සත්‍යපාල වන්නිගම සහෝදරයා පිළිබඳව සමරු උත්සවයක් කරන්න ඕනෑ කියලා සමාජවාදී ශිෂ්‍ය සංගමය ඒ සම්බන්ධයෙන් මටත් ආරාධනා කළා, ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ආරාධනාව ඉතා කැමැත්තෙන් මම පිළිගත්තා. ඒ නිසා පළමුවෙන් මම සමාජවාදී ශිෂ්‍ය සංගමයට ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාව ඉතා වැදගත් අවස්ථාවක් කියලා අපි හිතනවා. එකක් තමයි, දිනවල යම් එහා මෙහා වීමක් තිබුණත්, අපි විශ්වාස කරන විදියට සත්‍යපාල වන්නිගම සහෝදරයා මරා දමලා, 1988 ජනවාරි 06 වැනිදා තමයි, අපට ඔහුගේ දේහය හඳුනා ගන්න පුළුවන් වුණේ. ඒ නිසා අප සලකනවා, එය ඔහු දිවි පි¥ දවස කියලා. අනෙක් කාරණය තමයි, අපි මේ රැුස් වෙලා තියෙන ගොඩනැඟිලි භූමිය 88-89 කාලයේ වධ කඳවුරක් තිබූ තැනක්. සත්‍යපාල වන්නිගම සහෝදරයාත් ඒ කඳවුරේ ඉන්න ඇති, අපි මේ ඉන්න තැන ම. කතාවක් තියෙනවා ඉතිහාසයේ සරදම හැම දෙයක් ම කණපිට හරවනවා කියලා. ඉතින්, මේ ස්ථානය ඔහුගේ ගමට කිට්ටුව, අනෙක් පැත්තෙන් ගත්තොත්, වධ කඳවුර තිබූ ස්ථානයට රැුස් වෙලා ඔහු ගැන කතා කරන්න ලැබීම අපි හිතනවා, ටිකක් ඉතිහාසයේ දෛවෝපගත සිද්ධියක් කියලා. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඊට කලින් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙක්. ශිෂ්‍ය ව්‍යාපාරයට ඔහුගේ ඇති මේ ඥාතීත්වය නිසා මේ කතිකාව සමාජවාදී ශිෂ්‍ය සංගමයට වඩාත් ගැලපෙනවා. හම්බන්තොට දිස්ති‍්‍රක්කය අපේ පක්‍ෂයට සුවිශේෂී නායකයන් බිහි කරපු දිස්ති‍්‍රක්කයක්. අපේ පක්‍ෂයේ නිර්මාතෘ වෙච්ච රෝහණ විජේවීර සහෝදරයා ඉපදුණෙත් මේ දිස්ති‍්‍රක්කයේ. ඒ වාගේ ම අපේ පක්‍ෂයේ නායකයන් වෙලා හිටපු බොහෝ දෙනෙක් ගත්තොත් එහෙ ම හම්බන්තොට දිස්ති‍්‍රක්කය පදනම් කරගෙන බිහි වෙච්ච අය. උදාහරණ විදියට සුමිත් අතුකෝරල සහෝදරයා, නන්දතිලක ගලප්පත්ති සහෝදරයා වැනි සහෝදරවරුන් ගණනාවක් සඳහන් කරන්න පුළුවන්. අප කවුරුත් දන්න ගුරුවරයකු ලෙස කටයුතු කළ පස්සේ දක්‍ෂතම නීතිඥයෙක් වෙච්ච විජේදාස ලියනාරච්චි සහෝදරයා මේ බිමේ ඉපදිච්ච කෙනෙක්. ඒ වාගේ ම ගුණපාල සතරසිංහ සහෝදරයා, ගුණසේන වර්ණපටබැඳි සහෝදරයා, ආරියසේන ඊෂ්වරගේ සහෝදරයා මේ බිමේ නමක් තියලා දිවි පි¥ අය. ඒ වාගේ ම නම් නොදන්න තවත් සහෝදරවරුන්, සහෝදරියන් බොහෝ ප‍්‍රමාණයක් අපේ පක්‍ෂය වෙනුවෙන් මේ රටේ නිදහස වෙනුවෙන් ජීවිත කැප කරලා තියෙනවා. සත්‍යපාල වන්නිගම සහෝදරයා සංකේතයක් ලෙස භාවිත කළත්, අනෙක් සියලූ දෙනා ම මේ ආවර්ජනයට අඩංගු කරගෙන තමයි, කතා කරන්නේ. අපේ අලූත් පරපුරේ නංගිලා, මල්ලිලා