ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩිමෝක‍්‍රටික් නමැති ධනේශ්වර පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් 2016 නොවැම්බර් 8වෙනි දින පැවතුණු ජනාධිපතිවරණයට තරග වැදුණු අතර එයින් මතභේදාත්මක වුව ද, කැපී පෙනෙන ජයක් ට‍්‍රම්ප්ට ලැබීමෙන් අනතුරුව පසුගිය 20වෙනි දින ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබීය. එහෙත්, ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ඔහු ධවල මන්දිරයට ඇතුළු වනුයේ මෑත කාලයේ ඉතාමත්ම අප‍්‍රියජනක ජනාධිපතිවරයා ලෙස ය. එසේ වනුයේ ඔහු ජනාධිපති වූ ජනවාරි 20වෙනි දින සිට මේ ලියන මොහොත දක්වා ප‍්‍රදර්ශනය කරන ලද බාල, අපරිණත, බොළඳ,‘නහයට නාහන’ හිතුවක්කාර හැසිරීම නිසාය. ඔහු වේදිකාවේ දී කිසිවෙකුට හොඳක් කීවේ කලාතුරකිනි. හොඳක් කිවේ නම් ඒ තම බිරිඳ පවුල සහ දරුවන් ගැන පමණි. හිලරි ගැන එක හොඳක් වුව ද කීවේ දෙදෙනා අතර මුහුණට මුහුණ විවාදයේ චාරිත‍්‍රයක් හැටියට ”ධෛර්ය සම්පන්න ගැහැනියක් යන්න පමණි. මෙය හැරුණුකොට ඔහු හිලරිව ඇමරිකානු ජනතාවට හැඳින්වූයේ අප‍්‍රසන්න නරක ගැහැනියක් එසේම ඔහු සිය මැතිවරණ ව්‍යපාරයේ දී පොදුවේ ස්ත‍්‍රීන්ට අපහාස කළේ ය. ලක්‍ෂ දෙකක පමණ ස්තී‍්‍රන් ට‍්‍රම්ප්ට විරෝ්ධීව ඇමරිකානු නගර පුරා පෙළපාළි පැවැත්වූවේ ට‍්‍රම්ප්ගේ මේ ස්ත‍්‍රී විරෝධය ද හෙළාදැකීම පිණිස ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් 1946 වසරේ උපත ලැබු අතර පිය උරුමයෙන් හිමි වුණ ව්‍යාපාර තව දුරටත් වර්ධනය කරමින් මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන හතරක පෞද්ගලික වත්කමක් ඇති ඇමරිකාවේ පමණක් නොව විදේශයන්හි (චීනය) ව්‍යපාර ඇති වයස 70ක පමණ සුදු ඇමරිකානුවෙකි. ඔහු තෙවරක්ම විවාහ වූවෙකු වන අතර සෑම විවාහයකින්ම දරුවන් ඇත. ට‍්‍රම්ප් යනු උද්දච්ච කමේ ප‍්‍රතිමුර්තියයි. ඔහුගේ කථාව, හැසිරීම, ඔහුගේ ශාරීරික භාෂාව, හිට ගන්නා ආකාරය, ඉඳගන්නා ආකාරය (පළමුවරට ඔබාමා හමුවේදී ඔහු ආසනගතව සිටි අයුරු)ඔහුගේ මුහුණ, භාෂාව ආදියෙන් මෙය පැහැදිලිව පෙනේ. මෙයට තවත් උදාහරණයක් නම් බි‍්‍රිතාන්‍ය අගමැති තෙරේසා හමුවූ අවස්ථාවේ ඇය ට‍්‍රම්ප්ට ‘මිස්ට ට‍්‍රම්ප්‘ ලෙස ගරුත්වයකින් අමතන විට ට‍්‍රම්ප් ඇයව ඇමතුවේ නිකම්ම ‘තෙරේසා‘ යනුවෙනි . ට‍්‍රම්ප්ගේ උච්චාත්මමානයට :මෙයට වඩා සාධකයක් අවශ්‍ය නොවේ. ”මෝඩ ජනාධිපති”-බර්නි සැන්ඩර්ස් ට‍්‍රම්ප් සහ ඔහුගේ ජනතා විරෝධී කම්කරු පීඩක ප‍්‍රකෝටිපති ව්‍යාපාරික සහ මිලිටරි උපදේශක මණ්ඩලය ‘ඇමරිකාව පළමුව’ නමැති ජාති සහ ජාතිකවාදී සටන් පාඨයක් හැටියටම නොවේ. එය විශේෂයෙන් 2001 සැප්. 