වර්තමාන හවුල් ආණ්ඩුවේ ප‍්‍රචාරවලට අනුව අපේ තරුණ තරුණියන් ලක්‍ෂ දහයකට රැුකියා ලබා දීම වෙනුවෙන් නොගන්නා උත්සාහයක් නැත. කුලියාපිටිය යුරෝපා මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබී ය. හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල් තැබී ය. මේ දෙක ම ඡන්ද පොරොන්දු ඉටු කිරීම් වශයෙන් රට පුරා පෝස්ටර් ගැසී ය. 2016 මුල අගමැතිගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දී ’ශී‍්‍ර ලංකා ආයෝජන සමුළුව’ යනුවෙන් සමුළුවක් පැවැත්වී ය. ලෝක ප‍්‍රකට මූල්‍ය ජාවාරම්කාරයකු වන ජෝර්ජ් සෝරොස් ද කැඳවීය. ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී අගමැතිවරයා කියා තිබුණේ ලෝකයේ වෙළෙඳපොළ කලාප හතරකට භාණ්ඩ අපනයනය කිරීමට අපට අවස්ථාව තිබෙන බවයි. ඒ වෙනුවෙන් ආයෝජන කළ යුතු බව ද, හරිත ආර්ථිකයක් බිහි කරන බව ද වැටි දුරටත් කියා තිබිණි. මෙවැනි කතා කිසිවක් නොකී මහින්ද එදා කීවේ එක දෙයක් ය. ආසියාවේ ආශ්චර්යය ඇති කරන බවයි. එයත් හරියට ‘සීතාම්බර පටයකින් සැරැුසුණු මහ රජු’ වගේ ආශ්චර්යයක් බව කල්පනා කළ පිරිසක් අදත් මහින්ද සමඟ සිටිති. කියන්නා කෙසේ කීවත්, අසන්නා තණකොළ නොබුදින තත්ත්වයේ සිටිය යුතුව තිබේ. එවැනි අයගේ අවබෝධය වෙනුවෙන් කර්මාන්ත ඇති කිරීම පිළිබඳව හෙළි කිරීමට තොරතුරු රැුසක් තිබේ. වගුවෙන් සාරාංශගත කර තිබෙන්නේ එම තොරතුරුවලට අදාළ දත්ත ය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් පදනම් කරගෙන මෙය සකසා තිබේ. 2015 දෙසැම්බර් මස 31 වැනි දින වන විට රටේ විවිධ ප‍්‍රදේශවල විසිරී තිබෙන කර්මාන්ත පුර 29ක තත්ත්ව විස්තර මෙයින් හෙළි වේ. වගුව සකසා තිබෙන්නේ එම දත්ත මත ය. කර්මාන්ත පුර 29 තුළ විවිධ කර්මාන්ත ශාලා 287ක් පිහිටුවා තිබෙන බව සඳහන් ය. මෙයින් අති බහුතරය දේශීය ආයෝජන වන අතර, සුළු ප‍්‍රමාණයක් ආයෝජන මණ්ඩල අනුමැතිය ලද කර්මාන්ත මෙන් ම දේශීය-විදේශීය මිශ‍්‍ර ආයෝජන බව ද සඳහන් වේ. මෙවැනි විවිධ ආයෝජකයන් 287ක් කර්මාන්තවලට වාණිජ නිෂ්පාදන කටයුතු කි‍්‍රයාත්මක කරමින් සිටී. අක්කර 883ක් මේ වෙනුවෙන් යොදවා ඇත. කර්මාන්ත ශාලා පිහිටු වීමේ දී මේ රටේ මහජන මුදල් රුපියල් මිලියන 2,826.40ක් යොදවා තිබේ. ඒ විදුලි බලය සැපයීම, අභ්‍යන්තර මාර්ග පද්ධති සැකැසීම, කාණු සැකැසීම, ජලය ලබා දීම යන යටිතල පහසුකම් වෙනුවෙන් ය. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ කර්මාන්ත පුරවලට යොදවා තිබෙන භූමියේ වටිනාකම් තක්සේරු කර නොතිබීම ය. කර්මාන්ත කලාප වෙනුවෙන් යොදවා තිබෙන භූමියේ ප‍්‍රමාණය පිළිබඳව බැලූ විට පැහැදිලි වන්නේ අවමය අක්කර දෙකයි රූඞ් දෙකක් නිකවැරටියෙන් යොදා තිබෙන බව ය. මෙහි යටිතල පහසුකම් සැපයීමට රජය යොදවා තිබෙන මුදල රුපියල් මිලියන 38කි. එයින් ලබා දී