”සර් අද මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෙට කැම්පස් එකට අවශ්‍ය මෙඩිකල් එක ගත්තොත් ඒක ප‍්‍රශ්නයක් වෙනවද?” ”මෙඩිකල් එකට ප‍්‍රශ්නයක් නැහැ, ඒත් මේ පුරුදු නතර නොකළහොත්, ජීවිතයට ප‍්‍රශ්නයක් විය හැකියි. හැකි නම් කලින් දන්වා ඉඩ ඇති විටක හමුවන්න’’ ”තැන්ක් යූ සර්. මා ඔබ හමුවීමට පැමිණෙන්නම්” සරසවියට නවකයකු වන ඔහු ද, අප ද අතර සිදු වන මේ ‘එස්.එම්.එස්’ සංවාදයෙන් පිළිබිඹු වන්නේ රටේ වර්තමාන මත්ද්‍රව්‍ය භාවිතයේ සැබෑ ස්වරූපයයි. කට වචනයෙන් පමණක් මැඬලිය නොහැකි මේ ව්‍යසනයෙන් රට ද, හෙට ද බේරා ගත යුතු ක‍්‍රමවේදය තෝරා ගත යුත්තේ නොපමාවය. ජාතිික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය මගින් ප‍්‍රකාශිත, 2016 මත්ද්‍රව්‍ය තොරතුරු වාර්තාවට අනුව දැක්වෙන්නේ 2015දී මත්ද්‍රව්‍ය වැරැුදි සඳහා අත්අඩංගුවට පත් වූ සංඛ්‍යාව 82,482ක් වශයෙනි. මත්ද්‍රව්‍ය වශයෙන් හෙරොයින් සම්බන්ධව සියයට 32ක ද, ගංජා සම්බන්ධව සියයට 63ක ද ප‍්‍රතිශතයන් සහිතව සිදු වූ මේ අත්අඩංගුවට ගැනීම් 2014 වසර හා සසඳන විට සියයට 23ක ප‍්‍රතිශතයකින් වැඩි වූ බවට ද සඳහනකි. එහෙත්, වාර්තාවේ සටහන්ව ඇති අයුරින්ම මෙලෙස අත්අඩංගුවට පත් බහුතරය සිය භාවිතය සඳහා ඉතා සුළු ප‍්‍රමාණ වශයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයන් මිස තොග ප‍්‍රමාණයකට වග කියන්නන් නොවේ. අද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ එක් සුලබ වාර්තාවකට මාතෘකා වන්නේද හෙරොයින් හෝ ගංජා ස්වල්ප ප‍්‍රමාණයක් ළඟ තබා ගන්නන්ය. මොවුන් එලෙස හෙරොයින් හෝ ගංජා ළඟ තබා ගන්නා කාරණය හරිහැටි විමසා බැලීමේ වැදගත්ම අවශ්‍යතාවය වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගැලපෙන මාර්ගය සකසා ගැනීමටය. මත්ද්‍රව්‍යයකට ළං නොවී සිටීමට කිසිවකුගේ මනසට ළං කළ යුතු එක් විශේෂිත පණිවුඩයකි. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට හසු වී, බන්ධනාගාරයට, රැුඳවුම් කඳවුරට වැටෙන මේ පුද්ගලයන් සමඟ වන කතාබහක දී හැමදාමත් පැහැදිලිව මතු කොට ගත හැකි වන්නේ ඒ පණිවුඩයයි. වසර කිහිපයක් තිස්සේ මෙවැන්නන්ට මාර්ගෝපදේශනය සැපයීමේ දී අපට දැනෙන්නේ මේ පණිවුඩය ලද්දේ නම් ඔවුන් මෙතැනට නොවැටෙන බවය. අදාළ සංවාදයේ දී මත්ද්‍රව්‍ය ප‍්‍රථමයෙන් ලබා ගත්තේ තමන්ගේ වුවමනාවට දැයි යන පැනයට සියල්ලන්ගෙන් සැපයෙන්නේ ‘නැත’ යන පිළිතුරය. ඔවුන් එතැනට ප‍්‍රවේශය සපයා ගෙන ඇත්තේ කිසිවකුගේ පෙළඹවීමකිනි. එලෙස වන පෙළඹවීමට අනුව ඔවුන් සිතා ඇත්තේ, මත්ද්‍රව්‍ය හිත ද, ගත ද ප‍්‍රාණවත් වන ආකාරයේ රසවත් හා වැදගත් සංයෝගයක් වශයෙනි. සිය කෝඩුකාර අත්දැකීමේ දී එවැනි