ලාංකීය ඉතිහාසය ලියැවී ඇත්තේ වීරවරයන්ගේ, වීරවරියන්ගේ උත්තුංග කැප කිරීම්, පරිත්‍යාගයන් මූලික කොටගෙනය. 1960 දශකයෙන් පසුව ඒ ඉතිහාසයට නව පරිචේඡ්දයක් එකතු වන්නේ ලාංකීය විප්ලවවාදී ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාවත් සමඟිනි. පෞද්ගලික අභිමතාර්ථ වෙනුවට පොදු අභිමතාර්ථ පෙරමුණේ තබාගෙන රටත්, ජනතාවත් ධනපති ග‍්‍රහණයෙන් මුදා ගැනීම උදෙසා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින්, අනන්ත කැපවීම් කරමින්, මඩ අවලාදවලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි මෙම විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරය රටටත්, ජනතාවටත් අසීමිත ලෙස පේ‍්‍රම කරන සැබෑ විප්ලවවාදීන් දස දහස් ගණනින් නිර්මාණය කළබව නොරහසකි. එවැනි තවත් විප්ලවවාදී සගයෙකු වන්නේ නුවරඑළියේ ආරියරත්න ය. වැලිමඩ, ලූණුවත්තේ උපත ලද ආරියරත්න අධ්‍යාපනයේ දී සුවිශේෂී දක්ෂතා දැක්වූ පුද්ගලයෙකු විය. විශ්වවිද්‍යාලයට පිවිසෙන ඔහු විද්‍යා විෂය ධාරාව ඉහළින් සමත් වී 1970 මැද භාගයේ දී පමණ ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුවේ ය. සැබැවින්ම ඔහු සුවහසක් දුවා දරුවන්ගේ නැණැස පෑදීමට පෙරමුණ ගත් ගුරු තරුවක් විය. ඔහුගේ දැනුම සාම්ප‍්‍රදායික දැනුමෙන් ඔබ්බට ගිය නිර්මාණශීලී දැනුමක් විය. නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයේ ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස දෙමාපියන්ගේත්, දුවා දරුවන්ගේත් අතිමහත් ආදරයට පාත‍්‍ර වූයේ ඒ නිසා ය. 1980 ජේ. ආර්. ජයවර්ධනගේ මර්දනකාරී පාලනයට එරෙහි වෙමින් පැන නැඟුණු ජූලි වර්ජනයට සකී‍්‍රයව දායක වන ඔහු වර්ජනයට සම්බන්ධ වීමේ වරදට ජයවර්ධන පාලනය විසින් වැඩ තහනම් කරන ලදී. ඔහු ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වෙනුවෙන් කැප වී සිටියේ ය. අරගලයේ දී පාලකයන් ඉදිරියේ දණින් වැටෙනවා වෙනුවට අරගලයම තෝරා ගත යුතු බව මැනැවින් අවබෝධ කර ගත් ආරියරත්න ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන දේශපාලනය තෝරා ගන්නේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවට පොදු පරමාර්ථ පෙරමුණේ තබාගෙනය. විවාහ ජීවිතයට පැමිණි අලූත රැකියාව අහිමි වීම විසින් මේ නිහතමානී මිනිසාට අනේකවිධ දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු විය. සැබෑ විප්ලවවාදියා