ලොතරැයි පතක මිල රුපියල් විස්සේ සිට තිහ දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණයට ලොතරැුයි නියෝජිතයන්ගේ සිට බස් රථයකට නැඟ ලොතරැයි ටිකට් පතක් අලෙවි කරන කුඩා පරිමාණ ජංගම ලොතරැුයි වෙළෙන්දාගේ සිට විරෝධය ආණ්ඩුවට එල්ල වෙමින් තිබේ. මුලදී රුපියල් දහයකට මිල නියම වී තිබුණු ලොතරැයි ටිකට් පතක් රුපියල් විස්ස දක්වා මිල ඉහළ නැංවුණු අතර, එහි දී එය ලොතරැුයි වෙළෙදාමට සෘජුව ම බලපෑම් කරමින්, අලෙවිය සියයට පනහක් දක්වා පහත වැටුණු බව අලෙවි නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති. කෙසේ වුව ද, ත්‍යාග මුදල් යම් ප‍්‍රමාණයකට ඉහළ නැංවීම මඟින් නැවත අලෙවිය යම් මට්ටමකට ඉහළ දමා ගැනීමට හැකි වුණු බව ප‍්‍රකාශ කරන වෙළඳ නියෝජිතයෝ ප‍්‍රකාශ කරනුයේ මෙවර රුපියල් තිහ දක්වා මිල ඉහළ දැමීම මඟින් පෙර තත්ත්වයට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ලොතරැුයි අලෙවිය පහළ වැටීමේ ලකුණු ඇති බවයි. ආණ්ඩුව විසින් ලොතරැුයි පවත්වාගෙන යාමේ මූලික අරමුණ වූයේ වැඩි වශයෙන් ම සුභසාධන කටයුතු වෙනුවෙන් මුදල් සපයා ගැනීම වන අතර, වාර්ෂිකව ලොතරැුයි අලෙවිය මඟින් රජයට රුපියල් බිලියන පනහකට ආසන්න මුදලක් ලබා දෙන බවට වාර්තා වේ. ඒ අනුව දිවයින පුරා සියයකට ආසන්න දිස්ති‍්‍රක් නියෝජිත පිරිසක් සහ 4,500ක් පමණ අලෙවි නියෝජිතයන් හා ලොතරැුයි කුටි සහ ජංගම අලෙවිකරුවන් වශයෙන් 40,000ක් ඉක්ම වූ පිරිසක් ලොතරැුයි අලෙවියේ නිරත වන බවට තොරතුරු වාර්තා වේ. වර්තමානයේ රුපියල් 20.00කට අලෙවි වන ලොතරැුයි පතක් වෙනුවෙන් දිස්ති‍්‍රක් නියෝජිතයාට රුපියල් 3.50ක කොමිස් මුදලක් ලැබේ. මෙය අලෙවි නියෝජිතයන්, ජංගම අලෙවි නියෝජිතයන් වශයෙන් පහළට ගමන් කිරීමේ දී එක් අයකුට ලැබෙන කොමිස් මුදල රුපියල සහ ශත පනහ දක්වා පහළ වැටේ. යම් දිස්ති‍්‍රක් අලෙවි නියෝජිතයකු මේ වන විට දිනකට මිලට ගන්නා ලොතරැුයි පත් වෙනුවෙන් රුපියල් 20,000.00ක් වැය කරන්නේ යැයි උපකල්පනය කළහොත්, රුපියල් 30.00ක් මිල වීම හේතුවෙන් එම නියෝජිතයාට එම ලොතරැුයි ප‍්‍රමාණය ම මිලට ගැනීමට රුපියල් 30,000ක් වැය කිරීමට සිදු වෙයි. එහෙත්, ලැබෙන කොමිස් මුදල වැඩි වනුයේ, ශත පනහකින් පමණකි. එනම්, සම්පූර්ණ කොමිස් මුදල රුපියල් 4.00කි. එහෙත්, පෙරට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම හා ලොතරැුයි ඉතිරි වීම හේතුවෙන් වන පාඩුව දරා ගැනීමට ද ඔවුන්ට සිදුවේ. ලොතරැුයි ටිකට් පතක මිල රුපියල් 30.00 දක්වා ඉහළ යාම පාඩු ලැබීමේ අවදානම තවත් ඉහළ යාමක් බව වෙළෙඳ නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති. එබැවින්, ආණ්ඩුව විසින් ලොතරැුයි මිල ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ලොතරැයි අලෙවි නියෝජිතවරුන් පසුගිය දින කීපය තුළ විරෝධතා