11 ඇමරිකාවේ වෙළඳ සංකීර්ණ ප‍්‍රහාරයත් සමග උපත ලබා වසර 15ක් පුරා පැසවමින් මෝදු වූ ඇමරිකානු නව ජාතිවාදයේ දේශපාලන ඉදිරිපත් කිරීමයි. නැතහොත් කාලාන්තරයක් පුරා ඇමරිකානු ජාතිවාදීන්ගේ භවාංග චිත්තයේ තැන්පත්ව තිබු මනෝභාවයක දේශපාලනික උත්කර්ෂණයයි. ට‍්‍රම්ප් ඔහුගේත්, ඔහුගේ ධනපති පංතියේත් සාමාන්‍ය ඇමරිකානුවාගේත් සැගව තිබු ‘ඇමරිකාව පළමුව‘ යන්න ගෙන යාමට හොඳම මැතිවරණය 2016 බව කල්යල් බලා දැන එය ජනතාව අතරට ගෙන යා හැකි ප‍්‍රබලම මාධ්‍යය දේශපාලනය බව තේරුම් ගෙන එය තම දේශපාලන සටන් පාඨය කර ගනු ලැබීය. නමුත් ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහණයෙන් පසු ගත වූ දින 10 තුළ ඇමරිකාව පළමුව නිෂ්ඨාව සහ ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ට‍්‍රම්ප්ගේ අධිෂ්ඨානය නිසා සිදු වූයේ ඇමරිකාව තව දුරටත් ගෝලීය නායකත්වය සපයන රටක් ලෙස ව්‍යාජව හෝ තබාගෙන තිබු ආඩම්බරය දිය වී ඇමරිකාව සමස්ත ලෝකයේම ගැරහුමට පාත‍්‍ර වීමය. ගෝලීය පද්ධතියෙන් පිට වී ඇමරිකාව තනියෙන් වැජඹීමේ අභිලාෂයේ ප‍්‍රතිවිපාක ට‍්‍රම්ප් ප‍්‍රමුඛ ධනපති පංතිය දැනටමත් වි`දිමින් සිටිති. තව ඉදිරියට තව අර්බුද ඇති වන බව නිසැක ය. ට‍්‍රම්ප්ගේ පරිපාලන දින දහය තුළ ඇමරිකාව ‘ගේ‍්‍රට්’ කිරීමට ඔහු උත්සාහ ගනුයේ ලෝක යුද්ධයකට අතවනමිනි. ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් විසින් ට‍්‍රම්ප්ගේ් ‘සතියක’ ඇමරිකාව කළමනාකරණය ගැන පසුගිය 27 වෙනි දින කළ ප‍්‍රකාශය මෙසේය. ”අපේ රට අද විශාල ගැටලූවලට මුහුණ දෙමින් සිටී- අපට ඉන්නේ මෝඩ ජනාධිපතියෙක්” එහෙත් සැන්ඩර්ස් මෙයට දින හතරකට කලින් ‘මෝඩ ජනාධිපති’ ට‍්‍රම්ප් විසින් ‘පාර ශාන්තිකර වෙළෙද ගිවිසුම’ අහෝසි කිරීම අගය කළේය. සැබෑ සමාජවාදී දේශපාලන දර්ශනයක් නැති ධනේශ්වර ද්විපාක්ෂික දේශපාලනයේ දෙබිඩි ලක්ෂණය මෙයයි. කෙසේ වුවද, සැන්ඩර්ස් ට‍්‍රම්ප් ගැන කළ ඉහත තක්සේරුව නම් නිවැරදි බව දිනෙන් දින ඔප්පුවේ. ට‍්‍රම්ප්ගේ ආගමන තහංචි නියෝගය ට‍්‍රම්ප් ගේ තවත් විධායක විධානයක් වුයේ ඔහු තෝරා ගත් මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට පැමිිණීම තහනම් කිරීමයි. එම මුස්ලිම් රටවල් නම් සිරියාව, ඉරාකය, ඉරානය, ලිබියාව, සුඩානය, සෝමාලියාව සහ යේමනයයි. එසේම ඔහු