න්‍යෂ්ටික යුද්ධයට අත වනන ට‍්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා කරමින් නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් බ‍්‍රහස්පතින්දා නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය, ලෝකය පුරා ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් බවට පත්ව ඇත. එහිදී ට‍්‍රම්ප් සඳහන් කළේ න්‍යෂ්ටික අවි පිළිබඳව ලෝකයා යථා අවබෝධය ලබා ගන්නා තෙක් එක්සත් ජනපදය, තම න්‍යෂ්ටික හැකියාව විශාල වශයෙන් ශක්තිමත් කළ යුතු අතර පුළුල් කළ යුතු ද බවයි. ට‍්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය ඉහළ පෙළේ රුසියානු හමුදා නායකයන්ගේ සාකච්ඡුාවක දී ව්ලැඩිමීර් පුටින් විසින් කරන ලද කතාවට ප‍්‍රතිචාරයක් බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. වාර්තා වන පරිදි එහිදී රුසියානු දේශසීමාවේ එක්සත් ජනපද හා නේටෝ හමුදා ශක්තිමත් කිරීම හා නැගෙනහිර යුරෝපයේ එක්සත් ජනපද මිසයිල නාශක පද්ධතියක් රැුඳවීම පිළිබඳ අවධානය යොමු කරමින් විශේෂයෙන්ම පවත්නා හා අනාගත මිසයිල ආරක්ෂක පද්ධතීන්ට විනිවිදිය හැකි යයි විශ්වාස කළ හැකි මිසයිල සංකීර්ණ සමග න්‍යෂ්ටික මූලෝපායික බලවේගයන්හි හැකියාව ශක්තිමත් කළ යුතු බව එහිදී පුටින් සඳහන් කර තිබේ. කෙසේ වුව ද, සූදානමේ තබා ඇති න්‍යෂ්ටික බෝම්බ සවි කළ මිසයිල 7,000ක් බැගින් සිය හමුදාවන් සතුව ඇති ට‍්‍රම්ප් හා පුටින් න්‍යෂ්ටික අවි ගැන විවෘතව සාකච්ඡුා කිරීමෙන් අවධාරණය කෙරෙන්නේ කෙළවරක් නොමැති යුද ගැටුම්වල නිරන්තර වර්ධනය හමුවේ ලෝක ජනතාව මුහුණ දෙන දැවන්ත තර්ජනයයි. සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් ද ඇතුළුව ඔහු නියෝජනය කරන්නේ න්‍යෂ්ටික බලවතුන් වන චීනය හා රුසියාව නොව තමන් ගෝලීය ආධිපත්‍යය දැරිය යුතු ය යන මතයයි. ඔහු මෙන්ම බලයට පත් වීමට නියමිත ඔහුගේ පාලනාධිකාරය චීනය සමග වෙළෙඳ යුද්ධයේ හා යුදවාදී න්‍යාය පත‍්‍රයේ පිඹුරු පත් මේ වන විටත් සකසමින් සිටිති. කෙසේ නමුත්, ඔහුගේ ට්විටර් පණිවිඩය, විශේෂයෙන්ම රුසියාව විසින් චීනයට සහාය ලබා දෙන්නේ නම් හෝ වෙනත් අයුරකින් ට‍්‍රම්ප්ගේ ධවල මන්දිර සැලසුම්වලට බාධා කිරීමට උත්සාහ ගන්නේ නම්, ඔහු ස්ථිරවම ඒ වෙනුවෙන් යුද්ධයකට වුව ද එළඹීමට සූදානම් බවට රුසියාවට කෙරෙන පැහදිලි අනතුරු ඇඟවීමකි. ඩිමොක‍්‍රටික් පක්ෂය හා ඇමරිකානු මාධ්‍යයේ වැඩි කොටස විසින් ට‍්‍රම්ප් ‘සයිබීරියානු අපේක්ෂකයෙකු’ මෙන්ම පුටින්ගේ ඉත්තෙකු බවට කරනු ලබන සියලූ ප‍්‍රකාශන සම්බන්ධයෙන් ගත් විට, එය