පසුගිය දිනෙක ජනාධිපති මන්දිරයේ පැවති කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ සමරු උත්සවයේ දී ජනාධිපති කළ ප‍්‍රකාශය මුළු රටම දන්නා කරුණකි. මෙම ප‍්‍රකාශය මෙවැනි අවස්ථාවක මොනවා හෝ ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය නිසා කී දෙයක් ද? නැතිනම් ගැඹුරින් සිතා බලා කළ අවංක ප‍්‍රකාශයක් දැයි සිතා බැලිය යුතුය. ගරු ජනාධිපතිතුමා ගොවියන් අතර දී ගොවියෙකි. කවියන් අතර දී කවියෙකි. ගායකයන් අතරට ගිය විට ගායකයෙකි, කලාකරුවෙකි. මාධ්‍යකරුවන් අතර රැුහේ එකෙකි. ඕනෑම සභාවක දී ඒ හා බැ`දුණු සිය අනන්‍යතාවය කීප වතාවක දී ම ප‍්‍රකාශ කර ඇත. මෙම ප‍්‍රකාශයත් එවැන්නක් ද? මෙම උත්සවයට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධ විපක්‍ෂයේ යැයි කියන කණ්ඩායමේ ප‍්‍රබලයන් ද සිටි නිසා නිකම්ම කියූ කතාවක් නම් වෙන්නට බැරි ය. ලෝක ඉතිහාසයේ හමුවන නිකොලොස් සාර් යනු සෙසු රාජ්‍ය අභිබවා රුසියානු අධිරාජ්‍යයක් ගොඩනැඟීම ස`දහා රුසියානු සමාජය නිරර්ථක යුද්ධයකට ඇද දමා එහි බරත් රජ පවුලේ නඩත්තුව ස`දහා යන බරත් ජනතාව මත පටවමින් ගොවියන් හා කම්කරුවන් අන්ත දුගියන් බවට පත් කර වූ අපකීර්තිමත් රජෙකි. රස්පුටින් වැනි බේබදු සල්ලාලයන්ට රජ මැඳුරේ ලැගුම් දුන්නෙකි. රජ පවුලේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට රාජ්‍ය දේපළ හිතූ ලෙස කොල්ලකෑමට ඉඩදී සිටි රජෙකි. අධිරාජ්‍ය සිහිනයකින් හිස පුරවා ගනිමින් රටේ සාමය නැති කළ කෲර රජෙකි. ලෙනින් යනු සාර් පරපුර විසින් විනාශ කරමින් සිටි රුසියාව එම ග‍්‍රහණයෙන් මුදවා ගෙන ලොව ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය ගොඩනැඟූ රාජ්‍ය නායකයා ය. ඒ සදහා ඔහුට දීර්ඝ මතවාදී හා සංවිධාන අරගලයක යෙදෙන්නට සිදු විය. ජයග‍්‍රහණය ස`දහා සිරගත වීම්, පිටුවහල් කිරීම්, සහ අවලාද, අපවාද විඳීමට සිදු විය. ඒ නිසාම ඔහු ශ්‍රේෂ්ඨයෙකු විය. එසේ ම ලොව සෙසු රාජ්‍යයන්හි සමාජවාදී අරගලයන්ට මතවාදී නිවැරැුදි මඟ හෙළි කර දුන් විශිෂ්ට ගුරුවරයෙකි. මෑතක දී අභාවප‍්‍රාප්ත වූ කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝද එවැන්නෙකි. ජනාධිපති මැඳුරේ එකී සමරු වැඩසටහන පැවතියේ ඒ වෙනුවෙනි. ඉතා ඈත අතීතයේ අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලැබූ කියුබානු දිවයින බැටිස්ටා නම් කෲර ආඥාදායකයාගේ ග‍්‍රහණයෙන් මුදා ගත් විප්ලවවාදී සටන්කරුවා පිදෙල් ය. බැටිස්ටා යටතේ එරට ජනතාවට උරුම වූයේ කුසගින්න, මන්දපෝෂණය, රෝග පීඩා සහ අන්ත දුගී බවයි. එරට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වූයේ බැටිස්ටා ය. ඇමරිකානු පූර්ණ අනුග‍්‍රහය ලැබූ ප‍්‍රකෝටිපති ධනකුවේරයන්ගේ උක්වත්තක් බවට පත්ව තිබූ කියුබාව ඉන් මුදාගෙන වර්තමාන කියුබානු සමාජවාදී රාජ්‍යය ගොඩනැඟූ ශ්‍රේෂ්ඨ නායකයා වූයේ පිදෙල් කස්ත්‍රෝයි. ජනාධිපතිවරයා අදහස් කළේ මුළු ලෝකය ද නැතිනම් ලංකාව ගැන දැයි අපැහැදිලිය. එතුමා ලංකාව ගැන අදහස් කරනවා නම් ඒ ගැන විමසා බැලිය යුතු යැයි සිතමි. ලෙනින්ලා හෝ කස්ත්‍රෝලා ලංකා දේශපාලනය තුළ නැති බව සැබෑ මුත් එතුමා ඉන්නවා යැයි ප‍්‍රකාශ කරන සාර්ලා කවුද? කිමද? සාර්ලා යනු ජනපීඩක දුෂ්ට බවේ හා කෲර බවේ සංකේතයක් නිසා ය. රුසියානු සාර්ලාගෙන් පසුව ද ලොව නොයෙක් රටවල එවැනි වූ පාලකයන් බිහිවිණි. චිලියේ පිනෝචේ, පිලිපීනයේ මාකෝස්, උගන්ඩාවේ ඉඩිඅමින්, මෑතක දී බලයෙන් පහ කළ ටියුනීසියා පාලක බෙන් අලී ඒ සඳහා නිදසුන් කීපයකි. මොවුන් සියල්ලන්ටම පොදු ලක්‍ෂණයක් විය. එනම් අභිමානය හා පවුල් බලයෙන් රට පාලනය කිරීමය. බල තණ්හාව හා බලය අහිමි වේ යැයි ඇති වන මානසික ආතතිය ය. ජනතාවගේ දුගී බවේ ක`දුළු උකසට ගනිමින් උන් රවටා බලය ලබා ගැනීමය. පවුලේ සහ ගජ මිතුරන්ට රටේ සියලූ සම්පත් සොරා ගැනීමට ඉඩ දීම හා රැුකවරණය සැලසීම ය. බලගතු රාජ්‍යයන්ට, මූල්‍ය ආයතනයන්ට පක්‍ෂපාතී වීම සහ කොල්ලකන මුදල් විදෙස් රටවල තැන්පත් කිරීම ය. එවැනි පාලකයන් රටට මහා විනයකි. ජනාධිපති මෛත‍්‍රී සාර්ලා නම් ඉන්නවා කීවේ නිකමට නොවේ. එතුමා ජනාධිපතිවරණයේ දී ප‍්‍රකාශ කළේ පක්‍ෂ ලේකම් ධුරයෙන් ඉවත් වී මරණය අතින් ගෙන ජනාධිපති පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූයේ, බලකාමී, ඒකාධිපති පවුල් සහ ගජමිතුරු රෙජිමය පරාද කර යහපාලන සංහිඳියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බවයි. රට දූෂිතයන්ගෙන්, පගා හා කොමිස්කරුවන්ගෙන් මුදා ගෙන පැවති පාලනයේ තිබූ දූෂණ, වංචා, මහජන මුදල් අවභාවිතය, සේප්පු තුළ තිබූ රත‍්‍රන්, මුතු මැණික් නොව මහ පොළොවේ නිධන් පවා කොල්ල කෑ අය සිටින බවට ටොන් හොණ්ඩරවලින් වේදිකාවේ දී ප‍්‍රකාශ කරමිනි. මේ සියලූ අපරාධ නවතා යහපාලනය ඇති කර දූෂිතයන් තරාතිරම නොබලා දඬුකදේ ගසන බව ප‍්‍රකාශ කළේ ගරු ජනාධිපතිමයි. මේ ප‍්‍රකාශ ගැන දහසක් විශ්වාස කළ ජනතාව මැතිවරණයේ දී 60%ක් ඉක්මවූ බලයක් ප‍්‍රදානය කරමින් විධායක ජනාධිපති පුටුවේ වාඩි කරවා දැනට වසර 02කි. මෙය මාධ්‍ය හැ`දින්වූයේ ජනවාරි 08 දේදුනු විප්ලවය ලෙසයි. ඒ නිසා ජනවාරි 08 විප්ලවයේ අරමුණුවලට බාධා කරන ඔබතුමාගේ කකුලෙන් අදින දේශීය සාර්ලා ජනතාවට හෙළි කිරීම ඔබතුමාගේ වගකීමකි. ජේ. ආර්. ජයවර්ධන අභාවප‍්‍රාප්ත ජනාධිපතිතුමා ද 1987 අපේ‍්‍රල් 30 වන දින අනුරපුර, තඹුත්තේගම මහවැලි මහ ගොවියා තේරීමේ උත්සවයේ දී ලෙනින් ගැන ස`දහන් කරමින් ‘‘1818 ලෙනින් කළ දේ මම 1987 කළ බව’’ ප‍්‍රකාශ කළේය. 1818 ලෙනින් ජර්මනිය සම`ග අත්සන් කළ බෙස්ට්ලිටොස්කි ගිවිසුම ගැන මතක් කරමින් 1987 තමා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ බවයි. එය හො`ද ද නරක ද, හරි ද වැරැුදි ද යන්න ඉතිහාසය විසින් තීන්දු කරන බවය. මේ ගිවිසුම මඟින් රටට සාමය උදා කර ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟන බව ය. 1918 ලෙනින් අත්සන් කළ ගිවිසුම කැත සහ නින්දිත එකක් ලෙස හැඳින්වුවත්, ඔහු එමඟින් රුසියාව ජයග‍්‍රහණය දක්වා ගෙන යාමට සමත් විය. එහෙත්, ජයවර්ධන ජනාධිපතිතුමා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම රටක් ලෙස අද වන තෙක්ම නින්දිතව විඳවනවා නේ ද? ගරු ජනාධිපතිතුමාට තවත් මතකයක් අවදි කරනු කැමැත්තෙමු. 1970දී බලයට පත් සමඟි පෙරමුණ ආණ්ඩුවේ නායිකා මෙන්ම ගරු අගමැති ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හවුල්කරුවන් වූ සමසමාජ, කොමියුනිස්ට් නායකයන් සහ අනුගාමිකයන් සමඟ ගමන් කළ මැයි දින පෙළපාළියේ සටන් පාඨය වූයේ ‘‘සිරිමාවොට අපි කියන්නේ - කස්ත්‍රෝ වගේ කෙළින් ඉන්න’’ කියායි. එහෙත්, ප‍්‍රතිඵලය 1977දී අන්ත පරාජයයි. ජනාධිපති මෛතී‍්‍රට මෙරට නැතැයි කියන ලෙනින්ලා හෝ කස්ත්‍රෝ කෙනෙක් විය හැකි ය. ඒ දෙදෙනාට ම නොවූ විධායක බලයක් 60%ක් ඉක්මවූ ජනවරමකින් ලබා දී ඇත. ජනවාරි 08 දේදුනු විප්ලවයේ ඔබ කී දෑ ඉටු කරන්නේ නම් ජනතාව ඔබ සම`ග එකට සිට ගනු ඇත. ලෙනින්ට හා කස්ත්‍රෝට ලැබුණු ගෞරවය ඔබට හිමි කර දී ඔබ ද රකිනු ඇත. එහෙත් ජනාධිපතිතුමනි, තවත් ප‍්‍රශ්නයක් ඇත. හිටපු පාලකයා යටතේ මෙන්ම ඔබතුමාගේ සංහිඳියා යහපාලන ජාතික ආණ්ඩුව යටතේ ද සිදු වන්නේ එම දේමයි. රුසියානු හා කියුබානු විප්ලවවලට පෙර එරට සිදු වූයෙත් මේ හා සමාන