තවත් මුස්ලිම් රටවල් කිහිපයක් පමණක් තහංචියෙන් නිදහස් කළේය. ඒවා නම් එමිරේට්ස් රාජ්‍යය, තුර්කිය, ඊජිප්තුව, සෞදි ආරාබිය සහ ඩුබායි යන රටවල් ය. හේතුව මෙම රටවල් පහ සම`ග ට‍්‍රම්ප් ‘බිස්නස්‘ කිරීම ය. තුර්කියේ ඉස්තාන්බුල්වල ට‍්‍රම්ප්ගේ කුලූණු ඇත. ඩුබායිවල ට‍්‍රම්ප්ගේ හෝටල් ඇත. ට‍්‍රම්ප් පරිපාලනය මෙය හේතුයුක්ත කළේ තහංචි පාත‍්‍ර රටවල් හතක් ත‍්‍රස්තවාදයට සම්බන්ධය යන කරුණු ඉදිරියට දමමිනි. ට‍්‍රම්ප් නියෝගය පැනවීමෙන් පසු කීවේ ”දැන් සිට මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ට ඇමරිකාව වැහෙනවා. ත‍්‍රස්තවාදීන් අපට ඕනෑ නැහැ”. මෙය විහිළු ප‍්‍රකාශයක් වනුයේ ඇමරිකාව තරම් ත‍්‍රස්තවාදය මුදාාහැරි වෙනත් රටක් දෙවන ලෝක යුද්ධයෙන් පසු නොමැති හෙයිනි. ට‍්‍රම්ප්ගේ මෙම විහිළු තර්කය නිෂ්ප‍්‍රභ වනුයේ ඇමරිකාවේ 2001 වෙළෙඳ සංකීර්ණය විනාශ කරනු ලැබූවේ ඇමරිකානු පුරවැසියන් කිහිප දෙනෙකු මිස ට‍්‍රම්ප් තහනම් කළ රටවල මුස්ලිම් ජාතිකයන් නොවන නිසාය. ට‍්‍රම්ප් ආගමන තහංචිය පැනවූ මුස්ලිම් රටවල් හතෙහි එක පුරවැසියෙකු විසින් හෝ එක් ඇමරිකානුවෙකුවත් 1975 සිට 2015 කාලය තුළ, එනම් වසර 40කට ඝාතනය කොට නැත. එහෙත් ට‍්‍රම්ප්ට සහ ඔහුගේ මුස්ලිම් විරෝධී මානසිකත්වයට අවශ්‍ය වනුයේ වෙළෙඳ සංකිර්ණවලට ප‍්‍රහාරය එල්ල කළේ ඇමරිකානු පුරවැසියන් ද නැද්ද යන්න නොව ඔවුන්ගේ ජාතියයි. ඔවුුන්ගේ ආගමයි. ට‍්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ඔහුගේ මුස්ලිම් විරෝධී ආකල්පය දැඩි ලෙස ඉස්මතු වුවද සහ ඔහු විසින් මුස්ලිම් රටවල් හතක් සඳහා පැන වූ ආගමන තහංචියෙන් ඔහු මුස්ලිම් විරෝධියෙකු හැටියට තව දුරටත් හංවඩු ගැසුණ ද ඔහු ගේ ව්‍යාපාරික අවිඥානය නම් මුස්ලිම් විරෝධී නොවන බව පෙනේ. ඇමරිකාව තහනම් නොකරන ලද මුස්ලිම් රටවල් දෙස බලන කල එය පැහැදිලි වේ. රටවල් පහේ පුරවැසියන් විසින් සඳහන් කළ කාලය තුළ ඇමරිකානුවන් 3,000ක් පමණ ඝාතනය කොට තිබිණ. වෙළෙඳ සංකීර්ණ ඝාතනයට සම්බන්ධ වූයේ ඇමරිකාවට ඒම සඳහා ට‍්‍රම්ප් තහනම් නොකළ මුස්ලිම් රටවල් පහ ය. ට‍්‍රම්ප්ගේ මේ පැහැදිලිව පෙනෙන ‘ උනන්දුතා ගැටීම :ජදබකෙසජඑ දෙ සබඑැරුිඑි* සහ වෙනත් අ¥රදර්ශී අහෝසි කිරීම් සහ ඥාති සංග‍්‍රහයන් සලකා බැලූවොත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් වුව ද ගෙන ආ හැකි බව මෙම ලේඛකයාගේ අදහසයි. ඉහත මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළ ද, ට‍්‍රම්ප්ගේ ව්‍යාපාර තිබෙන රටවලට මේ තහංචි කිසිවක් නැත. හේතුව