ශිෂ්‍ය ව්‍යාපාරය වේගයෙන් ගොඩනඟමින් යනවා. අලූත් පරපුරට තමන්ගේ පරපුරේ කීර්තිමත් නායකයන්ගේ අත්දැකීම් එකතු කර ගන්නා අදහසින් තමයි, සත්‍යපාල වන්නිගම සහෝදරයා ගැන කතා කරන්නේ. සත්‍යපාල වන්නිගම සහෝදරයාගෙන් අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්කම තියෙනවා. වන්නිගම සහෝදරයා අපි කවුරුත් දන්නවා, අඟුණකොළපැලැස්සේ, දඹරැුල්ල ප‍්‍රදේශයේ ඉපදිච්ච අපේ පන්තියේ කෙනෙක්. දක්‍ෂ නිසා ඔහු ඉගෙන ගත්තා. දඹරැුල්ල විදුහලේ මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා දර්ශනය පිළිබඳ උපාධිය ලබා ගත්තා. පස්සේ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ කථිකාචාර්යවරයකු හැටියට පත් වුණා. එහෙ ම උගන්වමින් ඉන්න වෙලාවේ තමයි, 1987 අපි විශ්වාස කරන විදියට අම්මා බලන්න ගෙදර යන වෙලාවක අත්අඩංගුවට අරගෙන එවකට තිබිච්ච ආණ්ඩුවේ පොලීසිය විසින් 1988 ජනවාරි මාසයේ මේ වගේ දවසක මරා දැම්මේ. ඒ කෙටි ජීවිත කාලය තුළ තමයි, අපට ඔහු සමරන්න බල කෙරෙන නොමැකෙන මතක සටහන් තබා තියෙන්නේ. වන්නිගම සහෝදරයා පිළිබඳව කතා කරන්න විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි, ඔහු ඉපදිලා, ඉස්කෝලේ ගිහිල්ලා, විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා, උපාධියත් අරගෙන උගන්වලා නිකම් ම මැරිලා ගිය කෙනෙක් නොවෙයි. ඔහුගේ මරණය සාමාන්‍ය ඝාතනයක් නොවෙයි. ඒක වධ දී මරා දමපු සිදුවීමක්. ඔහු කිසියම් දේශපාලනයක් විශ්වාස කළා. ඒ දේශපාලනය තුළ කි‍්‍රයා කළා. එම දේශපාලන කි‍්‍රයාකාරීත්වය අප රටේ සතුරන්ට අභියෝගයක් වුණා. ඒ නිසා සතුරන් තීරණය කළා මොහු ඝාතනය කරන්න. කෙනෙකු ඝාතනය කරනවා කියන්නේ සතුරන්ගේ ශක්තිය නොවෙයි, දුබලකම. සතුරා දුබල නිසා සතුරා තීරණය කළා පරාජයට පත් කරන්න බැරි වන්නිගම සහෝදරයා ඝාතනය කරන්න. වන්නිගම සහෝදරයාට දේශපාලනය පැත්තක තියලා ටිකක් සැපවත් ජීවිතයක් ගත කරන්න තිබුණා. වන්නිගම සහෝදරයා සැපවත් ජීවිතය ගැන සිහින මවනවා වෙනුවට තමන් ජීවත් වන ගම ගැන හිතලා, දිස්ති‍්‍රක්කය ගැන හිතලා, පන්තිය ගැන හිතලා, පන්තියේ ජනතාවට ඇත්ත නිදහස, ඇත්ත විමුක්තිය ගෙනෙන්න දේශපාලන ව්‍යාපාරයක් ඕනෑ කියලා හිතලා දේශපාලන ව්‍යාපාරය තුළ සකී‍්‍රය දායකත්වය සපයන කෙනෙකු බවට පත් වුණා. තමන්ගේ දැනුම පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් යොදා ගන්නවා වෙනුවට තමන්ගේ හැකියාවන් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගොඩනඟා ගැනීමට පාවිච්චි කරනවා වෙනුවට තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව මේ දේශපාලන ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප කළ, පාවිච්චි කරපු කෙනෙකු තමයි, සත්‍යපාල වන්නිගම සහෝදරයා. ඇත්තට ම ඔහු අපේ පක්‍ෂයට සම්බන්ධ වෙලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් ඉඳිද්දී. ’71 අරගලය වෙලාවෙත් ඔහුගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු අත්අඩංගුවෙත් ඉන්නවා. බොහෝ දෙනෙකු පැත්ත හොයා ගන්න බැරිව එහාට මෙහාට වෙද්දී, වන්නිගම සහෝදරයා තමන්ගේ මඟ හරියට ම හොයාගෙන ජනතා විමුක්ති පෙරමුණ සමඟ නොසැලී සිටියා. ඉන් පසු තමයි, ඔහු උපාධිය සම්පූර්ණ කරලා කථිකාචාර්යවරයකු ලෙස රුහුණු විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ කාලෙ ම ’77 ශිෂ්‍ය තහනම ඉවත් වෙලා පක්‍ෂය ප‍්‍රසිද්ධ දේශපාලන වැඩ පටන් ගන්න කොට සත්‍යපාල වන්නිගම සහෝදරයා එහි විශාල වැඩ කොටසක් ඉටු කළා. සත්‍යපාල වන්නිගම සහෝදරයා ඇත්තට ම දක්‍ෂ කථිකයෙක්. මං හිතන්නේ ඔහු බොහෝ විට මේ ප‍්‍රදේශයේ මැතිවරණ වේදිකාවල කතා කරපු දක්‍ෂ කථිකයෙක්. කරුණු පැහැදිලි කිරීමේ හැකියාව ඔහුට තිබුණා ලියනාරච්චි සහෝදරයාට වගේ. අනෙක් අතින් සත්‍යපාල වන්නිගම සහෝදරයා දක්‍ෂ ලේඛකයෙක්. හොඳට ලියන්න පුළුවන්. ’88ට කලින් මර්දනය පටන් ගන්න කොට ම දිස්ති‍්‍රක්කයේ අපේ හොඳ ම සහෝදරයෙකු මරා දැමුවා ආණ්ඩුව විසින් තල්පාවිල ධර්මේ සහෝදරයා කියලා. මේ මරණය පිළිබඳව ඒ කාලයේ ජාතික පුවත් පතක ලිපියක් පළ වුණා. ඒ ලිපිය ඉතාමත් සාහිත්‍යමය ලිපියක්. පක්‍ෂයෙන් අපි ඇහුවා ම කවු ද මෙය ලියුවේ කියලා අපට කිව්වා, මේ ලිපිය ලිව්වේ සත්‍යපාල වන්නිගම සහෝදරයා කියලා. ඉතාමත් හැඟීම්බර විදියට ධර්මේ සහෝදරයා ගැන ඉතා අගනා ලිපියක් ඔහු රචනා කරලා තිබුණා. චිත‍්‍ර අඳින්න, සංගීතය වගේ කලා හැකියාවන් තිබිච්ච කෙනෙක්. අපි අහලා තියෙනවා, ඒ දවස්වල ගමේ වේදිකා නාට්‍ය හදලා පෙන්නුවා කියලා. ඒ නිසා ඔහු හැකියාවන් ගොඩක් එකතු වුණු කෙනෙක්. 1977න් පස්සේ අපේ පක්‍ෂයට උගතුන්, බුද්ධිමතුන් නියෝජනය කරන ක්‍ෂේත‍්‍රයේ ගොඩක් සිටියේ නෑ. ඒ අතුරින් කෙනෙකු තමයි, සත්‍යපාල සහෝදරයා. මට මතකයි, ඔය ජයවර්ධන මහත්තයාගේ මර්දනකාරී පාලනය තුළ ඒ මර්දනකාරීත්වයට එරෙහිව අපේ පක්‍ෂය එකතු වෙලා බහුජන සංවිධානයක් ගොඩනැඟුවා ‘මානව හිමිකම් සුරැුකීමේ සංවිධානය’ කියලා. මෙම සංවිධානයේ විශාල කාර්යභාරයක් සත්‍යපාල වන්නිගම සහෝදරයා ඉටු කළා. මෙම සංවිධානයේ මාතර දිස්ති‍්‍රක් සංවිධායක වශයෙන් වැඩ කළේ ඔහුයි. ඉතින්, මේ විදියට පක්‍ෂය පැවරූ වැඩකටයුතු ගණනාවක් ම