සිදුවීම් සහ පාලනයයි. ලාභ ලබන ආයතන ගොඩනැඟීමට ඉඩ තිබියදී, කඩාවැටීමට ඉඩ හැර පෞද්ගලික අංශයට විකිණීම, රාජ්‍ය සේවය සීමා කිරීම, විශ‍්‍රාම වැටුප, ගොවි සමෘද්ධි ආදී සියලූ සුභාසාධක අංශ කප්පාදු කිරීමයි. රාජ්‍ය ආදායම 80%ක් පමණක් විවිධාකාර බදු මගින් ලබා ගැනීම ය. කොල්ලකාරී විදෙස් ආයෝජකයන්ට බදු සහන ලබා දීම ය, මහ බැංකු බැදුම්කර වැනි මූල්‍ය ආයතනවල සිදු කරන මූල්‍ය අපරාධවලට ඉඩ දීම ය, දඬුවම් නොකිරීමය. රටේ දකුණ චීනයටත්, නැගෙනහිර ඉන්දියාවටත්, බටහිර බහු ජාතික සමාගම්වලටත් දීර්ඝකාලීන බදු ලෙස විකිණීමය, රටේ ස්වෛරීභාවයට හානි කරන, ජන ජීවිත අඩාල කරන රට දණ ගස්සන තව බොහෝ දේ ඔබතුමාගේ පාලනය යටතේ ද සිදු වෙයි. නිෂ්පාදන ආර්ථිකය නොසලකා හැර ඇත. ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව කොල්ලකාරී ප‍්‍රාග්ධන යටත්විජිතයක් වීමේ අනතුර ගොඩනැෙඟමින් පවතී. රුසියාවේ සහ කියුබාවේ එරට විප්ලවවලදී පරාජය කළ බලවේග ජනවාරි 08 දේදුනු විප්ලවයෙන් පසු වර්ධනය වන බව පෙනෙන්නට ඇත. එම නිසා ජනාධිපති මෛත‍්‍රී ජනවාරි 08 වෙනිදා ජනවරම දැනටම නොසලකා හැර තිබේ. අඩුම තරමින් ජනවරමේ අභිලාෂයන් ක‍්‍රියාත්මක කිරීමට බාධා කරන සාර්ලා ගැන හෙළි කළ යුතුය. ඔබතුමාට දැනෙන හා පෙනෙන දේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා මෙන්ම නූතන සාර්ලාට එරෙහිව නීත්‍යනූකූල ක‍්‍රියාමාර්ග නොබියව කල් නොහැර ගත යුතුය. ජනවාරි 08 දේදුනු විප්ලවයේ සටන් සගයන් මෙන්ම යුක්තිකාමී දේශපේ‍්‍රමී ජනතාව වේගයෙන් ඔබ අත්හරිමින් සිටී. රුසියානු ජනාධිපති පුටින් ඊළ`ග රුසියානු අගමැතිවරයා ලෙස නම් කළ ප‍්‍රබලයෙකු අයුතු මූල්‍ය වංචාවක් පිළිබ`ද වරදකරු වූ පසු තනතුරු සහ බලතලවලින් ඉවත් කර දඬුවම් දීමට ගත වූයේ දින 60කි. ලංකාවේ නූතන සාර්ලාට අද ඔබෙන් එවැනි බලපෑමක් තබා විමසීමක්වත් ඇති බවක් නොපෙනේ. එහෙත් මා කල්පනා කරන දේ නම් ඔබතුමා වැදගත් පණිවුඩයක් අපේ සමාජයට තහවුරු කළ බව ය. එනම් මෙම යුගයේ සැබෑ සමාජ විප්ලවය හා දේදුනු විප්ලවයේ වෙනස මෙරට ජනතාවට තේරුම් කර දීම ය. ඊනියා දේදුනු විප්ලවයකින් සිදුවන කිසිදු කෙංගෙඩියක් නැති බව පෙන්වා දීමය. එය නම් සැබෑම සමාජ සත්කාරයක් බව මෙහිලා සඳහන් කළ යුතුය. එය තවත් පැහැදිලි කර ගැනීමට ඔබතුමා වරක් සිදු කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය ද සුදුසු ය. ‘‘බම්බුව තමා’’ .