‍තස්ත්‍රවාදයේ මූලාරම්භයන් කුමක් වුවත් එයට කුමන දේශපාලන හා ආර්ථික සාධකයන් සම්බන්ධ වූවත් එය ලෝකයට ගෙන ඒම සදහා වගකිව යුත්තන් කවුරුන් වූවත් ත‍්‍රස්තවාදය යනු නූතනයෙහි භයානක වූද, සදාචාරමය වශයෙන් අනුමත කළ නොහැකි වූද ප‍්‍රපංචයකි. එය මුලිනුපුටා දැමිය යුතුය. මානුෂික සහ මනෝවිද්‍යානුකූල ලෙස අහිංසක මිනිස්සු දහස් ගණනක් අනපේක්ෂිතව සහ ප‍්‍රකම්පිතව මරුමුවට පත්වීමෙනුත් ඇමරිකානු ජනතාව තුළ මානුෂීය සහ මනෝවිද්‍යානුකූලව ඇති වූ හානිය සුළුපටු වූ එකක් නොවේ. ඔවුන් පිළිබ`ද ලෝකයේ වූ ප‍්‍රතිරූපය දෙදුරුම් කා ඇත. එය සම්පූර්ණයෙන් ම පහසුවෙන් වටහා ගත හැක. මෙහි වාසි ලැබූවෝ කවුරුන්ද? එනම් අන්ත දක්ෂිණාංශිකයින්ය. සාකල්‍යයෙන් ම නොදියුණු සහ දක්ෂිණාංශික බලවේග වර්ධනය වෙමින් පවත්නා ලෝක කැරලි පොඩි පට්ටම් කිරීමට හා මිහිතලයේ දැනට ඉතිරිව ඇති ප‍්‍රගතිශීලී සැමදෙයම සුණුවිසිණු කිරීමට කැමැත්තක් දක්වන්නාවුන්ය. එය සංවිධානය කළෝ කවුරුන් හෝ වේවා එකී ක‍්‍රියාවට වගකිව යුත්තෝ කවුරුන් හෝ වේවා එය වනාහී බරපතල වැරැුද්දක් විය. සාතිශය අසාධාරණයක් සහ මහා අපරාධයක් ද විය. සදාතනික යුද්ධයක් සහ අමුතු සටන්පාඨ යටතේ අහිංසක මිනිසුන් සීමාවකින් තොරව ඝාතනය කිරීම ස`දහා යුද්ධයක් ආරම්භ කිරීමට එකී ශෝකාන්තය නිකරුණෙහි භාවිතා නොකළ යුතුය. එවැනි යුද්ධයක් ස`දහා පදනම සංකල්පය හා සැබෑ අරමුණු හා කොන්දේසි කඩිමුඩියේ සාදාගත් ආකාරය අපි පසුගිය දින කිහිපයේ දුටුවෙමු. ඊනියා සීතල යුද්ධයෙන් පසු මානව වර්ගයා ඝාතනය කොට අතුගා දැමීමට අවශ්‍ය සූක්ෂම ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීම තවදුරටත් කරගෙන ගිය අතර යුද වියදම් ස`දහා දැවැන්ත ධනස්කන්ධයන් ආයෝජනය කිරීමෙන් ලෝකයේ අනෙකුත් රටවල් තම පූර්ණ ආධිපත්‍යයට නතුකර ගැනීමට හැකි බව සිතූහ. තමන් කරන්නේ කුමක්ද? එසේ කරන්නේ මන්ද යන්න පිළිබ`දව අධිරාජ්‍යවාදී ක‍්‍රමයෙහි න්‍යායවාදීහු හො`දින් දැන සිටියහ. ඇමරිකානු ජනතාවට ඉලක්ක කරගත් උන්මාදනීය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මිහිතලයේ ජනතාවට දැනුණු අවංක ශෝකයෙන් සහ කම්පනයෙන් පසු වරප‍්‍රසාදිත ස්ථානයන්හි සිටින අති අන්තවාදී සංග‍්‍රාමශීලි ගොදුරු සොයන්නන්, සංග‍්‍රාමික හා තාක්ෂණික හැකියාවන් අතින් ලෝකයේ බලවත්ම රට තම ග‍්‍රහණයට නතු