එම රටවල්වල ට‍්‍රම්ප්ගේ දැවැන්ත බිස්නස් ජාලයන් තිබීමයි. සෞදියේ කොම්පැනි අටක් ට‍්‍රම්ප් ලියාපදිංචි කළේ ජනාධිපති නාමයෝජනා දුන් 2015 අගෝස්තුවල තරම් මෑත ය. කෙසේ නම් ඔවුනට තහංචි පැනවිය හැකි ද? ඔහුගේ ප‍්‍රචාරණ රැුස්වීමක දී ඔහු සෞදිය පිළිබඳව ප‍්‍රශංසාත්මක ඇගයීමක්ද කර තිබිණ.” ඔවුන් (සෞදියන්* මගෙන් නිවෙස් ගන්නවා. ඔවුන් ඩොලර් මිලියන 40ක් 50ක් වියදම් කරනවා. ඔවුන් මෙසේ කරන කොට මම කොහොමද ඔවුන්ට අකැමැති වෙන්නේ? මම ඔවුන්ට හරි කැමැතියි. කවුරුන් සැලසුම් කළා හෝ 9/11 ප‍්‍රහාරයේ පිටුපස හිටියේ සෞදීන් වන තත්ත්වය තුළ ට‍්‍රම්ප් සෞදිය ආගමන වාරණයෙන් හෝ තහංචියෙන් නිදහස් කිරීම මොන තරම් කුහකකමක් ද? ඉරාකයේ සදාම් හුසේන්ව බොරු හේතු මවා ඝාතනය කොට තමන්ට ගැති රූකඩ රජයක් ඇති කොට දැන් ඇමරිකාව ඉරාකයන්ට තහනම් කිරීමට තරම් කුරිරු විය හැකි ද? මින් පැහැදිලි වනුයේ ට‍්‍රම්ප් තීරණ ගනුයේ ව්‍යාපාර අරමුණවලට සාපේක්‍ෂව බව ය. ඔහුට ත‍්‍රස්තවාදී මුස්ලිම්වරුන් වනුයේ ඔහුගේ ව්‍යාපාරයන් නැති රටවල මුස්ලිම් ජාතිකයන් ය. එහෙත්, ට‍්‍රම්ප්ට අනුව ඊජිප්තුව, සෞදි අරාබිය, ඩුබායි, එමිරේට්ස් ආදී රාජ්‍යයන් මුස්ලිම් නොවේ. ඒවායේ මුස්ලිම් ජාතිකයන් නැත. ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් පසුගිය දිනක ට‍්‍රම්ප්ව ‘මෝඩ ජනාධිපති‘ හැදින්වීමට දහසකුත් හේතු අතර මෙය ද ප‍්‍රධාන වෙන්නට ඇත. තුර්කියේ ඉස්තාන්බුල් වල ට‍්‍රම්ප් කුලූණු දෙකක් දැනටමත් තිබෙනවා. තව දෙකක් හදන්න ට‍්‍රම්ප් ගිවිසුම් අත්සන් කොට හමාරයි. ආගමන තහංචියෙන් තුර්කිය නිදහස් කළේ මේ නිසා ය. ඩුබායිවල ගෝල්ෆ්් පිට්ටනි දෙකක් ට‍්‍රම්ප් සතුව ඇත. සංක‍්‍රමණික කම්කරුවන්ට එරෙහි ට‍්‍රම්ප් ට‍්‍රම්ප්ගේ තවත් අඥාන සහ ත‍්‍රස්තවාදී නියෝගයක් වූයේ නිල ආවරණයක් නොමැති සියලූ දෙනා ඇමරිකාවෙන් පිටමං විය යුතු ය යන්නය. මෙම නියෝගයේ පදනමද ඔහුගේ සහ ඔහු වටා සිටින ධනපති ව්‍යාපාරික පංතියේ ජාතිවාදී මනෝභාවයන් සහ ව්‍යාපාරික අරමුණු සහ නිෂ්ඨාවන්ය. එම නිසා ට‍්‍රම්ප්ගේ මෙම තීරණය ද මුස්ලිම් ආගමන වාරණ නියෝගයෙන් වෙනස් වූ එකක් නොවේ. මෙය ඇත්තටම සංක‍්‍රමණික ශ‍්‍රමධාරිතයන්ට එරෙහි යුද ප‍්‍රකාශයකි. ”තොපි පලයව්, මේ තොපේ රට නොවේ. තොපි අපරාධ කාරයන් රංචුවකි.” ට‍්‍රම්ප් බලයට පත් වීම ස`දහා ජාතිවාදී මනසක් නැති එහෙත් බඩක් පමණක් ඇතිව සිටි සාමාන්‍ය ඇමරිකානු ජනතාවට ජාතිවාදී විෂ පොවමින් ජන්ද ලබා ගත්තේ මෙය අවධාරණය