බාහිර උපාධිය කප්පාදුවට ලක් කර ඇතැයි කියන ඔබලාගේ ප‍්‍රකාශය පැහැදිලි කරන්න. මෙතැන දී මුලින් ම සඳහන් කරන්න තියෙන්නේ 2016 අගෝස්තු මස 31 වැනිදා නිකුත් කරපු චක‍්‍රලේඛයකින් යෝජනා කළා බාහිර උපාධිය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ අදාළ වර්ෂයේ අභ්‍යන්තර සිසුන් බඳවා ගන්නා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් කියලා. ඒ අනුව 2014 වර්ෂයේ බාහිර උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ 14,000ක් ඉල්ලූම් කරලා තියෙනවා. නමුත්, එම වසරේ අභ්‍යන්තර සිසුන් බඳවාගෙන ඇත්තේ, 2,400 දෙනෙකු පමණයි. ඒ අනුව බාහිර සිසුන්බඳවා ගැනීමත් එම අගයම වෙන කොට සිසුන් 11,600ක් පමණ දෙනාට අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය නැත වෙනවා. මේ තත්ත්වය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට ම පොදුයි. 2010 ඔක්තෝබර් මාසයේ ගෙනා චක‍්‍රලේඛයකින් කිව්වේ, විශ්විද්‍යාලයට බඳවා ගන්නා සංඛ්‍යාව මෙන් දෙගුණයක් බාහිර උපාධිය සඳහා බඳවා ගන්නවා කියලා. එදා ඒකට එරෙහිව අරගල ඇති වුණා ම චක‍්‍රලේඛය අහෝසි නොකර එහෙමම තියෙන්න ඇරියා. ඒ අතරතුරේ 2010 ඔක්තෝබර්වල ඉඳලා 2012 ජුලි මාසය දක්වා එවකට පැවැති ආණ්ඩුව විසින් බාහිර උපාධිය සඳහා බඳවා ගැනීම් සම්පූුර්ණයෙන් ම නතර කළා. ඒ වන විට බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 6,500.00යි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඒක රුපියල් 65,000.00ක් දක්වා වැඩි කළා. ඒ අනුව චක‍්‍රලේඛය අහෝසි නොකර ගාස්තු වැඩි කිරීම සිදු කරනු ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හැදෑරීමේ ගාස්තුව රුපියල් 75,800.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රටේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ දරුවකුට රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්න තියෙන අවස්ථාව අහිමි කරලා තියෙනවා. ඒ වාගේ ම උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යොමු කිරීමක් වක‍්‍රකාරව සිදු කෙරෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට අපි අරගල කරමින් ඉල්ලා සිටින්නේ 2014 වර්ෂයට අදාළව සියලූ ම විශ්වවිද්‍යාලවල බාහිර උපාධිය සඳහා ඉල්ලූම් කර ඇති සිසුන් කප්පාදුවකින් තොරව බඳවා ගන්න කියලා. ඒ වාගේ ම 2015 වර්්ෂය සඳහා ලියාපදිංචි අපේක්‍ෂාවෙන් සිටින අයට පුවත් පත් දැන්වීමක් පළ කරලා බඳවා ගැනීමට අදාළ කි‍්‍රයාමාර්ග ගන්න තුන්වැනි කාරණාව තමයි, 2016/13 කියන චක‍්‍රලේඛය අහෝසි කරන්න කියන එක. මේවා තමයි, අපේ ප‍්‍රධාන ඉල්ලීම්. ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡුාවේ ප‍්‍රතිඵල මොනවා ද? පසුගිය නොවැම්බර් 22 වැනිදා ලබා දුන් සාකච්ඡුාවේ දී එතුමා කියපු දෙයක් තමයි, අධ්‍යාපන අයිතිය අහෝසි කරන එක තමාගේ ප‍්‍රතිපත්තිය නොවෙයි කියන එක. සති දෙකක් ඇතුළත දෙපාර්ශ්වයටම බලපාන තීන්දුවක් දෙනවා කියලා එතුමා ඒ වෙලාවේ කිව්වා. නමුත්, ජනවාරි මස 06 වැනි දින වන කොට එයාගේ ප‍්‍රකාශය කරලා සති දෙකක් ඉවරයි. නමුත්, එතුමා අපේ මේ ගැටලූව සම්බන්ධයෙන් මේ වන තෙක් නිල ප‍්‍රකාශයක් කරලා නැහැ. නමුත්, වෙනත් බාහිර පුද්ගලයන් ලවා ප‍්‍රකාශයන් කරනවා හැරුණු කොට කිසිදු නිල දැනුම් දීමක් කරලා නැහැ. නමුත්, තමන් පිළිබඳව විශ්වාසය තියන්න ගැටලූව ඉක්මනින් ම විසඳනවා කියලා ඒ අය කියනවා. මේ වෙන කොට සිදු වෙමින් තිබෙන්නේ කල් අරිමින් කටයුතු කරන ක‍්‍රමයක් කියලා තමයි, අපට හිතෙන්නේ. අපි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කරලා ලිපියක් භාර දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ ප‍්‍රධාන ඉල්ලීම් තුනට අදාළව විසඳුමක් දෙන්න කියලා. මේ වෙන කොට විවිධ අසත්‍ය ප‍්‍රකාශ විවිධ මාධ්‍ය හරහා නිකුත් වෙමින් තියෙනවා. ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙනවා වෙනුවට විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින් කල් ඇරීමේ කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් ආණ්ඩුව කටයුතු කරනවා. බාහිර උපාධිය කප්පාදු කිරීම කියන එක කුමන කාරණා සමඟ ගැටගැසුණු එකක් විදියට ද දකින්නේ ? මේක අධ්‍යාපන අයිතිය රැුක ගැනීම වෙනුවෙන් කරන අරගලයක්. උපාධිය සඳහා ලියාපදිංචි වෙන හැම කෙනෙකු ම මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. විශ්වවිද්‍යාලත් විශාල වශයෙන් බාහිර උපාධිය මඟින් මුදල් උපයා ගන්නවා. ඒ වාගේ ම ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ඉගෙන ගන්නේ වෙනත් බාහිර ආයතනවලට විශාල වශයෙන් මුදල් ගෙවලා. නමුත්, ඒ අයිතියත් නැති කරනවා කියන්නේ, ඒක විශාල අසාධාරණයක් විදියට තමයි, අපි දකින්නේ. වාර්ෂිකව උසස් පෙළට 1,50,000ක් පමණ දෙනෙකු සහභාගී වෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන්නේ එයින් 25,000ක් පමණ දෙනෙකු පමණයි. 1,25,000 දෙනෙකු උසස් පෙළ සමත් වුවත්, කඩඉම් ලකුණු හේතුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය අහිමි වෙනවා. මේ අයට උපාධියක් ලබා ගන්න තියෙන ඉඩකඩ ඇහිරීම තමයි, මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ වාගේ ම රැුකියාවක නියුතු කෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ නංවා ගැනීම සඳහා උපාධියක් හැදෑරීමට ඇති අයිතිය වගේ ම ඉඩකඩත් නැති කරලා දමන්න කටයුතු කිරීමක් තමයි, මේ අනුව සිද්ධ වෙන්නේ. මේක එක අතකින් මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් කියලත් කියන්න පුළුවන්. ඒ නිසා අපේ ප‍්‍රධාන ම ඉල්ලීමක් තමයි, නිදහසේ අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය තහවුරු කරන්න කියන එක. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගන්නා කි‍්‍රයාමාර්ග මොනවා ද? ජනවාරි 18 වැනිදා අපි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට හා ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාර දෙන්න කටයුතු කළා. මේ තරම් කාලයක් මේ ගැටලූව සාකච්ඡුා කරමින් ඇවිත් තියෙනවා. අපි ඒවාට සහභාගී වෙලා ඇහුම්කන් දීලත් තියෙනවා. ඒ වාගේ ම අරගල කරලත් තියෙනවා. ඒ සටන් හා අරගලවල ප‍්‍රතිඵලයක් හැටියට තමයි, හැම සාකච්ඡුාවක් ම අපට ලැබුණේ. මේ සන්දේශයට ආණ්ඩුව අවධානය යොමු නොකළොත්, මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා රටේ ශිෂ්‍ය ප‍්‍රජාව එකතු කරමින්, කොළඹ නගරයට මේ සියලූ දෙනා ම එකතු කරලා දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න. පසුගිය කාලය පුරා ම අපි දිස්ති‍්‍රක් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් කළා. එතැනින් එහාටත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවුණොත්, රටේ ම සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ වගේම මේ යහපාලනය පිහිටුවා ගන්න කි‍්‍රයා කරපු සියලූම බලවේග, පුද්ගලයන් හා ආයතන සියල්ල දැනුම්වත් කරලා ඉදිරියේ දී කරන්න පුළුවන් දැවැන්ත බලපෑමක් ආණ්ඩුවට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේක සමාජයේ පොදු ප‍්‍රශ්නයක් බවට පත් කරන්න අපි කි‍්‍රයා කරනවා..