කි‍්‍රයාමාර්ගවල නියැළුණු අතර, ප‍්‍රධාන වශයෙන් ම ඔවුන් ඉල්ලා සිටියේ ලොතරැුයි මිල වැඩි කිරීම නවතන ලෙස මෙන් ම තම ඉල්ලීම් නොතකා ආණ්ඩුව විසින් කටයුතු කරන්නේ නම්, අදාළ නියමිත කොමිස් මුදල වන රුපියල් 5.25ක මුදල ලබා දීමට කටයුතු කරන ලෙස ය. වර්තමානයේ දී ශී‍්‍ර ලංකා ආණ්ඩුව ලොතරැුයි මඟින් ඉහළ බදු ආදායමක් ලබා ගන්නා අතර, සංවර්ධන ලොතරැුයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක ම ඉතාමත් ඉහළ මට්ටමකින් ලාභ ලබන බව ද වාර්තා වේ. ලොතරැුයි මිල වැඩි කිරීම මෙම ආයතනවල ආදායම් තත්ත්වයට සෘජුව ම බලපාන බව ප‍්‍රකාශ කරන අලෙවි නියෝජිතවරුන්ගේ අදහසක් වනුයේ, වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය දේපළ විකිණීමේ ප‍්‍රතිපත්තියට අනුව මෙම ආයතන පාඩු ලබන තත්ත්වයට ඇද දමා පෞද්ගලිකකරණය කිරීමේ යටි අරමුණේ ම ප‍්‍රකාශ වීමක් බවයි. 2002 සහ 2005 වසරවල දී එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සහ රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩු කාලයේ දී ඇමෙරිකාවට සහ නෝර්වේ රජයට මෙම ආයතන විකිණීමට උත්සාහ කළ අතර, ලොතරැුයි අලෙවි නියෝජිතයන් විසින් එම අවස්ථාව පරාජය කළා සේ ම ආණ්ඩුව විසින් මෙම ආයතන විකිණීමට උත්සාහ දරන්නේ නම්, තමන් ඒ වෙනුවෙන් ඉදිරියේ දී කි‍්‍රයාත්මක වෙන බව ද ලොතරැුයි අලෙවි නියෝජිතවරු ප‍්‍රකාශ කර සිටියහ. ලොතරැුයි අලෙවියේ දී නියෝජිතයන් විසින් රජයට විශාල වශයෙන් බදු ගෙවන අතර, රජය නියෝජිතයන්ගේ පාර්ශ්වයෙන් කිසිදු සහනදායී පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ඔවුහු ප‍්‍රකාශ කර සිටියහ. තමන් විසින් බදු ගෙවමින් පැවැතිය දී ප‍්‍රාදේශීය සහ පළාත් සභා විසින් තම අලෙවි කුටි ඉවත් කිරීමටත්, ලොතරැුයි අලෙවි ස්ථාන අවහිර වන ආකාරයට කටයුතු කිරීමත් සිදු කරන බව ලොතරැුයි අලෙවි නියෝජිතවරු ප‍්‍රකාශ කර සිටියහ. වර්තමානයේ දී ලෝකයේ කිසිදු රටක සිදු නොවන අයුරින්, ත්‍යාග මුදල්වලින් ද රජය විශාල වශයෙන් බදු අය කර ගන්නා බවත්, ලොතරැුයි මිල ඉහළ දැමීම මඟින් ත්‍යාග වැඩි කිරීමට කටයුතු කරන බවට මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණ ද, පවතින මිල යටතේදීත් ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කළ හැකි බවත්, ත්‍යාග මුදල්වලින් බදු අය කිරීම නවතා දැමිය හැකි බවත් ලොතරැුයි අලෙවිකරුවෝ ප‍්‍රකාශ කර සිටිති. විවිධ හේතු දක්වමින්, ආණ්ඩුව විසින් ගෙන යන මෙම අ¥රදර්ශී කි‍්‍රයාවන් හේතුවෙන් ලොතරැුයි ව්‍යාපාරය ම අනතුරට පත්වීම වැළැක්විය නොහැකි බවත්, තමන් විසින් ඉදිරියේ දී මෙම තත්ත්වය වැළැක්වීමට ගත යුතු ඕනෑ ම කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බවත් ඔවුහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියහ. .