කරමිනි. එහෙත්, මෙම සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් විසින් හාම්පුතුන් දෙන ‘යාන්තම් ජීවිතය ගැටගහ ගත හැකි‘ වැටුපක් ලබමින් හරි-හමන් ජීවිත ආරක්ෂණ වැඩපිළිවෙළක් හෝ නොමැතිව කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන් පමණක් ඩොලර් බිලියන 150ක් ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට එකතු කරනවා. ඇමරිකාවේ ප‍්‍රාන්ත 50ක් තියෙනවා. දායකත්වය කෙබදුද? ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට සංක‍්‍රමණිකයන් කරන දායකත්වය ට‍්‍රම්ප්ට නොතේරුණේ ඇයි? නොතේරුණේ නිෂ්පාදන ශ‍්‍රමය සංක‍්‍රමණික ශ‍්‍රමය පිළිබ`ද කරුණක් නොව ආර්ථිකය පිළිබ`ද කරුණක් ය යන්න ඔහු තේරුම් නොගැනීම ද විය හැකි ය. සමහරවිට ඔහු එය හොදට තේරුම් ගෙන නියෝගයට අත්සන් කළා ද විය හැකිිය. ඔහුගේ අනෙක් නියෝග සම`ග බලන කල සත්‍යය දෙවැන්නයි”. මෙගා ව්‍යාපාරික ජනාධිපති ට‍්‍රම්ප් විසින් සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් රටින් පිටමං කිරීමට ගත් තීරණයට ට‍්‍රම්ප්ගේ මට්ටමේ නොවන ඇමරිකානු ධනපති ව්‍යපාරිකයන් අකැමැතිය. හේතුව සංක‍්‍රමික ශ‍්‍රමය සුරාකෑමට ඔවුන්ට බැරි වන හෙයිනි. මෙය ධනපති පංතිය තුළම අර්බුදයක් දැනටමත් නිර්මාණය කර ඇත. ඇමරිකානු ගෘහ, දේශීය ආර්ථිකය දැනටත් රැුකෙනුයේ අඩු වැටුපට ශ‍්‍රමය විකුණන මෙක්සිකානු, ලතින් ඇමරිකානු, යුරෝපීය සහ ආසියානු සංක‍්‍රමණික ශ‍්‍රම බලකාය නිසාය. ‘නීතිගරුක ඇමරිකාව‘ නීති විරෝධීව මිලියන ගණනින් මොවුන්ව රට තුළ තබාගත්තේම මොවුන්ගේ ශ‍්‍රමය කුණුකොල්ලයට සූරාකෑමට මිස මොවුන්ට ඇති ආදරය හෝ මානව දයාව නිසා නොවේ. මෙම ශ‍්‍රමිකයන්ගෙන් හිස් වන ශ‍්‍රම ධාරිතාව ඇමරිකානුවන්ගෙන් පුරවන බවට ට‍්‍රම්ප් පොරොන්දු දෙනුයේ තමාගේ ව්‍යපාර වෙනුවෙන් බදු මුදල් ගෙවීම පැහැර හැරි තම ව්‍යාපාරවල සේවයේ යෙදෙන (සුදු) ඇමරිකානු කම්කරුවන්ගේ ශ‍්‍රමය ‘සොච්චම්‘ වැටුපට සුරාකෑ සහ දැනටත් සූරාකන ජනාධිපති ට‍්‍රම්ප් ය. හදවතකුයි, ඔළුවකුයි දෙකම නැති වෙනත් ඕනෑම එකෙකුට කළ හැකි දේ ට‍්‍රම්ප් කළ යුතු ද? නැත. එහෙත්, එය ට‍්‍රම්ප් කරයි නම්? ඒ ට‍්‍රම්ප් ය. බර්නි සැන්ඩර්ස්ගේ වචනයෙන් ‘මෝඩ ජනාධිපතිය‘ ඔබාමා ද්වේෂය සහ ඔබාමා වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේපය ට‍්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේම ඔබාමාට පෞද්ගලික මට්ටමින් පහර එල්ල කරමිනුයි. ට‍්‍රම්ප් ගේ ජාතිවාදී අවිඥානය ඔහුට