නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් මෙරට තුළ අරගල සිදුව ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෑත කාලයේ දී සමාජය තුළ පැන නැඟී ඇති එවන් අරගලයක් වනුයේ, සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට එරෙහි අරගලයන් ය. මෙවර විද්වත් සාකච්ඡුාව ඒ පිළිබඳව ය. සයිටම් නඩු තීන්දුව ගැන ඔබේ අදහස මොකක් ද? අපි මුලින්ම බලන්න ඕන අධිකරණයේ දී පෙනී හිටපු පාර්ශ්ව මොනවා ද කියලා. සයිටම් ආයතනයෙන් බිහි වෙච්ච දරුවෙක් ඉන්නවා. මේ දරුවා අධිකරණයට ගිහිල්ලා වෛද්‍ය සභාව එක වගඋත්තරකාරයෙක් කරනවා. ඒ එක්කම සයිටම් එකත් වගඋත්තරකාරයෙක් කරනවා. සයිටම් එකට පුළුවන් තරම් උදවු කරන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගඋත්තරකරුවන් බවට පත් කරනවා. එතකොට තනියම සටන් කරන්නේ වෛද්‍ය සභාව විතරයි. රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ප‍්‍රමිතිකරණ ආයතනය රකින්න වත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්නෙ නෑ. එතකොට මේ තීන්දුවට බලපාලා තිබෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ වැරැුදි ක‍්‍රියාකලාපය. මේ තීන්දුවේ වැරැුද්දක් තිබෙන බව වෛද්‍ය සභාව පිළිගන්නවා. හැබැයි ඇමතිවරයා ඒක පිළිගන්නෙ නැහැ. විශ්වවිද්‍යාල පනත අනුව 27.1 මගින් උපාධි පිරිනැමීමේ අයිතිය තියෙන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයාට. ඒ වගේම 27.2 වගන්තියෙන් කියනවා 27.1 වගන්තිය ක‍්‍රියාත්මක කරන්න නම් තනි ගැසට් එකකින් මේක ගහන්න ඕන කියලා. එතකොට මේ උසාවි යන ළමයා කියන්නේ මට කන්ඩිෂනල් ගැසට් එකක් තියෙනවා. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සයිටම් එකට යවපු ලියුමක් තිබෙනවා. මෙන්න මේ දෙක එකතු වෙලා තමයි මට උපාධි පිරිනැමීමක් ලැබිලා තියෙන්නෙ කියල ළමයා කියනවා. එහෙම නීතියක් නැහැ. මොකද 27.2 පෙන්වන්නෙ නැතුව 27.1 විතරයි වගඋත්තරකාරයෝ අධිකරණයට පෙන්වන්නෙ. ඒ අනුව තමයි අධිකරණය මේ තීරණය දීලා තිබෙන්නේ. මේවා අරන් බැලූවාම ඇමතිවරුන් දෙදෙනාගේ වැරැුද්ද එහෙමපිටින්ම පේනවා. සයිටම් එකට වෛද්‍ය සභාවෙන් පිිළිගැනීමක් දීලා නැහැ. දීපු නැති බව ඇමතිතුමාට දැනුම් දීලා තිබෙනවා දෙන්නෙ නැති වෙන්න හේතුත් එක්ක ම. හැබැයි වෛද්‍ය ආඥා පනත අනුව අවසාන තීරකයා වෙන්නෙ සෞඛ්‍ය ඇමතිවරයා. ඒ නිසා අධිකරණය කියනවා ඇමතිවරයා නිර්දේශ ක‍්‍රියාත්මක නොකරපු නිසා තමයි සයිටම් එකට ලියාපදිංචිය දෙන්නෙ කියලා. අධිකරණයට පුළුවන්ද වෛද්‍ය වෘත්තිය