අදින් දශක අටකට පමණ පෙර සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සියලූ පුරවැසියන්ට කිසිදු භේදයකින් තොරව සෞඛ්‍ය සේවා ලබා දීම මූලික කර ගත් නිදහස් සෞඛ්‍ය සේවාව හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ලොව පුරා ප‍්‍රශංසනීය තත්ත්වයකට පත්ව තිබිණි. ළදරු මරණ අනුපාතය, උපතේ දී ආයු අපේක්ෂාව වැනි සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගතිය පෙන්වන දර්ශකය අනුව දියුණු වෙමින් පවතින්නේ යැයි කියන රටවල් අතර වඩා ඉදිරියෙන් සිටින්නට ශ‍්‍රී ලංකාවට හැකි විය. දශක කිහිපයක් පුරා මෙරට පවතින අහිතකර දේශපාලන ආර්ථික ක‍්‍රියාවලිය හමුවේ පවා යම් පමණක් හෝ ස්ථාවරත්වයක රට පවත්වාගෙන යාමට සෞඛ්‍ය සම්පන්න මානව ප‍්‍රජාවක් සහිත වීම හේතුවක් වී තිබේ. එහෙත්, අද වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ අර්බුද රාශියක් නිර්මාණය වී ඇති බව අවිවාදිතය. ඕනෑම අමාත්‍යාංශයක් තුළ ඒ ඒ ඇමතිවරුන් තමන්ගේ ඕනෑ එපාකම්වලට අනුව එහි පරිපාලනයට ඇ`ගිලි ගැසීම සහ විවිධ වෙනස්කම් කිරීම ද අද සාමාන්‍යයක් බවට පත් වී තිබේ. විවිධ ගැටලූ නිර්මාණය වීමට එය ද එක් හේතුවක් වී ඇත. එහෙත් මේ කියන්නට යන්නේ එසේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිර්මාණය වී ඇති අර්බුද පිළිබ`ද නොව ජනතාවට කොළය වසන් කරමින් සෞඛ්‍ය විෂයභාර ඇමතිවරයා සෞඛ්‍ය සේවය අතයට ජාවාරමක් බවට පත් කරගෙන සිටින ආකාරයයි. මෙය එළිපිට කිසිවෙකුටත් නොපෙනෙන පරිදි සිදු කිරීමට සූක්ෂ්ම වී ඇති ඇමතිවරයා එසේ සිදු කරන ජාවාරම් අතර එකක් වී ඇත්තේ අක්ෂි කාච බද්ධ කිරීමයි. මේ වන විට සියලූම රජයේ රෝහල්වල පිටතින් ගෙන එන අක්ෂි කාච බද්ධ කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. මෙය තීරණයක් නොව ඇමතිවරයාගේ නියෝගයකි. එසේ රජයෙන් ලබා දෙන අක්ෂි කාච හැර පිටතින් ගෙන එනු ලබන අක්ෂි කාච බද්ධ කරන වෛද්‍යවරුන්ට සහ රෝහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඇමතිවරයා දැනුම් දී තිබේ. බැලූ බැල්මට මෙය ඉතා හො`ද තීරණයකි. ජනතා සුබසිද්ධිය වෙනුවන් මුදල් අය නොකරම අක්ෂි බද්ධයන් සිදු කිරීම නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් ඉදිරි පියවරකි. එහෙත් ජාවාරම කි‍්‍රයාත්මක වන්නේ මේ ඊනියා සුදු පිරුවටයටම මුවා වෙමිනි. අක්ෂි කාච රෝහල විසින්ම ලබා දෙන්නේ යැයි කීව ද, කිසිදු රෝහලක ප‍්‍රමාණවත් තරම් අක්ෂි කාච නොමැති බව මේ වන විට හෙළි වී තිබේ. ඒ නිසා මෙතෙක් රජයේ රෝහල් වෙතින් සිදු කෙරුණු අක්ෂි බද්ධයන් සම්පූර්ණයෙන්ම නතර වීමට මෙම තත්ත්වය හේතු වී තිබේ. මේ ස`දහා හො`දම උදාහරණය කොළඹ ජාතික රෝහල විසින්ම සපයයි. මෙතෙක් දිනකට අක්ෂි සැත්කම් දෙසිය තිහක් පමණ සිදු කළ ජාතික රෝහලේ දැන් සිදු වන්නේ සැත්කම් දහයක් පමණි. දිවයිනේ අනෙකුත් රෝහල්වල තත්ත්වය ඊටත් වඩා බරපතලය. මෙසේ ප‍්‍රමාණවත් පරිදි අක්ෂි කාච රජයේ රෝහල් තුළ නොතිබීමට විසදුමක් ලෙස රජයේ රෝහල් ස`දහා අවශ්‍ය අක්ෂි කාච ලබා දීමට ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය වැනි සංවිධාන ඉදිරිපත් වී තිබුණ ද, ඒ යෝජනා ක‍්‍රියාත්මක කිරීම හිතාමතාම කල් දමමින් තිබේ. ඊට අමතරව ප‍්‍රමාණවත් පරිදි අක්ෂි සැත්කම් ස`දහා අවශ්‍ය ශල්‍ය උපකරණ ද ලබා නොදෙන බවට මේ වන විට වෛද්‍යවරු ප‍්‍රසිද්ධියේම චෝදනා කරමින් සිටිති. එහෙත්, අක්ෂි සැත්කම් සිදු කර ගැනීම කිසිදු රෝගියෙකු විසින් කල් දමන්නේ නැත. ඇසක පෙනීම යනු ඕනෑම අයෙකුට අතිශයින් වැදගත් දෙයකි. ඒ නිසා ඕනෑම කෙනෙකු පෙළඹෙන්නේ තම සැත්කම රජයේ රෝහලකින් සිදු කර ගත නොහැකි නම් පෞද්ගලික රෝහලකින් හෝ එය සිදු කර ගැනීමටයි. මීට පෙර රුපියල් පහළොස් දහසකට පමණ පිටතින් අක්ෂි කාච ලබාගෙන රජයේ රෝහලකින් නොමිලේ සිදු කර ගනු ලැබූ සැත්කමට දැන් පෞද්ගලික රෝහලක් වෙත රුපියල් හැටපන් දහසක් පමණ ගෙවීමට රෝගීන්ට සිදු වී තිබේ. රජයේ රෝහල් තුළ සැත්කම් කිරීම අකර්මණ්‍ය කර ඇති තත්ත්වයක් තුළ පෞද්ගලික රෝහල්වල ආදායම ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙය රාජිත ඇමතිවරයා විසින් සැලසුම් කරන ලද්දක් බව කිසිවෙකුත් සිතන්නේ නැත. ඒ නිසා ඇමතිවරයා සහ පෞද්ගලික රෝහල් අතර ඇති වූ එක`ගතාවක් මත මෙය සිදු වන බවත්, ලැබෙන ආදායමෙන් කොටසක් ඇමතිවරයාගේ සාක්කුවට වැටෙන බවත් මෙතෙක් හෙළි නොවූ කරුණක් වී තිබේ. මෙය එක් ජාවාරමක් පමණි. ඊට අමතරව ක‍්‍රියාත්මක වන තවත් ජාවාරමක් වන්නේ ලේ ජාවාරමයි. ලේ දන් දීම ලංකාවේ සද්භාවයෙන් සිදු කරන්නක් වන අතර, ලේ බැංකුව නමින් ඒ ස`දහා වෙනමම ව්‍යුහයක්ද ක‍්‍රියාත්මක වේ. ඒ හරහා පරිත්‍යාගශීලී ජනතාවගෙන් රුධිරය එක්රැස් කිරීම අඛණ්ඩව සිදු වන අතර, එම ක‍්‍රියාවලිය හරහා වසරකට ලේ පයින්ට් ලක්ෂයක පමණ ප‍්‍රමාණයක් එක්රැස් වේ. එහෙත්, මේ වන විට ලංකාවේ රුධිර අවශ්‍යතාවය වසරකට පයින්ට් හැට පන් දහසක් පමණි. ඒ නිසා මේ වන විට සෑම වසරක් පාසාම ලේ පයින්ට් හතලිස් දහසක පමණ අතිරික්තයක් තිබෙන අතර, මෙම අතිරික්ත රුධිරය විකිණිම සම්බන්ධයෙන් ද දැන් ඇමතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි පැවසේ. ඛනිජ තෙල් ව්‍යාපාරයටත් වඩා ලාභදායක ව්‍යාපාරයක් වන මෙය පසුගිය 2007 වසරේ දී එවකට විෂයභාර ඇමතිවරයාව සිටි නිමල් සිරිපාල ද සිල්වා විසින් රුධිර පාරවිලයනය පනත නම් පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට උත්සාහ කළ ද, එය පරාජයට පත් විය. එහෙත්, දැන් එම උත්සාහය නැවත ක‍්‍රියාවට නැඟීමට ඇති විකල්ප මාර්ගයක් වර්තමාන ඇමතිවරයා විසින් සොයා බලමින් සිටින බව පැවසේ. වර්තමානය වන විට ලේ බැංකුව විසින් පෞද්ගලික රෝහල් වෙත ද ලේ පයින්ට් එකක් රුපියල් තුන්සියයක මුදලකට අලෙවි කරන අතර, පෞද්ගලික රෝහල් විසින් රෝගීන්ට ලේ පයින්ට් එකක් අලෙවි කරනු ලබන්නේ රුපියල් පනස් දහසත් ලක්ෂයත් අතර මුදලකට ය. එසේ පෞද්ගලික රෝහල් වෙත ද ලබා දීමෙන් අනතුරුව ඉතිරි වන රුධිර ප‍්‍රමාණය වූ අමතර ලේ පයින්ට් හතලිස් දහස පෞද්ගලික අංශය වෙත ඉතා අඩු මුදලකට ලබා දී පෞද්ගලික අංශය හරහා එම අතිරික්තය විකුණා දැමීමට මේ වන විට පිඹුරුපත් සකසමින් සිටියි. සෞඛ්‍ය සේවය විකුණාගෙන කෑමේ තුන්වන පියවර කරළියට එන්නේ අවයව කොටස් ලබා ගැනීමේ අයිතිය රියැදුරු බලපත‍්‍රය හරහා අනිවාර්ය කිරීමේ නීතිය හරහා ය. මේ අනුව රියැදුරු බලපත‍්‍රයේ අදාළ රියැදුරා විසින් තමන් මරණයට පත් වුවහොත්, තමන්ගේ අවයව ලබා දීම ස`දහා කැමැත්ත පළ කළ යුතුව තිබේ. රාජිත සේනාරත්න ඇමතිවරයා විසින්ම ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව අනාගතයේ හදිසි අනතුරුවලින් මිය යන රියැදුරන්ගේ අවයව සහ පටක අනිවාර්යෙන්ම ලබා ගැනීමේ බලයක් රජය සතු වේ. මෙම තීරණයේ ද බැලූ බැල්මට ඇති වරදක් නැත. 1987 අංක 48 දරන පනත මඟින් ජීවත්ව සිටින්නන්ට ද ශරීරයේ නිශ්චිත අවයව සහ පටක පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා දී තිබෙන තත්ත්වයක් තුළ මෙවැනි යෝජනාවක් ගෙන එන්නේ එය පිටුපස ද හො`ද ඉල්ලමක් තිබෙන බව ඇමතිවරයා හො`දින් අවබෝධ කරගෙන සිටින නිසා වන්නට ඇත. දැනට ලංකාවේ හදිසි අනතුරුවලින් දිනකට අට දෙනෙකු පමණ මිය යන අතර, ඒ අනුව වසරකට තුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වේ. ඇමතිවරයාට අනුව මෙතැන ඇත්තේ මිනිස් ජීවිත නොවේ. වකුගඩු හය දහසකි. ඇස් හය දහසකි. තවත් නා නා විධ අවයව දහස් ගණනකි. මේවා එකතු කර ගත් විට රෝගීන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා අතිරික්තයක් ඇති වීම අනිවාර්ය ය. එය විකුණා දැමිය හැකිය. ඒ නිසා හදිසි අනතුරු වැළැක්වීමට සහ අනතුරුවලින් සිදු වන මරණ අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනවාට වඩා මිය යන්නවුන්ගේ අවයව එකතු කිරීමට පනතක් ගෙන ඒමේ වුවමනාව ඉතා පැහැදිලිය. මේ දැනට අනාවරණය වී ඇති තොරතුරු පමණකි. එදා රාජිත සේනාරත්න ධීවර ඇමතිව සිටිය දී සිදු කළ ජාවාරම්වල දිග පළල ගැන දැන් ඕනෑවටත් වඩා තොරතුරු ඉදිරිපත් වී තිබේ. නීතිය ඉදිරියේ ඒ කිසිවක් ප‍්‍රශ්නයක් නොවන බව ද ප‍්‍රායෝගිකව පැහැදිලි වී ඇත. ඒ නිසා සෞඛ්‍ය සේවයද සිය මඩිය තර කර ගැනීමේ ජාවාරමක් බවට පත් කර ගැනීමට ඇමතිවරයා කටයුතු කරමින් සිටීම කිසිසේත්ම පුදුම විය යුතු කරුණක් නොවේ..