යනු දුකේ දී දුක් වෙමින් සිටීම නොවන බව ඔප්පු කරමින්, පැමිණෙන අභියෝග සියල්්ල සුන්දර සිනහවකින් යුතුව භාර ගැනීමට තරම් දැඩි ආත්ම විශ්වාසයක් ඔහුට විය. ඒ වන විට නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පක්ෂයේ වගකීම් දැරූ සගයන් සමග උරෙන් උර ගැටී පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළේ ය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වමේ දේශපාලනය කිරීම යනු විශාල අභියෝගයක් විය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයට නුවරඑළිය - මස්කෙළිය ආසනයත්, වලපනේ, කොත්මලේ සහ හ`ගුරන්කෙත ආසනත් අයත් විය. මේ සියලූ ආසනයන්හි වැඩ ආවරණය කිරීම යනු දුෂ්කර ව්‍යායාමයකි. මෙම ප‍්‍රදේශයන්හි ගමනා- ගමනයද දුෂ්කර ය. විශේෂයෙන්ම පක්ෂයේ වැඩ කිරීමට පූර්ණ කාලීනයන් ද හිග කාලයක් විය. මේ සියලූ දුෂ්කර කොන්දේසි ජයග‍්‍රහණය කිරීම උදෙසා ආරියරත්න පෙරමුණ ගත්තේය. ආරියරත්න සිය භාර්යාව ද සමග පක්ෂයේ වැඩකටයුතු වෙනුවෙන් පෙනී සිටියේ තමන්ටම කියා ස්ථිර නවාතැනක් ද නොමැති තත්ත්වයක් තුළ ය. පක්ෂයේ හිතවතෙකුගේ නානුඔය දුම්රියපොළ අසල නිල නිවාසයක තාවකාලිකව මේ යුවළ නැවතී සිටියේ ආරක්ෂක අංශවල උකුසු ඇසින් ද බේරී වීම තවත් සුවිශේෂී තත්ත්වයකි. අනෙක් වැදගත්ම කරුණ වන්නේ ඒ වන විට සිය භාර්යාව ගැබිණියක්ව සිටීමයි. රෝහණ විෙඡ්වීර මහතා 1970දී නුවරඑළිය උසාවියෙන් නිදහස්ව පැමිණ පැරැුණි දුම්රිය මැඳිරියක් මතට නැඟ රැුස්වීමක් පැවැත්වූයේ ද ආරියරත්න නැවතී සිටි නිවස අසල දී ය. පක්ෂයේ සංවර්ධන සති කි‍්‍රයාත්මක වෙද්දී අරමුදල් රැුස ්කිරීමත්, පක්ෂ සංවිධාන පුළුල් කර ශක්තිමත් කිරීමත්, බහුජන සංවිධාන ගොඩනැඟීමත් කළ යුතුම කාර්යයක් විය. බදුල්ල දිස්ති‍්‍රක්කය භාරව සිටි සගයා සමඟ නුවරඑළිය දිස්ති‍්‍රක්කය ද කරට කර වැඩ කරගෙන යාමේ උද්යෝගයක් නිර්මාණය කළ ආරියරත්න නිර්මාණශීලී වැඩ කොටසක් කළේ ය. 1983දී ජයවර්ධන පාලනය විසින් අසාධාරණ ලෙස ජ.වි.පෙ. තහනම් කරන්නට පෙර මැයි දින සැමරුම සුවිශේෂී එකක් විය. මෙම මැයි දිනය සඳහා කොළඹ යාමට සෙනඟ සංවිධානය කරද්දී බදුල්ලෙන් එන සෙනඟට නොදෙවෙනි සෙනඟක් නුවරඑළියෙන් නානුඔය දී දුම්රියට පුරවන්නට වෙහෙස විය. ආරියරත්න නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ මුදල් කටයුතු ද භාරව සිටියේ ය. එක්තරා දිනෙක පක්ෂ මූලස්ථානයෙන් දිස්ති‍්‍රක්කයේ මුදල් විගණනය සඳහා පැමිණ සිටියේ ය. එහි දී දිස්ති‍්‍රක්කයේ අයවැය ආරියරත්න ඉදිරිපත් කළ අතර විශේෂත්වය වන්නේ පක්ෂ අරමුදලට රත‍්‍රං මාලය විකුණා ලද මුදල ලෙස මුදලක් සඳහන් වීම ය. මුදල් විගණනය කළ පක්ෂ මූලස්ථාන සහෝදරවරුන් එම කරුණ පිළිබඳව ඔහුගෙන් විමසීය. මෙහි දී ඔහු ප‍්‍රකාශ කළේ බස් නැවතුම්පොළක වැටී තිබූ රත‍්‍රං මාලයක් විකුණා එම මුදල් පක්ෂ අරමුදලට බැර කළ බවයි. විප්ලවවාදී පක්ෂයක පූර්ණ කාලීන සාමාජිකයා යනු පක්ෂයට අයිති වස්තුවකි. යම් පූර්ණ කාලීනයෙකුට යම් කීර්තියක් හිමි වන්නේ නම් එය අයිති පක්ෂයටයි. ඔහුට යම් විටක අපකීර්තියක් වන්නේ නම් එය ද පක්ෂයට බලපායි. සමස්තයක් ලෙස පූර්ණකාලීන සාමාජිකයා සතු සියලූ දේ අයිති පක්ෂයට ය. මේ මාලය විකුණා ලබා ගත් මුදලින් ඔහු පත්ව සිටි දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට යම් පිටිවහලක් කර ගත හැකිව තිබිය දී කෙතරම් දුෂ්කර වුව ද පූර්ණ කාලීන පක්ෂ කි‍්‍රයාකාරිකයා අයිති පක්ෂයටම පමණක් බව ඔහු ඒ සිදුවීම හරහා ඔප්පු කළේ ය. අවංක නිහතමානී විප්ලවවාදියෙකුගේ සැබෑ ස්වරූපය මෙය බව ඒ කරුණ හරහා ඔහු ඔප්පු කළේ ය. නුවරඑළිය දිස්ති‍්‍රක් පක්ෂ අරමුදල ප‍්‍රවර්ධනය සඳහා කුඩා ආදර්ශ ගොවිපොළක් පවත්වාගෙන යාමට ද ආරියරත්න කටයුතු කළේ ය. වනසතුන්ගෙන් මේ ගොවිපොළ ආරක්ෂා කිරීම දුෂ්කර වුව ද, සියලූ දුෂ්කරතා ජය ගනිමින් පක්ෂය වෙනුවෙන් සිය ශ‍්‍රමය, කාලය කැප කළේය. 1983දී ජ.වි.පෙ. තහනම් කිරීමෙන් පසු ඔහුව හැඳින්වූූූූූූයේ ‘වික‍්‍රම’ නමිනි. පසු කලෙක කොළඹ දිස්ති‍්‍රක්කයේ අයි. ඞී. එච්. ප‍්‍රදේශයේ කාමරයක නැවතී සිටිමින් පක්ෂය වෙනුවෙන් වැඩකටයුතුවල නිරත විය. ඔහු පිළිබඳ තම මතකයන් අවදි කරන සගයන් පවසන්නේ එහි දී ද ඔහු ආදර්ශයෙන්ම කැපවීමේ ස්වරූපය පෙන්නුම් කළ බවය. ඔහු නැවතී සිටි කාමරයේ තිබුණේ එක් ඇඳක් පමණි. එහෙත්, කාමරයේ සහෝදරවරුන් කිහිප දෙනෙකු නැවතී සිටියේ ය. කිසි විටෙක ඔහු ඇඳ මත නිදානොගත්තේ ය. වෙනත් සහෝදරයෙකුට ඇඳ ඉතිරි කර තබා බිම පැදුරක් හෝ කඩදාසි කොළයක් එළා නිදාගැනීම ඔහුගේ සිරිත විය. ඔහු සුවපහසුව සොයා නොගියේය. ඔහුට අවශ්‍ය වූයේ පක්ෂය වෙනුවෙන් විප්ලවවාදියෙකු ලෙස කළ යුතු උපරිම කැපකිරීම ලබා දීම පමණකි. අනෙක් සගයන් මෙන්ම ඔහු ඒ යුතුකම ඉටු කළේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවීය. ආරියරත්න 1988/1989 සමයේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පක්ෂයේ දිස්ති‍්‍රක් ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට පක්‍ෂයෙන් වගකීම් පැවරිණි. එහිදී ඔහුව හඳුන්වනු ලැබූයේ ‘සුගත්’ යන නමිනි. රාජ්‍ය මැර හමුදාවන් ද, තවත් රාජ්‍ය ත‍්‍රස්ත කල්ලි ද විසින් ජ.