කොටගෙන ඇත. ඝාතනය කිරීමට සහ විනාශ කිරීමට එහි ඇති හැකියාව දැවැන්තය. එහෙත් සමානාත්මතාවයට යහපතට සහ චින්තන හැකියාවට එහි ඇති ප‍්‍රවණතා අවමය. වෙනත් ධනවත් සහ බලසම්පන්න රටවල පොදු වරප‍්‍රසාද පවත්නා අවස්ථාවාදයේ වෙනත් සංකීර්ණතාද ඇතුළත් සංධානයකට බිහිසුණු, පුරෝකථනය කළ නොහැකි ප‍්‍රතිවිපාකයන් වැලැක්වීමට කිසිසේත් නොහැකිය. කුමන යුද ක‍්‍රියාවක් ඇරඹුවත් එහි ප‍්‍රථම වින්දිතයා වන්නේ ලොව දුප්පත් නොදියුණු රටවල වෙසෙන ජනයාය. විශ්වාස කළ නොහැකි ආර්ථික හා සමාජීය ගැටළුවලින් පෙළෙන, ගෙවා දැමිය නොහැකි තරම් ණයබරින් යුක්ත ජනයාය. මූලික අවශ්‍යතාවයන් ස`දහා දැවැන්ත මිල ගණන් ගෙවීමට සිදුව තිබෙන ජනයාටය. ස්වාභාවික හා පාරිසරික ව්‍යයසනයන්ට ගොදුරුවෙන ජනයාටය. කුසගින්නෙන් හා දැරිය නොහැකි දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාටය. මන්දපෝෂණයෙන් යුත් දරුදැරියන් හා භයානක ඒඞ්ස් හා මැලේරියා හා ක්‍ෂය රෝගය වැනි රෝගද බෝ නොවන රෝගයන්ගෙන් ද පීඩාවට පත්ව ඇති බිලියන ගණනාවක ජනතාවය. දරුණු ලෝක ආර්ථික අර්බුදය වනාහී දැවැන්ත ආර්ථික බල කේන්ද්‍රස්ථාන වල සිටින සියල්ලන් කෙරෙහිම නිරායාසයෙන් බල පවත්නා ප‍්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් බවට පත්ව ඇත. එවැනි අර්බුදයක් වනාහී නව තත්ත්වයන් යටතේ වර්ධනය වීමද නොවැලැක්විය හැක්කකි. අති බහුතර ජාතීන්ට එය උහුලාගත නොහැකි වන විට ව්‍යාකූලත්වයට පත් කැරලි ගැසීම් සහ පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. ධනපති රටවලට ගෙවිය යුතු මිල ද ගෙවා දැමීමට නොහැකි වනු ඇත. වර්ෂ ගණනාවකට පාරිසරික සහ පරිසර අධ්‍යයනයන් කෙරෙහි මනා අවධානයක් යොමු කිරීමට නොහැකි වනු ඇත. මක්නිසාද යත් ඒ සියල්ල යුදමය කටයුතු විසින් යටපත් කරගෙන සිටීමයි. එක්සත් ජනපද කොන්ග‍්‍රසය ඉදිරියේදී ඇමරිකානු ජනාධිපතිවරයා මෙම ප‍්‍රහාරයෙන් පැය 36කට පසු සිදුකළ කතාවට සවන්දීමෙන් පසු මනුෂ්‍යත්වය පිළිබඳ කිසියම් හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගත හැක්කේද යන ප‍්‍රශ්නය මතු කරවයි. එකී කථිකයාගේ කතාව පිළිබ`ද විශේෂණ පද දැක්වීමට හෝ එහි ගුණාගුණභාවය පිළිබ`ද විමසීමට ලක් කිරීමට මට අවශ්‍ය නැත. එම කතාවෙන් නිරූපනය වන දෙය එම කතාවෙහි කෙටි වදන් කිහිපයකින් මම අනාවරණය කරනු කැමැත්තෙමි. යුද්ධය