වගේ වගකීම්සහගත වෘත්තියක් පිළිබදව තීරණයක් ගන්න ? පැහැදිලිවම ආඥා පනතකින් වෛද්‍ය සභාවට ඒ බලය පවරලා තිබෙනවා. අපි දන්නවා විවෘත විශ්වවිද්‍යාලවලිනුත් නීතිඥවරුන් බිහිවෙනවා. හැබැයි, කිසි කෙනෙකුට නීති සභාවේ ලියාපදිංචි නොවී උසාවියේ නඩු කථා කරන්න බැහැ. සයිටම් සම්බන්ධයෙන් තිබෙන්නෙත් එවැනි ප‍්‍රශ්නයක්ම තමයි. මොකද? තාක්ෂණ කමිටුවෙන් විස`දපු තාක්ෂණික කාරණා උසාවියට ඉදිරිපත් කරලා නැහැ. එතකොට උසස් අධ්‍යාපන ඇමතියි, සෞඛ්‍ය ඇමතියි අධිකරණයට කරුණු හැංගුවාම සහ වෙනත් කරුණු දුන්නාම තිබෙන නීතිමය තර්කය තුළ තමයි, අධිකරණය මේක පාවිච්චියට ගන්නේ. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කරපු කරුණු අනුව අධිකරණය තීන්දුවක් අරගෙන තිබෙනවා. නමුත්, කරුණු නිවැරැුදිව අධිකරණයට ඉදිරිපත් කළා නම් ලංකාවේ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් ලැබෙයි කියල අපි විශ්වාස කරන්නෙ නැහැ. සයිටම් ප‍්‍රශ්නය අධිකරණ ක‍්‍රියාවලියක් දක්වා දුර දිග යාම සහ ඊට නීතිමය අවසරයක් ලැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් කවුද? මේකට ප‍්‍රධාන හේතුව තමයි සෞඛ්‍ය ඇමතිතුමාගේ හැසිරීම. තමන් පත් කරපු වෛද්‍ය සභාවක නිර්දේශ ක‍්‍රියාත්මක නොකර සිටීම බරපතල වැරැුද්දක්. ඒ වැරැුද්ද සෞඛ්‍ය ඇමතිවරයා භාර ගත යුතුයි. ඉගෙනීමේ නිදහස හා ජීවත් වීමේ නිදහස කියන්නේ දෙකක්. ඒ දෙකෙන් වැඩි බරක් තිබෙන්නේ ජීවත් වීමේ නිදහසට. එතකොට මොවුන් මහජන කැමැත්ත පිළිබඳව සැලැකිලිමත් වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒක ශේ්‍්‍රෂ්ඨාධිකරණයට පෙන්වා දෙන්න. අවශ්‍ය අවස්ථාවක දී වෛද්‍ය සභාවත් එම කාරණාව පෙන්වා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලිපියක් මගින් සදහන් කරලා තිබුණා සයිටම් ආයතනය සටකපටකම් හා ධන බලයෙන් උපාධි ප‍්‍රදානය කිරීමේ බලය ආරූඪ කර ගත්තා කියලා. වත්මන් ඇමතිවරුන්ගේ හැසිරීමත් ඔය කියන ධන බලය හමුවේ ක‍්‍රියාත්මක වෙන්නක් ද? ඒක හරි. ඒක ඕනෑම කෙනෙකුට පැනන`ගින ගැටලූවක්. මොක ද? මේ ආයතනයේ දේශපාලනඥයන්ගේ දරුවන් ඉන්නවා. ඒ අයගේ ඥාතීන් ඉන්නවා. ඒ අය මේ ගැන පක්ෂපාතී පියවරක් ගන්නෙ ඒ නිසයි කියලා අපි පෙන්වා දුන්නා. ඒ වගේම මේක විශාල මුදලක් ගැවසෙන ස්ථානයක්. එතකොට අපි දන්නවා සක්විති ආයතනයත් මේ රටේ බැංකු නිලධාරීන් පවා සල්ලි දාපු තැනක්. නමුත් ඒක නීත්‍යනුකූල නෑනේ. සයිටම් එකත් සක්විති ආයතනයක් කියල අපි කියන්නෙ ඒ නිසයි. ඇත්තටම ගත්තොත් අපේ රටේ වෛද්‍යවරුන්ගේ හි`ගයක් තිබෙනවා. නමුත්, ඒකට විස`දුම ආණ්ඩුව කියන විදියට සයිටම් ද? අවශ්‍යතාවක් තියෙනවා නම් නිදහස් අධ්‍යාපනය තුළ අවස්ථා වැඩි කරන්නත් පුළුවන් නේ. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල අවශ්‍ය ද නැද්ද කියන ස්ථාවරයක දී අපි මැද තැනක ඉන්නේ. ඒක රටක් හැටියට රටේ ජනතාවගෙන් අහලා රට පාලනය කරන පිරිස තීරණය කළ යුතු දෙයක්. නමුත් අපි කියන්නේ මොන ආයතනයෙන් බිහි වෙන පුද්ගලයන් වුවත්, ප‍්‍රමිතිකරණයකට ලක් වීම අත්‍යවශ්‍යයි. ඒ අය ප‍්‍රමිතියක් රකින්න ඕනෑ. එහෙම නොවුණොත් වෙන්නේ ඒ අයව වෙනස් කරලා අ`දුන ගන්න බෑ. මොකද මේක නිල වෙදකමක්. රෝහලකට ගියාම රෝගිියාට අහන්න බෑ ඔයා සයිටම් එකෙන් ආපු කෙනෙක් ද? කියලා. ඒ නිසා ප‍්‍රමිතිය අවම මට්ටමකින් උඩට දාලා තියෙන්න ඕනෑ. අවම ප‍්‍රමිතියට එක`ග නොවී ඉන්න කාටවත් බෑ. ඒ නිසා රජයක් හැටියට තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරුන් හි`ග නම්, ඒකට ගන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග මොනවා ද කියලා. දැන් මේක පෞද්ගලික ආයතනයක් කිව්වට මිලියන හයසීයක් රජයේ ණය දීපු ආයතනයක් නේ. මේක සක්විති ගණයේ හොරකමක් කියලා අපි කියන්නේ ඒකයි. මේකට විරුද්ධව අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කාර්යාංශයට ගිහිල්ලා පැමිණිලි කරන්න ඕන. මේ හරහා ඇතිවන සමාජ බලපෑම ගැනත් කතා කරමු ? මුලින්ම වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය නැති වෙනවා. එතකොට රෝගී ජනතාවගේ ජීවිත අනාරක්ෂිත වෙනවා. ඒක තමයි පළමුවැනි බලපෑම. ඒ හරහා ළදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය ඒ සියල්ල ඉහළ යාමේ අවදානමක් තියෙනවා. අද තේරෙන්නේ නෑ. පසුකාලීනව තමයි තේරෙන්න ගන්නෙ ජනතාවට. අපි මේ කියන්නේ අවුරුදු විස්සක්, තිහක් ඉස්සරහට හිතලා. දෙමාපියන් හිතාගෙන ඉන්නවා අපේ දරුවවත් මේකෙන් වෛද්‍යවරයෙකු කරන්න පුළුවන් නෙ කියලා. ඒක හීනයක් විතරයි. මේක පටන් ගත්තේ ලක්ෂ හැටෙන්. අද වෙනකොට ලක්ෂ එකසිය විස්සයි. සාමාන්‍ය පුද්ගලයන්ට මේ තරම් විශාල මුදලක් වියදම් කරන්න බැහැ. ඒ හරහා සල්ලි නිසාම ඉගෙන ගන්න පුළුවන් පංතියක් බිහිවෙන්න පුළුවන්. ඒකම වෙන්න පුළුවන් ඉදිරියේ දී තරුණ අසහනයකට මූලික හේතුව. එතකොට නිදහසේ අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය විනාශ වෙන්න බෑනේ පෞද්ගලික අධ්‍යාපනය ලබන්න තියන අයිතියත් එක්ක. මේක අපේ නිදහස් අධ්‍යාපනයටත් තර්ජනයක් වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජයීය, ආර්ථික මේ සියලූ පැතිකඩයන්ට මේකෙන් බලපෑම් එල්ල වෙලා තිබෙනවා. ගැමුණු විජේරත්නලා, සමන් රත්නප‍්‍රියලා වැනි අය සයිටම් ආයතන වෙනුවෙන් ඉතා තදබල ලෙස පෙනී සිටිනවා. ඇයි මේ ? සමහරුන්ට තමන්ගේ දරුවා මේ ආයතනයේ ඉන්න නිසා වෙන්න පුළුවන්. ඔබ කලින් කිව්ව කාරණය මෙතැනදීත් අදාළ වෙන්න පුළුවන්. මොකද සටකපටකම හා ධන බලය කියන කරුණු මූලික වෙන්න පුළුවන් නෙ. ඒ අය විවිධ ප‍්‍රකාශ කරලා තියෙනවා. මේ අය දේශපාලන ක`දවුරු වශයෙන් කොහෙ ද ඉන්නේ කියන එක ඉතාම පැහැදිලියි. මේ වෙලාවෙ ඒ අයගෙ රස්සාව ඔවුන් කරනවා. රටට කොච්චර නරක දෙයක් වුණත්, ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් සමානාත්මතාවය වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. ඒ අය එක් කොටසක් වෙනුවෙන් එක විදිහකටත්, තව කොටසක් වෙනුවෙන් වෙන විදිහකටත් පෙනී සිටිනවා. අපි කියන්නේ සියලූ දෙනා සම්බන්ධයෙන් එකම ස්ථාවරයක ඉන්න පිරිසක් තමයි, අපි බලාපොරොත්තු වෙන්නෙ. අපි කියන්නෙ ඉතා පැහැදිලිව රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්න ඕනෑ. සයිටම් ආයතනය පිහිටුවන්න 2009 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් සහයෝගයක් ලැබුණා. නමුත් අද ඔවුන් ඒකට විරුද්ධව කතා කරනවා. ඇත්තටම ඔවුන් මේ ප‍්‍රශ්නයට වගකිව යුතුයි නේ ද? අපි ගමනක් යනවා. හැබැයි අපි කිසි ම කෙනෙකුට අවශ්‍ය පාරේ යන්නෙ නැහැ. මේ රජයත් අපිත් එක්ක තරහයි. කලින් රජයත් අපිත් එක්ක තරහයි. අපිට ආණ්ඩුවල වෙනසක් පේන්නේ නැහැ. දේශපාලනඥයෝ දේශපාලනඥයෝමයි. ඔවුන් කරන්නේ දේශපාලනය. මම කියන්නෙ නැහැ හො`ද දේශපාලනඥයෝ නැහැ කියලා. මහත්මා දේශපාලනය කරන මහත්වරුන් ඉන්නවා. හැම පක්ෂයකම ඉන්නවා. හැබැයි ඔවුන් ප‍්‍රබල භූමිකාවක් මේක තුළ රගදක්වන්නෙ නෑ. අපිට විවිධ ගැටලූ තියෙන්න පුළුවන්. නමුත් මෙතැන දී ‘සයිටම් එපා’ කියන පොදු අරමුණකට අපිට එකතු වෙන්න පුළුවන් වෙලා තිබෙනවා. මම හිතන්නෙ සියලූම දේශපාලන පක්ෂ, සියලූම වෘත්තීය සමිති, සියලූම දේශපාලන නායකයන් වෘත්තිකයන් මේ පොදු අරමුණට එකතු විය යුතුයි. මොක ද රෝගී ජනතාවගේ ජීවිත අපට වටිනවා. මේ ප‍්‍රශ්නයේ අවසන් තීරකයා දේශපාලනය නේද ? මම හිතන්නෙත් දේශපාලනයම තමයි. මේ රටේ දේශපාලනඥයන්ට සහ බලධාරීන්ට ඇස් ඇරෙන්නෙ තමන්ගෙ බලය ගිලිහෙනවා කිව්වොත් විතරයි. ප‍්‍රතිපත්තිමය කාරණා කියන දේවල් ඒ අයට දෙවෙනියි. ඒ නිසා ප‍්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් පිරිසක් මේ රට භාර ගන්නා දවසක් එනකම් ඊට අවශ්‍ය කරන පෙළගැස්ම අපි කරනවා. .