනවා. ඒ නිසා තමයි, නැවතත් අපව තාවකාලිකව ඉංජිනේරු සංස්ථා භූමියට පිටමං කරන්න හදන්නේ. ඒක මේ වෙළෙඳපොළ හා බැඳී සිටින අප සියලූ දෙනාට ම බලපෑම් කරන තත්ත්වයක්. කුමන හෝ තාවකාලික පිළිතුරක් ලබා දීලා මැනිං වෙළෙඳපොළ භූමිය වෙළෙඳුන්ගෙන් නිදහස් කර ගන්න එක තමයි, ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ.” ඔවුහු මේ වන විට තම ජීවත් වීමේ අයිතිය රැුක ගැනීම වෙනුවෙන් ඒකරාශී වෙමින් සිටිති. එය එසේ විය යුතු බව ද අනිවාර්ය ය. එය මෙම භූමියෙන් දිවි සරි කර ගන්නා සියලූ දෙනා ම එනම්, මහා පරිමාණ තොග වෙළෙන්දාගේ සිට තී‍්‍රරෝද රථ රියැදුරාත්, නාට්ටාමිවරයාත් දක්වා සැමට ම පොදු තත්ත්වයක් බවට පත්ව තිබේ..