වි.පෙ. සාමාජිකයන් සොය සොයා ඝාතනය කළේ ය. මරණය පෙනි පෙනී දුර්වලයෙකු නොවී කැප වීමෙන් සියලූ දෙනාගේ සිත් දිනා ගනිමින් දිස්ති‍්‍රක්කය පුරා පක්ෂ වැඩ කටයුතුවල නිරත විය. ඔහු සතුව අසීමිත දැනුම් සම්භාරයක් විය. ඒ දැනුම ඔහු පක්ෂයේ සංවර්ධනය වෙනුවෙන් යෙදවූයේය. ඕනෑම දුෂ්කර කොන්දේසියක් ජයග‍්‍රහණය කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු තුළ පැවතියේ ය. පක්ෂයට ද්‍රෝහීකම් කළ පුද්ගලයන්ට ඉන් මිඳී කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේ නිවටයෙකු වශයෙන් නොවේ. ඔහු ඒ ඉල්ලීම කළේ දැඩි ගාම්භීර හැඟීමකිනි. ඔහුගේ ඉල්ලීම ඉවත දැමීමට තරම් ද්‍රෝහීන්ට හැකියාවක් නොවූයේ ඔහුගේ ඉල්ලීම තුළ වූ දැඩි බවයි; සෘජු බවයි. ඔහු තීන්දු, තීරණ ගනු ලබන්නේ බුද්ධියට ඉඩ දී වීම විශේෂත්වයකි. ඔහු කිසි විටෙක සතුරාට පේ‍්‍රම නොකළේය. ඔහු දැඩිව පේ‍්‍රම කළේ පක්ෂයේ අරමුණු වෙනුවෙනි. ලාංකීය දුක් විදින ජනතාවට වඩාත් ගෞරවනීය දේශයක් උරුම කර දීම උදෙසා නොබියව, එඩිතරව වැඩ කිරීම ඔහුගේ සුවිශේෂී ගතියක් විය. හම්බන්තොටින් පසු පක්ෂයේ ගාල්ලේ දිස්ත‍්‍රික් ලේකම් වගකීම සඳහා ආරියරත්න මැදිහත් විය. එහෙත් ගාල්ලේ වැඩකටයුතු සඳහා පැමිණි අලූතම 1989 වසරේ එක්තරා දිනක හබරාදුව අහංගම ආසන්න ප‍්‍රදේශයක දී පාපැදියකින් ගමන් කරමින් සිටිය දී රාජ්‍ය ගහලයන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි. එකල රාජ්‍ය ආශිර්වාද සහිතව පවත්වාගෙන යනු ලැබූ වධකාගාරවලට ගෙන ගොස් අනේකවිධ වධ බන්ධනයන්ට ලක් කර මරා දමන ලද බවට තොරතුරු වාර්තා වේ. ඔහුගේ උත්තම ජීවිත පූජාව සිදු වූයේ පෞද්ගලික අරමුණක් උදෙසා වෙහෙසීම නිසා නොවේ. සුවහසක් ලාංකීය පීඩිත ජනතාවගේ විමුක්තිය ප‍්‍රාර්ථනා කළ ආරියරත්න නම් වූ සැබෑ මානවවාදියා ඒ වෙනුවෙන් අරගල කරමින් සිටියදී අරගල භූමියේ දී ම සතුරාගේ ප‍්‍රමුඛ ඉලක්කයක් වී සිය අරමුණ කිසි විටෙක පාවා නොදී මරණය වැළඳ ගත්තේ ය. ඒ නොනිමි අරගලයේ අද දවසේ ජීවය වන්නේ ආරියරත්න වැනි සගයන්ගේ උත්තුංග කැපකිරීම් බව අනාගතය විසින් යථාර්ථයක් කරනු ඇත. .