ලංකා සතොස මඟින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 29,239 (කිලෝ ග‍්‍රෑම් 2,92,39,000*ක තොගයක් 2015 නොවැම්බර් මස අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. වැඩි දුරටත් හෙළි වන්නේ මෙම ආනයනික සහල් කිලෝවක් සඳහා පිරිවැය රුපියල් 105.00ක් පමණ වූ ඉහළ මිලක් දරා තිබූ බවයි. වරාය ගාස්තු, ගබඩා ගාස්තු, විදුලිය, සේවක වැටුප්, සහල් ආනයනය සඳහා ලබා ගත් බැංකු ණය සඳහා පොලී ගෙවීම් ආදී විවිධ වියදම් රැුසක් එකතු වී මෙම මිල තීරණය වී තිබෙන බව හෙළි කර තිබේ. මේ අනුව අතුරුදහන් වූ සහල් තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 307 (රුපියල් තුන්සියහත් කෝටි අනූපන් දහස*ක් වී තිබේ. (රුපියල් 105×කිලෝ 2,92,39,000* සහල් තොගය අතුරුදහන් වීම හවුල් ආණ්ඩුව බලයට පත් වූ 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් මාස තුනකට පසුව සිදු වී තිබීම විශේෂත්වයක් ය. පසුගිය වසරේ නෙළා ගත් වී අස්වනුවලින් විශාල තොගයක් පෞද්ගලික ගබඩාවල සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙන අතර, විශාල සහල් තොගයක් ද එම දෙඅංශයේ ම තිබිය දී, සහල් කිලෝවක මිල රුපියල් සියයකට ළඟ වී තිබේ. වේගයෙන් ඉහළ යමින් පවතින හාල් මිල පාලනය කරමින්, ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහල් ආනයනය කිරීමේ අවසරය පෞද්ගලික අංශයට ලබා දීමට පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනි දින කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. පවතින නියඟය හමුවේ ඇති විය හැකි දැඩි ආහාර හිඟයට මුහුණ දීම සඳහා කොළ වර්ග ආහාරයට ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා කරුණු ඉදිරිපත් කරන තරමට තත්ත්වය බරපතල ව තිබිය දී, මෙම සහල් තොගය අතුරුදහන් වීම පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලංකා සතොස පවතින අතර, රිෂාඞ් බදියුදීන් එහි ඇමතිවරයා ය. .