තමන්ගේ ඉගෙනීමේ කාලය තුළ ම කර ගන්න ඔහු ඉතා හොඳින් සමත් වුණා. අප දන්නවා, ඔහු බුද්ධිමතෙක්. ඔහු විෂය තෝරා ගත්තේ දර්ශනය. පශ්චාත් උපාධිය කරන්නෙත් දර්ශනය පිළිබඳව. පශ්චාත් උපාධියට ඔහු ලියුව පොතක් තියෙනවා. අපි ගාවත් පිටපතක් තිබුණා. ඒක වර්තමාන පරපුරට ඉතා වටිනා කෘතියක් කියවා තේරුම් ගන්න. ඒ නිසා ඔහු ගැඹුරු දැනුමක් සහිත කෙනෙකු ලෙස තමයි, තමන්ගේ වෘත්තීය කටයුතු කරමින් සිටියේ. අනෙක් පැත්තෙන් සත්‍යපාල වන්නිගම සහෝදරයා තනතුරු අපේක්‍ෂාවෙන් හිටිය කෙනෙකු නොවෙයි. මොක ද? මේ සම්බන්ධයෙන් උදාහරණ තියෙනවා, අපේ කිතුලේගොඩ සහෝදරයා කියුවේ ඔහු 1983 අපේ පක්‍ෂය තහනම් කිරීමෙන් පස්සේ ’84 විතර කාලයේ පක්‍ෂය තීන්දුවක් ගන්නවා රටේ උගතුන්, බුද්ධිමතුන් පක්‍ෂයේ වැඩවලට වැඩියෙන් සම්බන්ධ කර ගන්න. සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති අපේ පක්‍ෂයේ මධ්‍යම කමිටුවට එකතු වන්න පුළුවන්කම තියෙන්නේ පූර්ණකාලීන අයට විතරයි. නමුත්, වන්නිගම සහෝදරයා මධ්‍යම කමිටුවට සම්බන්ධ කර ගන්න යෝජනා කළාට පස්සේ ඔහු කියලා තියෙනවා, ”මම රැුකියාවක් කරමින් පක්‍ෂයේ වැඩ කරන නිසා මම ඒ වාගේ බැ?රුම් වගකීමක් භාර ගන්න එක හොඳ නෑ. ඒ නිසා මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න දෙන්න. මම පෝස්ටර් ගහන්නම්, කැන්වසින් යන්නම්, ඒ ජාතියේ ඒවා ඔක්කො ම කරන්නම්. ඒ නිසා මේ වගකීම භාර ගන්නේ නෑ.” කියලා. ඒ අනුව අපේ පක්‍ෂයේ හැමෝමත් වගේ ම සත්‍යපාල වන්නිගම සහෝදරයාත් තනතුරු වෙනුවට වැඩ කිරීමේ ගුණය පෙන්වපු කෙනෙක්. දේශපාලනය කරනවා වගේ ම සත්‍යපාල සහෝදරයා ගම අමතක කළේ නෑ. පවුල අමතක කළේ නෑ. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවා. මාතර හිටියා වුණත් ලැබුණු සෑම විටෙක දී ම අම්මා බලන්න ගෙදර ආවා. අපි දන්න විදියට ඔහු අත්අඩංගුවට ගන්නෙත් අම්මා බලන්න ගෙදර ආපු වෙලාවක. ඒ වාගේ ම තමයි, ගමේ ළමයින්ට පන්ති දාලා නොමිලේ ඉංගී‍්‍රසි කියා දුන්නා. තමන්ගේ දැනුම විකුණනවා වෙනුවට තමන් ගාව තියා ගන්නවා වෙනුවට දැනුම ආභරණයක් කර ගන්නවා වෙනුවට දැනුම නැති අයට බෙදා දෙන්න, විශේෂයෙන් ගම්බද දුප්පත් දරුවන්ට දැනුම ලබා දීම සඳහා තමන්ට කරන්න පුළුවන් මෙහෙය කරපු කෙනෙක්. ඒ සඳහා ඔහුට ඔහුගේ ඥානයත් වාගේ ම ජනතා විමුක්ති පෙරමුණේ මඟපෙන්වීම ලැබුණා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වාගේ ම තමයි, ඔහු ළමයින්ට ඉතාමත් ආදරය කරපු හොඳ ගුරුවරයෙක්. විශේෂයෙන් ම රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත හැම කෙනෙකු ම ඔහුට