මේ වන විට මධ්‍යම කඳුකරයේ දිය කඳුරු සහ දොළ පහරවල් සියල්ල වේගයෙන් සිඳී යමින් බරපතල නියඟයක් ඇති වීමේ පෙරනිමිති සියල්ල තිබුණ ද, ආණ්ඩුව එහි ප‍්‍රතිවිපාක අවමස කර ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ කර නැති බව පරිසරවේදීන්ගෙන් චෝදනා නැෙඟමින් තිබේ. පවතින දැඩි වියළි කාලගුණය නිසා සියලූ ම ගිනි තැබීම් සහ දහනයන් අවම කිරීම, දෛනික ජීවන කටයුතු සහ අනෙකුත් සියලූ කටයුතුවල දී ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කිරීම මෙන් ම පොළොව මතුපිට තිබෙන දිරා යන කොළ රොඩු ඇතුළු ද්‍රව්‍යවලින් හිරු කිරණට පොළොව ආවරණය වන සේ පවත්වාගෙන යාම, ලඳු කැලෑ එළි නොකිරීම, නැවත මහ වැසි ඇරැුඹෙන තුරු කුමන හේතුවක් නිසාවත් අත්තක් හෝ කපා ඉවත් නොකරමින්, ගස් වැල් රැුක ගැනීම ආදී මූලික ආරක්‍ෂක පියවර පවතින බව ඔවුහු පෙන්වා දෙති. මේ සඳහා පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙමින්, ජනතාව දැනුම්වත් කිරීම පළමු සහ අත්‍යවශ්‍ය කටයුත්ත බව අවධාරණය කෙරේ. පුළුල් දැනුමක් සහිත මහජන සහභාගීත්වය නියඟයට මුහුණ දීමේ අත්‍යවශ්‍ය මූලික කොන්දේසිය වී තිබේ. මෙම කටයුතු අමතර පිරිවැයක් නොදරා සියලූ ජනමාධ්‍ය උපයෝගී කරගෙන කි‍්‍රයාත්මක කළ හැකි වුව ද, පරිසර ඇමති වශයෙන් ජනාධිපතිවරයා මේ කෙරෙහි අවාධානය යොමු නොකිරීම කනගාටුදායක බව ද පරිසරවේදීහු වැඩි දුරටත් පෙන්වා දෙති. නියඟයට පූර්ව සූදානම් වීමේ දී කිසිදු මූල්‍ය පිරිවැයක් නොදැරිය යුතු වුවත්, ආණ්ඩුව හැම විට ම මූල්‍ය පිරිවැයක් දරන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බවට ඔවුහු චෝදනා කරති.