රසයක් හෝ ප‍්‍රියජනක බවක් නොදැනුණ ද, තව දුරටත් මත්ද්‍රව්‍ය ගැනීමට ඔවුන් කටයුතු කොට ඇත්තේ තමන් පෙළඹවීමට ලක් කළ අපාය සහායක පුද්ගලයාගේ තවත් උපදේශයකට අනුව ය. එහි දී අදාළ පුද්ගලයා පවසා ඇත්තේ, ප‍්‍රියජනක ප‍්‍රතිචාරයට ළඟා වනු පිණිස දිගින් දිගටම මත්ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කළ යුතු බවයි. උගුල එතැන බවට වන දැනුම්වත්බව නොපැවැති හෙයින් එහි වැටුණු ඔවුන් එතැන් සිට සිය ජීවිතය අවුලෙන් අවුලට පත් කොට ගෙන ඇති බව පැහැදිලි ය. විසක් වන මුත් මත්ද්‍රව්‍ය දිගින් දිගටම ගැනීමේ දී සිරුර පත්වන්නේ එලෙස ගන්නා විස මත රඳා පැවතීමේ (ෘැචැබාැබජැ* අවස්ථාවට ය. එහෙයින් මේ වස විස සිරුරට ඇතුළු කොට ගැනීම නැවතුණු මොහොතක විවිධ අපහසුතාවයන් මතු වීම අපේක්ෂිත ප‍්‍රතිඵලයය. මේ ප‍්‍රතිඵලය හැඳින්්වෙන්නේ එලෙස රඳා පැවතීමේ අවස්ථාවට පත් වූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ගැනීම නතර කළ විට පළ වන රෝග ලක්ෂණ (උසඑයාර්අ්ක ිහපචඑදපි* වශයෙනි. කෑම අරුචිය, වමනය, සිරුරේ පේශි වේදනා, නින්ද නොයාම, නාසයෙන් හා දෙඇසින් ස‍්‍රාව නිකුත් වීම, නොසන්සුන් බව ඇතුළත් වන්නේ එලෙස සිය නොදැනුම්වත් බවින් හා වුවමනාවෙන් ඇති කොට ගත් රෝග ලක්ෂණ අතරටය. මෙතැන් සිට කිසිවකු මත්ද්‍රව්‍ය තව තවත් ලබා ගන්නේ එලෙස වුවමනාවෙන් ලබා ගත් රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් කොට ගැනීමටය. කාලයක දී සිදු වන්නේ මේ ලෙසට ලෙඩ ලකුණු මැඬපවත්වනු පිණිස ගන්නා මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය දවසින් දවස ඉහළ දමා ගනිමින් ඇබ්බැහිය (්ාාසජඑසදබ* නම් වන අවස්ථාවට පත්වන්නටය. මත්ද්‍රව්‍ය උගුලට වැටෙන ආකාරය පිළිබඳ මේ පණිඩුඩය මෙරට යෞවනයට, තාරුණ්‍යයට තවමත් හරිහැටි නොලැබෙන බව පැහැදිලිය. මෙහි දී විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයකි. එනම්, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ගෙන් බහුතරය සිය ප‍්‍රථම මත්ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කොට ඇත්තේ, වයසින් අවුරුදු 15ත් 25ත් අතර කාල පරාසයක දී වන බව සියලූ සමීක්ෂණවලදී තහවුරුව ඇති බවය. එහෙයින්ම පාසලට, උසස් අධ්‍යාපන ආයතනයට මේ පණිඩුඩය හරිහැටි ගෙන යා නොහැකි නම්, කාර්යසාධක බළකායක් මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂණය සහිතව පැවැතීමෙන් බලධාරීන්ට ම මිස රටේ ජනතාවට අත් වන සුගතියක් නැත. විටෙක යම් සංදර්ශන ව්‍යාපෘතියක දී දේශපාලක කතා කනේ ගෑවී යාමට සලස්වා පාසල් සිසුන් පිරිසකගේ දෑත් තිරස් තලයක ඉදිරියට පිහිටුවා ප‍්‍රතිඥා දීමේ දර්ශන හෝ වාර්තා මඟින් සිදු කළ හැකි