ආදරය කළා. ඔහු ඉතා ම නිහතමානී කෙනෙක්. ශිෂ්‍යයන්ගේ හා ආචාර්යවරුන්ගේ සමඟිය තියා ගන්න උත්සාහ කරපු කෙනෙක්. දැනට අපි දන්නවා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ අරගල කරනවා. ඒ අරගල එක්ක නොවෙයි, සමහර ආචාර්යවරුන් ඉන්නේ. අරගලයට අනික් පැත්තේ. නමුත්, වන්නිගම සහෝදරයා ශිෂ්‍යයන්ගේ පැත්තේ හිටියේ. ඒ නිසා ශිෂ්‍යයන්ගේ බොහෝ ආදරයත්, ගෞරවයත් ඔහුට තිබුණා. ඒ නිසා ම තමයි, අපි අහලා තියෙනවා සත්‍යපාල වන්නිගම සහෝදරයා අත්අඩංගුවට ගත්ත වෙලාවේ දී ශිෂ්‍යයෝ විශාල අරගලයක් කරලා තියෙනවා. ඔහුව නිදහස් කර ගන්න. ඔහුව මරලා දැම්මාට පස්සේ ශිෂ්‍යයෝ ඒ වෙලාවේ ම රුහුණු විශ්වවිද්‍යාලය නම් කළා ‘සත්‍යපාල වන්නිගම සරසවිය’ කියලා. ඒ නිසා වන්නිගම සහෝදරයා කියන්නේ දේශපාලන පැත්තෙන් ගත්තත්, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත්, දැනුම පැත්තෙන් ගත්තත්, කොයි පැත්තෙන් ගත්තත් තමන්ගේ කාර්යභාරය හොඳටම කරපු, මනුස්සකම හිතේ තිබිච්ච හොඳ කෙනෙක්. ඒ නිසා අපි දකින්න ඕනෑ දේ තමයි, කෙනෙකුට දැනුම ගොඩක් තියෙන කෙනෙකු වෙන්න අමාරු නෑ. එහෙ ම කෙනෙකු වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. බුද්ධිමතකු වෙන්න පුළුවන්. තනතුරු දරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි, ඒ ඔක්කොට ම කලින් හොඳ මිනිහෙක් වෙන්න ඕනෑ. හොඳ මිනිහෙක් වෙන්නෙ නැති කාට මොනවා පැළැන්දුවත් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා ම අපි හැමෝ ම මේ තරුණ පරපුර, නංගිලා, මල්ලිලා, අපේ ශිෂ්‍ය ව්‍යාපාරය සත්‍යපාල වන්නිගම සහෝදරයාගෙන් ගත යුතු ප‍්‍රධාන ආදර්ශය තමයි, අපි විප්ලවවාදියකු, කොමියුනිස්ට්වාදියකු, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු, ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයකු වෙන්න කලින් හොඳ මිනිහෙක් වෙන්න ඕනෑ. හොඳ මනුස්සයකු වෙන්න ඕනෑ. අවංක, නිහතමානී හොඳ මනුස්සයකු වෙන්න ඕනෑ. අපි කාටත් විශේෂයෙන් ම ගත්තොත්, අපේ රටේ තරුණ පරපුර හොඳ මිනිසුන් වීම අනිවාර්යයි. අපි වන්නිගම සහෝදරයාට ගරු කරනවා නම්, පටන් ගන්න ඕනෑ මොකෙන් ද හොඳ කෙනෙකු වෙලා, නිහතමානී කෙනෙකු වෙලා, ගම අමතක නොකරන කෙනෙකු, මුල අමතක නොකරන කෙනෙකු වෙලයි ඒක කරන්න පුළුවන්. තමන් උපයා ගත්තු දේ පෞද්ගලික අරමුණුවලට පාවිච්චි නොකරන කෙනෙකු වෙලා, සමාජය ගැන සිතන, අවබෝධයක් සහිතව ජීවත් වන කෙනෙකු වෙලා ඒක කරන්න පුළුවන්. ඔහුට සැබෑ ලෙස ම ගෞරව කළා වෙන්නේ; ඔහුට ආචාර කළා වෙන්නේ අපි එහෙ ම ආදර්ශවත් වුණොත් විතරයි. .