එසේම නොවන බවත්, සියලූ එදිරිවාදීන්ට විරුද්ධව, ඇමරිකානු පාලක පන්තියේ හා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඔහුගේ පාලනාධිකාරය විසින් නිර්දය ලෙස තහවුරු කරනු ඇති බව දැනටමත් පෙන්නුම් කරමින් තිබේ. පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ වකවානුවේ පිළිගත් නීතිමය හා රාජ්‍යතාන්ත‍්‍රික සම්මතයන්ට හෝ ඇමරිකානු ධනේශ්වර දේශපාලන සම්ප‍්‍රදායයන් පිළිබඳ සංකේතාත්මක බැඳීමකට හෝ යටත් නොවන පරිදි එය එසේ සිදුවනු ඇත. බිලියනපතියන්, ජනරාල්වරුන්, අන්තවාදී මිලිටරිවාදීන් හා දක්ෂිණාංශික ප‍්‍රතිගාමීන්ගේ කණ්ඩායමක් පිරිවරා ගත් ට‍්‍රම්ප්, ට්විටර් පණිවිඩ හරහා හිතූමතේ ඔහුගේ න්‍යෂ්ටික ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයට පත් කරන අතර, පුළුල් සැලසුම් සකස් කිරීම ඔහුගේ කාර්ය මණ්ඩලයට බාර කරයි. එසේම ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප් දිගින් දිගටම පෙනී සිටියේ, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීමට හා එක්සත් ජනපද නියෝග බලගැන්වීම පිණිස න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් ය. පසුගිය මාර්තු 23 වන දින ට‍්‍රම්ප්, බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්ති සේවයට පැවසුවේ, අයි.එස්.අයි.එස්. සංවිධානය ‘‘යොදා ගැනීමට ඉඩ ඇති බව සිතීම’’ තමාට අවශ්‍ය බවය. එම්.එස්.එන්.බී.සී. රූපවාහිනී ජාලයට ඔහු මාර්තු 30 වන දින පැවසුවේ, අයි.එස්.අයි.එස්. සංවිධානය එක්සත් ජනපදයට පහර දුනහොත් මැද පෙරදිග දී තමා න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සූදානම් බවයි. අනුමාන කළ හැකි පරිදි රුසියානු ඉලක්කවලට එරෙහිව යුරෝපය තුළ න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමේ නියෝග බැහැර නොකරන බවද ෆොක්ස් ප‍්‍රවෘත්ති සේවයට මාර්තු 31 වන දින ඔහු පැවසීය. එසේම අවස්ථා කීපයකදීම ඔහු ප‍්‍රකාශ කළේ, ‘‘කල් තියා කිව නොහැකි ආකාරයේ’’ වාතාවරණයක් තමන්ට දැනෙන බව යි. ඒ නිසා ඔහු සූදානම් කුමක් කිරීමට දැයි ලෝකය ම දන්නේ නැත. කෙසේ වුව ද, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව පළ වන ‘නිව්යෝක් ටයිම්ස්’ ඇතුළු ඇතැම් විදෙස් මාධ්‍ය උත්සාහ කරන්නේ, නව ජනාධිපතිගේ ට්විටර් පණිවිඩය, එක්සත් ජනපද න්‍යෂ්ටික ප‍්‍රතිපත්තිවල ඓතිහාසික මාරුවක් ලෙස පින්තාරු කිරීමට ය. ඇමරිකානු ආරක්ෂක මූලෝපාය තුළ න්‍යෂ්ටික අවිවල කාර්යභාරය අඩු කිරීමේ දශක ගණනාවක ජනාධිපතිවරුන්ගේ ද්විපාර්ශ්වීය උත්සාහයන් අවසානයට ගෙන ඒමේ ව්‍යායාමයක නිරතව සිටින බව පෙනෙන බව ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත සඳහන් කර තිබිණි. බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවය ට්විටර් පණිවිඩය විස්තර කළේ, න්‍යෂ්ටික අවිවලින් තොරව සාමය හා අරක්ෂාව පැතීමේ ජනාධිපති ඔබාමාගේ වර්තමාන ප‍්‍රතිපත්තියෙන් පෙරළිකාරීව වෙන් වීමක් ලෙස ය. එහෙත්, එය ද ඒ ආකාරයේ කිසිවක් නොවේ. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග අවම කිරීම ඔබාමාගේ ප‍්‍රතිපත්තිය නොවී ය. හාස්‍යජනක ලෙස ඔබාමාට 2009 නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමෙන් යන්තම් වසරකට පසුව 2010දී, න්‍යෂ්ටික ස්ථාපන පුනරීක්ෂණය, න්‍යෂ්ටික අවි ගොඩගැසීම නතර කරන ගිවිසුම උල්ලංඝනය කරන බව පෙනෙන රටවලට එරෙහිව පළමුව න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමේ එක්සත් ජනපදය සතු අයිතිය නැවතත් ප‍්‍රකාශ කළේ ය. 2014දී ඔහුගේ පලනාධිකාරය, පවතින්නා වූ න්‍යෂ්ටික බෝම්බ සවි කළ මිසයිලවලට වඩා බර දරන විශාල, විනාශකාරී, වඩා දියුණු මිසයිල විහිදුම් පද්ධතියක් වර්ධනය කිරීමට හා රැුඳවීමට දැවැන්ත නවීකරණයක් සඳහා නියෝග කළේය. ඔබාමා විසින් ආරම්භකත්වය ගැනුණු සැලසුම් සඳහා වසර 10ක දී ඩොලර් බිලියන 355ක් ද දශක තුනක දී ඩොලර් ටි‍්‍රලියනයක් ද වියදම් වෙතැයි ඇස්තමේන්තු කෙරිණි. නව බෝම්බ ප‍්‍රහාරක යානා හා බැලස්ටික් මිසයිල සබ්මැරීන නිෂ්පාදනය කිරීම සහ පවතින න්‍යෂ්ටික අවි කම්හල් හා පර්යේෂණාගාර වැඩිදියුණු කිරීම ද ඊට ඇතුළත් විණි. ආසියාවේ දී, ජපානය තුළ එක්සත් ජනපද මිසයිල නාශක පද්ධතියක් ස්ථානගත කරමින් ඇත. උතුරු කොරියාව හෝ චීනයට එරෙහිව පළමු න්‍යෂ්ටික ප‍්‍රහාරය එල්ල කිරීමේ ආරක්ෂක පද්ධතියක් දැන් දකුණු කොරියාව තුළ ගොඩනගමින් තිබේ. එහි දී උතුරු කොරියානු ප‍්‍රහාරක මිසයිල වෙඩි තබා බිම හෙළීම පිණිස එම ආරක්ෂක පද්ධතිය යොදා ගනු ඇත. පුටින්ගේ මෑත ප‍්‍රකාශ මඟින් තහවුරු වන්නේ එවැනිම පද්ධතියක් යුරෝපය තුළ ස්ථාපනය කෙරී ඇති බවයි. සතුරන් ලෙස චෝදනා කරනු ලබන මෙන්ම පුද්ගලයන් මිලියන සිය ගණනක් න්‍යෂ්ටිකව විනාශ කිරීමට තර්ජනය කරන පෙර පැවති පාලනාධිකාරයන්ගේ ස්ථාවරයන් සහ භාවිතාව එළඹෙන ට‍්‍රම්ප් පාලනාධිකාරිය විසින් අඩු කරනවා වෙනුවට තව දුරටත් ප‍්‍රබල ලෙස සවිබල ගන්වමින් සිටියි. මේ නිසා ට‍්‍රම්ප් විසින් අත වනමින් සිටින්නේ න්‍යෂ්ටික අවි හරණයකට නොව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් වන න්‍යෂ්ටික යුද්ධයකට බව ඉතා හොඳින් පැහැදිලි ය..