ස`දහා අවශ්‍ය සෑම දෙයක්ම අපි උපයෝගී කර ගන්නෙමු. මෙතෙක් දැක නොමැති අන්දමේ දීර්ඝ යුද ව්‍යාපාරයක් මිස එක යුද්ධයක් ඇමරිකානුවන් බලාපොරොත්තු නොවිය යුතුය. එක්කෝ ඔබ සියල්ල අප සමග විය යුතුය. නැතිනම් ඔබත් ත‍්‍රස්තවාදීන් සමග සිටිය යුතුය. යන්න පිළිබ`දව සෑම ජනතාවක්ම අද තීරණය කළ යුතුය. සියලූ හමුදාවන් සූදානම්ව සිටින ලෙස මම දැනුම් දී ඇත. ඊට හේතුවක් තිබේ. ඇමරිකාව ක‍්‍රියාත්මක වී ඔබ ඔවුන් සාඩම්බරත්වයට පත්කරන මොහොත ල`ගාවෙන මොහොතට පත්ව ඇත. මෙය ලෝකයේ සටනකි. මෙය ශිෂ්ටාචාරයේ සටනකි. අපගේ කාලයෙහි අත්කර ගතහැකි ශ්‍රේෂ්ඨත්වය සෑම කාලයකටම තැබිය හැකි විශාල බලාපොරොත්තුවක් දැන් ඇමරිකානු ජනතාව මත ර`දා පවතී. මේ සටනහි ක‍්‍රියාවලිය අවිනිශ්චිතය. එහෙත් එහි ප‍්‍රතිඵලය නම් නිශ්චිතය. දෙවියන් වහන්සේ මධ්‍යස්ථ නොවන බව අපි දනිමු. ඉහත ස`දහන් වගන්ති තුළ අන්තර්ගත අදහස් පිළිබ`දව සන්සුන්ව එහෙත් ගැඹුරින් සිතා බලන ලෙස මම සහෝදර රටවැසියන්ගෙන් ඉල්ලමි. එක්කෝ ඔබ අපි සමගද? නැතහොත් ත‍්‍රස්තවාදීන් සමගද? එක්සත් ජනපද කොංග‍්‍රසය ඉදිරියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ කිසිම ජාත්‍යන්තර ආයතනයකට හෝ නීති රීතියකට පටහැනි හුදෙක් බලය මත පදනම් කරගත් ලෝක ව්‍යාප්ත යුද ආඥාදායකත්වයක් පිළිබ`ද අදහසකි. වර්තමාන අර්බුදයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය නොසලකා හැර ඇති අතර දැන් ඇත්තේ එක් ලොක්කෙක්, එකම විනිශ්චයකරුවෙක්, එකම නීතියකි. එක්කෝ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සමග නැතහොත් ත‍්‍රස්තවාදය සමග සංධාන ගතවීමට අප සියලූ දෙනාට නියම කොට ඇත. කියුබාව වනාහී ඉතා දීර්ඝ වශයෙන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ගෙන් පීඩාවි`ද ඇති රටක් වන අතර ලෝකයේ කිසිදු රටකට ඊට තර්ජනය කළ නොහැකි බැවින් කියුබානු ජනතාවට කිසිම දෙයක් කෙරෙහි බියවීමට හේතුවක් නැත. එබැවින් ත‍්‍රස්තවාදයට විරුද්්ධ බව ප‍්‍රකාශ කිරීමටත්, එනම් යුද්ධයට විරුද්ධ වීමටත් ඔවුනට සදාචාරාත්මක බලයක් තිබේ. යුද්ධය ස`දහා වන ශක්‍යතාවයන් දැන් තුනී වී ඇතත්, පුරෝකථනය කළ නොහැකි ප‍්‍රතිවිපාක ගෙනදෙන යුද්ධයක් වැලැක්වීමේ අවශ්‍යතාවය කියුබාව නැවත නැවතත් තහවුරු කරයි. එසේම ත‍්‍රස්ත‍්‍රවාදය මූලෝත්පාඨනය කිරීම ස`දහා