ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය ඉහළින් සමරනු ලැබිණි. ඒ පසුගිය ජනවාරි 08 වෙනිදාය. දැන් සිදුවෙමින් යන කරුණු අනුව ඉදිරියේදීත් යෙදෙන පදවි ප‍්‍රාප්ති උත්සව මෛත‍්‍රී, ජනාධිපති ලෙසම සිටිමින් සැමරීමට බලාපොරොත්තු වන බව පෙනී යයි. එය 2020න් ඔබ්බට ද ඇති බලාපොරොත්තුවක් බව ශ‍්‍රී.ල.නි.ප.ය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගෙන් ප‍්‍රකාශ වී ඇත. දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක වැනි අය ප‍්‍රකාශ කළේ 2020දීත් ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන බව ය. මේ මැති ඇමතිවරුන්ටත්, රටේ බොහෝ දෙනාටත් අමතක වෙමින් යන (නැතහොත් අමතක වුණා සේ ර`ගපාන* ප‍්‍රධාන කරුණක් තිබේ. එනම් මෛත‍්‍රී බලයට පත් වූයේ කුමක් සඳහා ද යන්න ය. ජනතාව හමුවේ තැබූ ප‍්‍රධානතම පොරොන්දුව කුමක් ද යන්න ය. එනම්, රාජපක්ෂ පාලනය පරදවා, පොදු අපේක්ෂකයා ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය නමැති ඒකාධිපති තනතුර අහෝසි කිරීම ය. මැතිවරණයේදී නම් කීවේ, බලයට පත් වී දින 100ක් ඇතුළත එය ඉටු කරන බවය. එහෙත් දින 100 ද රබර් දින 100ක් බවට පත් වී අවසානයේ 19වන සංශෝධනය නමින් මී පැටියෙකු වදනු ලැබිණි. 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ඇති කරන ලද මෙම විධායක පුටුව රටේ මතු වූ බොහෝ ව්‍යසනවලට එක් ප‍්‍රධාන හේතුවක් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද, 2005 මහින්ද රාජපක්ෂ මහතා ද බලයට පත් වූයේ මෙම ඒකාධිපති තනතුර වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු දෙමිනි. එහෙත්, ඒවා හුදු වචන මාත‍්‍රයක් පමණක් විය. එහෙත් 2015 මෙම වියරු බලය අහෝසි කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වූ නමුත් එය ද පෙරකී මී පැටියා වැදීමෙන් අවසන් විය. ඉන්පසු ජනාධිපති මෛත‍්‍රී ප‍්‍රකාශ කළේ 2020 දක්වා තමන් මෙම තනතුරේ සිටින බවත්, ඉන්පසු විධායක බලතල සහිත ජනාධිපති තනතුරක් නොපවතින බවත් ය. එහෙත්, ඒ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශ‍්‍රී.ල.නි.ප. සභාපති තනතුර හිමි විය. එතැන් පටන් පොදු අපේක්ෂක ජනපති වගකීම වෙනුවට ශ‍්‍රී.ල.නි.ප. සභාපතිකම වැදගත් ලෙස සලකමින් කටයුතු කරන්නට වීමෙන් තමන් බලයට පත් කළ බලවේගය හා ඔවුන්ට වූ පොරොන්දු මොනවා ද යන්න ජනාධිපතිවරයාට අමතක වීමට පටන් ගත් බව පෙනේ. රාජපක්ෂ පාලන සමයේ මහජන මුදල් මහා පරිමාණව වංචා කළවුන්ට, දේශපාලන බලය ස`දහා අපරාධ කළවුන්ට දඬුවම් ලබා දී යහපාලනය ඇති කිරීමත්, තව දුරටත් එවැනි ¥ෂණ හා අපරාධ සිදුවීම වැළැක්වීමත්, ප‍්‍රධාන ජනතා අපේක්ෂාවන් වුව ද, එය ද තවත් එක් සිහිනයක් පමණක් බවට පත් විය. ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ එ.ජා.ප.ය හා ශ‍්‍රී.ල.නි.ප.ය එක් වී වුවද එ.ජා.ප.ය වෙනම බල ක`දවුර ගොඩන`ගන්නට යාම ද, ශ‍්‍රී.ල.නි.ප.ය වෙනම බල ක`දවුර ගොඩනඟන්නට යාම ද තුළ තව තවත් ප‍්‍රතිවිරෝධතා උග‍්‍ර වී තිබේ. එය 2020 බලය උරගා බැලීම දක්වා පෙළගැසී තිබේ. ඒ අතර හොරකම්, වංචා, ¥ෂණ රාජපක්ෂ පාලනයේ සේම සිදු වීමත්, රටේ ජාතික සම්පත් බහු ජාතික සමාගම්වලට හා විදේශවලට බිලි දීමත් උත්සන්න වී තිබේ. මේ සියල්ල තුළ විධායක ජනාධිපති බලතල අහෝසි කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ක‍්‍රමයක් ඇති කරන පොරොන්දුව යටපත් වී තිබේ. දැනට එය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ‘නොකෙරෙන වෙදකම’ට ඇතුළත් කර තිබේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබ`ද කතිකාව තුළ විධායක ජනාධිපති බලතල සංශෝධනයත්, නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමත්, 13වන ආණ්ඩුක‍්‍රම සංශෝධනයේ යෝජිත බලය බෙදාහැරීමේ කරුණුත් ප‍්‍රධාන වශයෙන් ඇතුළත් වී තිබේ. දැනට ඒ ස`දහා යෝජනා ඉදිරිපත් කරන ලෙස දේශපාලන පක්ෂවලටත් විවිධ සංවිධානවලටත් දැනුම් දී තිබේ. මෙහිදී නව මැතිවරණ ක‍්‍රමයත්, විධායක බලතල සංශෝධනය කිරීමත් සම්බන්ධව බොහෝ පාර්ශ්වයන් තුළ එක`ගතාවයක් පවතී. ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය ඇත්තේ 13වන සංශෝධනයේ කරුණු සම්බන්ධව ය. මේ සියල්ල එකම ව්‍යවස්ථාවක් තුළට ඇතුළත් කිරීමට යාමෙන් පොදු එක`ගතාවක් ඇති, එසේම රටට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් හිතකර යෝජනාවන් ද නොකෙරෙන වෙදකමේ මල්ලට වැටී තිබේ. ඒ නිසා ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ සැලකිය යුතු වැදගත්ම කරුණ වන විධායක ජනාධිපති තනතුර සංශෝධනය කිරීම වෙනම ගෙන ඉදිරිපත් වන්නේ නම් එයට පොදු අනුමැතිය ලබා ගැනීම අපහසු නොවේ. එහෙත් 2020දීත් ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා යැයි ආණ්ඩුවේ ඇමතිවරු කරන ප‍්‍රකාශය තුළ ඔවුන්ගේ සැබෑ අරමුණ රට ගැන සිතීම නොව තම තනතුර හා වරදාන පිළිබ`දව සිතීම බව හෙළිදරව් කරයි. බලය වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කරන දේශපාලකයන් ගැන පුදුම විය යුතු නැත. එහෙත් පුදුමය වන්නේ මේ දහජරා දේශපාලනය ඉවසන ජනතාවක් සිටීමය. .