වන්නේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ හිස්තැන් පිරවීමක් ම පමණකි. කළ යුතු දේ, විය යුතු දේ නොකෙරෙන රටක, නොවෙන රටක හිත රවටන, නෙත රවටන මෙවැනි සංදර්ශන සඳහා ද පවතින්නේ අසීමිත අවකාශයකි. මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බළකායක මෙහෙවර ලෙස ප‍්‍රකාශ වී ඇත්තේ ද, මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ක‍්‍රමානුකූලව අඩු කිරීමෙන් ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරීම මඟින් සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමත්, දිළිඳුකම පිටුදැකීමත් සඳහා සක‍්‍රීයව ක‍්‍රියාත්මක වීමය. ඒ කෙසේ වෙතත්, 2016 අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තා අනුව ද පැහැදිලි වන්නේ මේ මෙහෙවරට අදාළ අපේක්ෂා ඉටු වනු පිණිස පවතින අවකාශය සීමිත බවය. මත්ද්‍රව්‍ය සොච්චමක් ළඟ තබා ගැනීමේ වරදට හසු වූ අත්අඩංගුවට පත් පිරිසෙහි යම් වැඩිවීමක් සටහන් වුවද, වාර්ෂිකව ආරක්ෂක අංශ මඟින් හසුකොට ගත් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණ සම්බන්ධයෙන් දැක්වෙන්නේ පැහැදිලි අඩුවීමකි. 2014දී එලෙස නීීතියේ රැුහැනට හසු කොට ගත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් ගණනින් 312ක් වන විට, 2015 දී ඒ ප‍්‍රමාණය දැක්්වෙන්නේ කිලෝ ග‍්‍රෑම් 46කිනි. 2014 දී හසු කොට ගත් ගංජා කිලෝ ග‍්‍රෑම් ගණනින් 19,644ක් වන විට 2015දී ඒ ප‍්‍රමාණය දැක්වෙන්නේ කිලෝග‍්‍රෑම් 6,569කිනි. හසුවන මත්ද්‍රව්‍ය එලෙස ප‍්‍රමාණයෙන් පහළ බසින අතරතුරදීම වටපිටාවේ අසන්නට දකින්නට ඇති දේ අනුව පැහැදිලි වන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණයේ දී යම් පිරිසකට පැවතීමට අත්‍යවශ්‍ය වන දැනීමක්ද පහළ බැසීමකට ලක්ව ඇති බවය. එලෙස පහළ ගොස් ඇත්්තේ, රටේ සියලූ අහුමුළු වෙත මේ වසවිස බෙදාහරින්නන් තුුළ පැවති බිය සැක හා චකිතයය. මෙහි දී යළි යළිත් ප‍්‍රත්‍යක්ෂ වන්නේ සමාජ උවදුරු නිවාරණයේ දී වන ඵලදායී ක‍්‍රියාකාරකම් සඳහා රාජ්‍ය මැදිහත් වීම පමණක් නොව පුද්ගල සාධකද අත්‍යවශ්‍ය වන බවය. පාතාලයේ හිස එසවීමට ද මේ සියලූ සාධක සම සමව බලපා ඇති බව පැහැදිලිය. වාර්ෂික මද්‍යසාර නිෂ්පාදනය ද ඉහළ යමින් පවතින බවට සාක්ෂි සපයන්නේ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ 2016 මත්ද්‍රව්‍ය තොරතුරු වාර්තාවය. 2014දී ලීටර් හැට දෙලක්ෂයක පොල් අරක්කු නිෂ්පාදනය 2015දී ලීටර් හැත්තෑ අට ලක්ෂයක්ද, 2014දී විසි එක් ලක්ෂයක මොලෑසස් අරක්කු නිෂ්පාදනය 2015දී ලීටර තිස් අට ලක්ෂයක්ද, 2014දී ලීටර් තිස් එක් ලක්ෂයක විශේෂිත අරක්කු නිෂ්පාදනය, 2015දී ලීටර් තිස්පන් ලක්ෂයක්ද බවට පත් වන විට, බෝතල් කළ රා නිෂ්්පාදනයේ ඉහළ යාමද දැක්වෙන්නේ ඒ හා සමාන පිළිබිඹුවක් වශයෙනි. ඒ අනුව 2014දී ලීටර් අනූ හත් ලක්ෂයක් වූ බෝතල් කළ රා නිපැයුම 2015දී පත්ව ඇත්තේ එක් කෝටි හාර ලක්ෂයකටය. බියර් නිෂ්පාදනයේ ඉහළ යාම සටහන් වන්නේ එහි අන්තර්ගත මද්‍යසාර ප‍්‍රතිශතයේ බලපෑම ද පැහැදිලි කරමිනි. ඒ අනුව මද්‍යසාර ප‍්‍රතිිශතය සියයට 5කට අඩු තත්ත්වයේ බියර් නිෂ්පාදනය 2014දී හා 2015 දී ලීටර් එක්කෝටි විසි ලක්ෂයේ සීමාවේ පවතින විට මද්‍යසාර ප‍්‍රතිශතය සියයට 5කට වැඩි තත්වයේ බියර් නිෂ්පාදනය සම්බන්ධයෙන් පෙන්නුම් වන්නේ 2014 දී ලීටර් එකොළොස් කෝටි දහඅට ලක්ෂයේ සිට 2015දී ලීටර් එකොළොස් කෝටි තිස් එක් ලක්ෂය දක්වා වන වැඩිවීමකි. නිකුත් වූ දුම්වැටි ප‍්‍රමාණය සම්බන්ධයෙන් පමණක් 2015දී 2014 හා සසඳන විට අඩු වීමක් හෙවත් යහපත් ප‍්‍රතිචාරයක් පවතී. 2006 ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත ක‍්‍රියාත්මක වීමට අනුව වසරින් වසර සිදුවෙමින් පවතින මේ අඩු වීම කෙසේ හෝ 2015ට ද සුරැුකිව ඇති බව පැහැදිලිය. අද රටේ බොහෝ තැන් ද, ආයතන ද හැරෙන්නට අධ්‍යාපන ආයතන තුළ ද රැුඳෙන්නන් සැලකිය යුතු පිරිසක් මත් උවදුරට ගොදුරුව වල්මත් වෙමින් පසුවන බව කරුණු දන්නා පිරිසට රහසක් නොවේ. ගංජාද, කේරල ගංජාද, හෙරොයින්ද, වෙනත් ඖෂධ ආකාරයේ පෙතිද මේ ස්ථාන ආක‍්‍රමණය කොට ගනිමින් ඇත්තේ බාධාවකින් තොරවය. සියල්ල එලෙස සිදු වන අතරවාරයේ දී මත්ද්‍රව්‍ය නිවාරණයට පිට පොට ගැසිය යුතු ඇතැම් කාර්යසාධක බළකා බලධාරීන් ලක ලෑස්ති වන්නේ චක‍්‍රලේඛ නිකුත් කිරීමකින්, රාජ්‍ය ආයතන තුළ නාමික කමිටු පිහිටුවීමකින් කාලය ගෙවා ගැනීමේ කල්ක‍්‍රියාවකටය. වරක් රූපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනකට පැමිණි අදාළ බලධාරීන් මෙවැනි ප‍්‍රකාශ සපයා ස්වයං තෘප්තියකින් පසුවන අවස්ථාවක දී, අප දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පළ කොට සිටියේ, ඵලදායී මත්ද්‍රව්‍ය නිවාරණයක දී ඉලක්ක කොට ගත යුතු ප‍්‍රධාන කාරණා පිළිබඳවය. එහෙත්, එදින මේ වැඩසටහනට සම්පත්ධාරීන් වූ මේ බලධාරීන් එහි දී ද අනුගමනය කරන ලද්දේ බීරි අලි න්‍යායම ය. ඒ අපගේ අදහසට ප‍්‍රතිචාර පළ නොකරමින්, ඔවුන් එදිනට හිතේ හා පතේ ලියාගෙන ආ දේ තව දුරටත් වමාරා දමනු දක්නට ලැබිණි. මත් රකුසා රටේ ජාතියේ මොළ වනසා දැමීමේ ව්‍යාපෘතියක එදාට වැඩි වේගයකින් ද, නිදහසකින් ද නියැළෙමින් සිටින ආකාරය පිළිබඳ හරි අවබෝධයකින් පසුවීම මෙවැනි අවස්ථාවකදී රටවැසියන්ගේ ද වගකීමය. බළකායකට ද වළකාලිය නොහැකි මතට තිත කෙසේ වෙතත් කොමාවක් වත් තබා ගැනීමට එවැනි දැනුම්වත් බව අත්‍යවශ්‍යය..