සියලූ රටවල් සමග සහයෝගයෙන් ක‍්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත කියුබාව පුනරුච්ඡුාරණය කරයි. තරුණ ඇමරිකානු යුද භටයන් හුදකලාගතව ළ`ගාවිය නොහැකි ඈත ප‍්‍රදේශ වල කරනු ලබන අවිනිශ්චිත සටන් ස`දහා යොමු නොකරන ලෙස අරමුණක් ඇති සාමකාමී මිතුරෙකු ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට උපදෙස් දිය යුතුය. ඇමරිකානු ජනතාව සතුරු බව කියුබාව කිසිදින ප‍්‍රකාශ නොකරයි. ඉහත ජනධිපතිවරයාගේ ප‍්‍රකාශය මගින් ඇමරිකානු ජනතාව වෛරය සහ පළිගැනීම වපුරන ජනතාවක් බවට පත්කරන අතර සාමය ස`දහා ගයන ගීතිකාවන් ද තහනම් කර ඇත. එහෙත් අනෙක් අතට ප‍්‍රකාශිත යුද්ධය පැවතුනත් කියුබානු ජනතාව සාමයේ ගීතිකා සහ සංගීතය නොනවත්වා ගයනු ඇත. කුමක් සිදුවුවත් කියුබානු දේශය ඇමරිකානු ජනතාවට එරෙහිව ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් ස`දහා කිසිදිනක භාවිතා නොකරනු ඇත. එමෙන් ම එකී ජනතාවට විරුද්ධව කරන සෑම ක‍්‍රියාවක්ම වැලැක්වීම ස`දහා අපගේ බල සීමාව තුළ කළහැකි සියලූ දෙයක්ම කරන්නෙමු. සාමය සහ නිහැ`ඩියාව ඉල්ලමින් අපි අපගේ සහයෝගීතාවය ප‍්‍රකාශ කරන්නෙමු. ඒ අතර තවත් කිවයුත්තක් තිබේ. අපට පහර දුනහොත් අපගේ අවසන් ලේ බි`දුව දක්වා අපගේ නිදහස, අපගේ මූලධර්ම හා අපගේ සමාජය අත්පත් කර ගැනීම් ස`දහා අපි සටන් කරන්නෙමු. එවැනි දෙයක් කිරීම ස`දහා ව්‍යාජ හේතු නිර්මාණය කිරීම ලේසි පහසු දෙයක් නොවේ. පතල යුද්ධායුද භාවිතා කරමින් කරනු ලබන යුද්ධයක් පිළිබ`දව දැන් ඔවුන් කතා කරන බැවින් එය අපට අලූත් අත්දැකීමක් නොවුනත් ඒ පිළිබ`දව සිහිකිරීම හොදයි. දශක හතරකට පෙර සංග‍්‍රාමික සහ උපක‍්‍රමශීලී න්‍යෂ්ඨික අවි කියුබාව කෙරෙහි යොමුකර තිබේ. එම කරුණ කෙරෙහි අප රට එකම වැසියෙකුවත් නිදිවරා සිටි බවක් කිසිවකු නොදනී. අප වනාහී එකී වීරෝදාර ජනතාවගේ ¥ පුතුන්ය. ඔවුන් පෙර කවරදාටවත් වඩා අද විප්ලවවාදී හා වීරෝදාර බවකින් යුක්තය. ලොවට තර්ජනය කරන භයානක නාටක පිළිබ`ද ලෝකය අවබෝධ කරගනු ඇත. එයින් සිදුවිය හැකි වේදනාවන් පිළිබඳව ඔවුනට දැනෙනු ඇත. ලෝකය ඊට විරුද්ධව හ`ඩ නගනු ඇත. පෙර කිසිදාකටත් වඩා ප‍්‍රමුඛත්වයෙන් සහ අධිෂ්ඨානශීලීත්වයෙන් ප‍්‍රකාශ කිරීමේ මොහොත කියුබානුවන්ට දැන් එළඹ ඇත. ” සමාජවාදය හෝ මරණය” ” මව්බිම හෝ මරණය” ” අපට ජය නියතය ” .