තිබෙන රැුකියා ප‍්‍රමාණය 665ක් වේ. පෞද්ගලික අංශය රුපියල් මිලියන 129ක ආයෝජන කරමින්, ඇඟලූම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යයි. වැඩි ම භූමි ප‍්‍රමාණයක් ලබා දී ඇත්තේ මාකඳුර බටහිර කර්මාන්ත ශාලාවට ය. අක්කර 65යි රූඞ් දෙකයි, පර්චස් 10ක් එයට ලබා දී තිබේ. රජය යොදවා තිබෙන මුදල රුපියල් මිලියන 61කි. රැුකියා 1,033ක් ලබා දී ඇති අතර, පෞද්ගලික අංශය රුපියල් මිලියන 3,600.8ක් යොදවා තිබේ. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා 14ක් මේ තුළ ස්ථාපිත කර ඇති බව (වගුවේ සඳහන් නොවේ* කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වේ. රබර් ආශි‍්‍රත නිෂ්පාදන, යකඩ හා වානේ, කඩදාසි ආශි‍්‍රත නිෂ්පාදන, කොහු ආශි‍්‍රත නිෂ්පාදන, ඇස්බැස්ටස් ආශි‍්‍රත නිෂ්පාදන, ඇසුරුම් නිෂ්පාදන, දැව නිෂ්පාදන, කාර්මික රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ඇලූමිනියම්, පී.වී.සී., සත්ත්ව ආහාර, වාහන උපාංග ආදිය මෙහි දී නිෂ්පාදනය කෙරේ. දැව, කොහු සහ රබර් නිෂ්පාදන හැරුණු විට අනෙකුත් සියලූ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කරන බව පැහැදිලි වේ. කර්මාන්ත කලාප සඳහා මහජන මුදල් අඩු ම ප‍්‍රමාණයක් යොදවා තිබෙන්නේ ඌව පරණගම කර්මාන්ත කලාපයට ය. යොදවා තිබෙන මුදල රුපියල් අටලක්‍ෂ දහනව දහස් හත්සිය තිහ (රු. 8,19,730.00)ක් ය. යොදවා තිබෙන භූමි ප‍්‍රමාණය අක්කර තුනයි පර්චස් 48කි. අඩු ම රැුකියා ප‍්‍රමාණය වූ 10ක් ලබා දී තිබෙන්නේ මෙයින් ය. මෙහි තිබෙන අඩු ම රැුකියා උත්පාදනයට හේතු වශයෙන් දක්වා තිබෙන්නේ යන්ත්‍රෝපකරණ සහිත නවීන තාක්‍ෂණය භාවිත කිරීම නිසා රැුකියා උත්පාදනය අඩු බව ය. කර්මාන්ත කලාප අතුරින් වැඩි ම මහජන මුදලක් යොදවා තිබෙන්නේ ති‍්‍රකුණාමලය කර්මාන්ත කලාපයට වන අතර, එය රුපියල් මිලියන 462.6කි. අක්කර 50ක් කලාපයට අයත් ය. පෞද්ගලික අංශයේ ආයෝජන ලැබී ඇත්තේ, රුපියල් මිලියන 742කි. උත්පාදනය කර තිබෙන රැුකියා ප‍්‍රමාණය 820ක් වේ. ආයෝජකයෝ හය දෙනෙකු මෙහි සිටින අතර, ඇඟලූම් කර්මාන්ත ශාලාවක් මඟින් රැුකියා 700ක් ලබා දී ඇත. ආහාර සැකැසීම, පාරිභෝගික භාණ්ඩ (ආහාර නොවන) නිෂ්පාදනය, මත්ස්‍ය නිෂ්පාදන සහ ඉදි කිරීම් ආශි‍්‍රත නිෂ්පාදන ආදිය මෙහි දී සිදු කෙරේ. මෙම කර්මාන්ත කලාපය පිළිබඳව සලකා බැලිය යුතු විශේෂ කරුණු කීපයක් තිබේ. අක්කර 50ක් පුරා පැතිරුණු භූමියකට මහජන මුදල් රුපියල් මිලියන 462.6ක් යොදවා යටිතල පහසුකම් සැපයීමෙන් පසුව පෞද්ගලික අංශයෙන් ලැබී තිබෙන මුළු ආයෝජන ප‍්‍රමාණය රුපියල් මිලියන 742ක් පමණක් වන බවයි. රැුකියා 700ක් ලබා දී තිබෙන ඇඟලූම් කර්මාන්ත ශාලාවට රුපියල් මිලියන 400ක් ආයෝජනය කර තිබේ. මේ සඳහා අවශ්‍ය සියලූ ම අමුද්‍රව්‍ය සහ කාර්මික උපාංග සියල්ල විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා ය. රටේ භූමිය යෙදැවීම සහ මහජන මුදල් යෙදැවීම කොතරම් නාස්තිකාර ලෙස සිදු වන්නේ ද යන්න මෙයින් පැහැදිලි වේ. වැඩි ම මුදලක් ආයෝජනය කර තිබෙන කර්මාන්ත පුරය වන්නේ ටෙම්පල්බර්ග් හෝමාගම ය. රුපියල් මිලියන 5,515.8ක් මෙහි ආයෝජනය කර තිබේ. අමාත්‍යාංශ වාර්තාවෙන් හෙළි වන්නේ කර්මාන්ත 35ක් තිබෙන බවයි. වැඩි ම රැුකියා සංඛ්‍යාව වන 234ක් උත්පාදනය කර ඇත්තේ, සනීපාරක්‍ෂක උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තයක ය. එමෙන් ම ප්ලාස්ටික් ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්ත එමෙන් ම පී.වී.සී. පයිප්ප කර්මාන්ත ශාලාවක් යකඩ හා වානේ නිෂ්පාදන, කුළුබඩු, තැඹිලි වතුර අපනයනයට සූදානම් කිරීම ආදී විවිධ කර්මාන්ත වේ. කෙසේ වෙතත්, මෙම කර්මාන්ත පුරය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන විශේෂ කරුණක් තිබේ. රුපියල් මිලියන 5,515.8ක් ආයෝජනය කරන විට රැුකියා උත්පාදනය කර ඇත්තේ, 1,795ක් ය. මේ අනුව එක් රැුකියාවක් උත්පාදනය සඳහා රුපියල් මිලියන 3.072ක් යෙදැවී ඇත. පෞද්ගලික අංශයේ අඩු ම ආයෝජනයක් කර තිබෙන්නේ පුත්තලම කර්මාන්ත පුරයෙහි ය. එය රුපියල් මිලියන 50ක් බව වාර්තාවේ සඳහන් වේ. අක්කර 40ක භූමි ප‍්‍රදේශයක් පුරා කර්මාන්ත පුරය පැතිරී තිබේ. උත්පාදනය කර තිබෙන රැුකියා ප‍්‍රමාණය 40ක් ය. ඉතා අතාර්කික සංඛ්‍යා ගැලපීමක් කරන්නේ නම්, අක්කරයකින් එක් රැකියාවක් ලැබී තිබේ. මහජන මුදල් යෙදැවීම රුපියල් මිලියන 119ක් වන විට එක් අක්කරයක් සඳහා යටිතල පහසුකම් සැපයීමට රුපියල් ලක්‍ෂ තිහකට ආසන්න මුදලක් වැය වී ඇත. එසේ ම එක් රැුකියාවක් උත්පාදනයට එම මුදල ම වැය වී ඇත. මහජන මුදල් රුපියල් ලක්‍ෂ 30ක් වැය කර එක් රැුකියාවක් උත්පාදනය කිරීමේ සංවර්ධනයේ අරුමය මෙයින් පැහැදිලි වේ. පෞද්ගලික ආයෝජන සමාගම රුපියල් මිලියන 50ක් වන අතර, රැුකියාවක් උත්පාදනයට රුපියල් මිලියන 1.25ක් වැය වී ඇත. දැවිතෙල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙහි පිහිටුවා තිබේ. මහජන මුදල් රුපියල් මිලියන 119ක් වැය කර සැලැසුම් කළ කර්මාන්ත පුරයක පෞද්ගලික ආයෝජන ලැබී ඇත්තේ, රුපියල් මිලියන 50ක් නම්, එතැන කර තිබෙන මූල්‍ය අපරාධය කොපමණ ද? එසේ ම කර්මාන්ත පුරයේ එක් රැුකියාවක් උත්පාදනය කිරීමට මහජන මුදල් රුපියල් ලක්‍ෂ 30ක් යොදවා ඇත් නම්, එතැන තිබෙන මූල්‍ය අපරාධය ඊටත් වඩා බරපතල වන්නේ ය. වැඩි ම රැකියා සංඛ්‍යාවක් ලබා දී තිබෙන කර්මාන්ත පුරය වන්නේ දන්කොටුව ය. එයින් රැකියා 2,445ක් ලබා දී තිබෙන අතර, අක්කර 53ක භූමියක් පුරා පැතිර පවතී. මහජන මුදල් රුපියල් මිලියන 106ක් වැය කර යටිතල පහසුකම් සපයා පෞද්ගලික ආයෝජන වශයෙන් රුපියල් මිලියන 3,120.97ක් යොදවා තිබේ. පුත්තලම කර්මාන්ත පුරයට මිලියන 119ක මහජන මුදලක් යොදවා රැුකියා 40ක් උත්පාදනය කරන විට මෙහි රුපියල් මිලියන 106ක් යොදවා රැුකියා 2,445ක් උත්පාදනයට දායක වී ඇත. මෙම කර්මාන්ත පුර දෙක ම අයත් වන්නේ පුත්තලම දිස්ති‍්‍රක්කයට වීම විශේෂත්වයක් ය. කර්මාන්ත ශාලා 35ක් මෙහි පිහිටුවා තිබේ. ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද කර්මාන්ත 11ක් ද මේ අතර වේ. භූමිය අක්කර 53ක් යොදා මහජන මුදලින් රුපියල් මිලියන 106ක් යෙදැවීම සහ පෞද්ගලික ආයෝජන තුළින් රැුකියා 2,445ක් උත්පාදනය කර තිබීම ආදිය සලකා බැලීමේ දී ඉහළ ම ඵලදායී බවක් දරන්නේ මෙම කර්මාන්ත පුරයයි. අමාත්‍යාංශ වාර්තාවට අනුව මෙහි කර්මාන්ත ශාලා දෙකක් පිහිටුවා රැුකියා 874ක් ලබා දී ඇත. එය හැරුණු විට දේශීය අමුද්‍රව්‍ය වැඩි වශයෙන් යොදා ගන්නා කොහු නිෂ්පාදන, ධීවර කර්මාන්තයට අදාළ නිෂ්පාදන, රබර් නිෂ්පාදන, ආහාර සැකැසීම, ඇසුරුම් කර්මාන්තය සහ ඉදි කිරීම් යන අංශවල නිෂ්පාදන මෙහි දී විශේෂයෙන් කැපී පෙනේ. 1994දී මෙම කර්මාන්ත පුරය ආරම්භ කර තිබේ. කර්මාන්ත පුර පිළිබඳව මෙම තොරතුරු විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ රටේ භූමි සම්පත යොදවා, මහජන ධනය යොදවා තම පෞද්ගලික හිතවතුන්ට වාසි ගෙන දීමට වැඩි වශයෙන් කි‍්‍රයා කර තිබෙන බව ය. ඌව පරණගම සහ පුත්තලම කර්මාන්ත පුර හොඳ ම නිදර්ශන වේ. අනෙක් පැත්තෙන් රට පුරා කර්මාන්ත පුර ඔහේ පිහිටුවා තිබෙනවා හැර උපරිම ප‍්‍රතිලාභ ලබා ගත හැකි සේ සැලැසුම් කර නැති බව මනාව පැහැදිලි වේ. තවත් පැත්තකින් දේශීය අමුද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳව කිසිදු තැකීමක් කර නැති බව පැහැදිලි ය. මෙයින් අදහස් කරන්නේ දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම නම් නොවේ. ප‍්‍රාදේශීය කර්මාන්ත පුර ඇති කිරීමේ දී ප‍්‍රදේශයේ අමුද්‍රව්‍යවලට මුල් තැන දීම ය. නිදර්ශනයක් වශයෙන් වැඩි ම රැුකියා ලබාදී තිබෙන දන්කොටුව කර්මාන්ත පුරයේ ද රබර් ආශි‍්‍රත නිෂ්පාදන ඇත. නමුත්, රබර් වැඩිපුර තිබෙන්නේ එම ප‍්‍රදේශයේ නොවේ. සමස්තයක් වශයෙන් ගත් විට මෙම කර්මාන්ත කලාප 29 සඳහා ම මහජන මුදල් වියදම් කිරීම අනුව රුපියල් 1,58,834.00ක් වැය කර එක් රැුකියාවක් උත්පාදනය කර තිබේ. මෙම කලාප තුළ පෞද්ගලික අංශය රුපියල් දාහත්ලක්‍ෂ හැට දහසක් යෙදැවීමෙන් උත්පාදනය කර ඇත්තේ එක් රැුකියාවක් පමණි. මෙයින් සනාථ වන්නේ රටේ සංවර්ධනය සහ කර්මාන්ත ඇති කිරීම කිසිදු නිශ්චිත ප‍්‍රතිපත්තියක් හෝ ඉලක්කයක් හෝ අනුව යොමු කර නැති බවයි. ‘මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්’ යනුවෙන් පෝස්ටර් අලවන්නේ බොරු ප‍්‍රචාරයට ය. ලෝකය වටා දුවමින්, විදේශ ආයෝජන මන්තරය ජප කළ ද, රැකියා දශලක්‍ෂය බොරු විකාරයක් වන බව මෙයින් පැහැදිලි වේ. .