සැ`ගවීමට බැරි වීම කැපී පෙනුණේ ඔබාමාට ඇමරිකානු ජන්මයක් නැති බවට බොරුවක් පැතිරවීම තුළිනුයි. ජනාධිපති වීමෙන් පසු ට‍්‍රම්ප් විසින් ඔබාමා වසර අටක් තුළ ටි‍්‍ර‍්‍රිලියන ගණනින් ජනතා බදු මුදල් වියදම් කරමින් ආරම්භ කරන ලද සියලූම ව්‍යාපෘතීන් එක සතියකින්, එක පෑන් පහරකින් අහෝසි කිරීමට තරම් සැහැසි විය; අ¥රදර්ශී විය. පහත දැක්වෙනුයේ ට‍්‍රම්ප් විසින් සාධාරණ හේතුවක් හෝ නොදී කණපිට හැරවීමෙන් සිදු වන ඵලවිපාක ගැන කිසිම තැකීමක් හෝ නොකොට ට‍්‍රම්ප් විසින් මේ වනවිට ගිලටීනයට යැවූ ඔබාමා ප‍්‍රතිපත්ති සහ යෝජනා : 1. ඔබාමා සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රතිපත්ති මාලාව. 2. ගුවන්ටනමෝ සිරක`දවුර වැසීමට ඔබාමා ගත් තීරණය. 3. පරිසර දූෂණය අවම කිරීම පිණිස ජනතාව දැනුම්වත් කිරීමේ ඔබාමාගේ වෙබ් අඩවිය. 4. ඔබාමා ජනතාවට දුන් නිවාස උකස් වාරික සහනය කප්පාදු කිරීම. 5. දැනට ප‍්‍රසිද්ධ කොට නැති ඔබාමා විසින් ගනු ලැබූ තීරණ සියල්ලම වහා අහෝසි කිරීම. ඔබාමාගේ ප‍්‍රතිපත්ති නිවැරැුදි යැයි හෝ ඒවා සමාජවාදී යැයි හෝ අපි නොසලකමු. හේතුව ද්විපාක්ෂික ඇමරිකානු (හෝ වෙනත් ඕනෑම රටක* ධනේශ්වර දේශපාලනයේ දී රිපබ්ලිකන් ඩිමොක‍්‍රටික් ප‍්‍රතිවිරුද්ධයන් නොවන හෙයිනි. එහෙත් එකෙකුගේ ප‍්‍රතිපත්ති පිළිබ`දව ඊළ`ග පදවිප‍්‍රාප්තිකයා ඉවසීමෙන් හදාරා තීරණ ගත යුත්තේ තීරණ සහ නියෝග මිනිසුන් වෙනුවෙන් ගනු ලබන තීන්දු වන නිසාය. වසර හතරක් ඉදිරියට තිබිය දී නින්දෙන් අවදි වූවාක් මෙන් වහා කඩාවැද එක පෑන් පහරින් කටු ගා දැමීම මුග්ධ දේශපාලනයකි. (බර්නි සැන්ඩර්ස් ‘ට‍්‍රම්ප් මෝඩ ජනාධිපතියෙක්‘‘ යැයි කීම නිවැරැුදි වනුයේ මෙහෙයිනි* ට‍්‍රම්ප්ගේ මේ හැසිරීමෙන් කැපී පෙනෙනුයේ ට‍්‍රම්ප්ගේ දඩබ්බරකම, අ¥රදර්ශීකම සහ නොඉවසීම පමණක් නොවේ, ඉන් එකවරම පෙනෙනුයේ ඇමරිකානු ධනපති පංතිය මොන තරම් ප‍්‍රතිපත්ති අර්බුදයක ගිලී ඇද්ද යන්නයි. ට‍්‍රම්ප්ගේ සහ ඇමරිකානු ධනේශ්වරයේ ‘තාප්ප පිළියම’ ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කිරීමට තාප්පයක් ඉදි කිරීම ට‍්‍රම්ප් ගේ ජන්ද පොරොන්දුවකි. ධනපති ඩිමොක‍්‍රටික් පක්ෂයට ද මෙම අවශ්‍යතාවය තිබිණ. 2006දී ‘ආරක්ෂක වේල්ල පනතට‘ (ීැජමරසඑහ ත්‍ැබජැ ්ජඑ* පක්ෂ දෙකේම සහාය ලැබී තිබිණ. ට‍්‍රම්ප් මේ කරන්නේ තාප්පය බැ`දීම කඩිනම් කිරීමයි. මිනිසුන් මිනිසුන්ගෙන් වෙන් කළවුන්ම මිනිසුන්ව නැවත එක් කරනවා වෙනුවට තව තවත් තාප්ප, වැටවල් සහ මුරකපොලූ ඉදි කරමින් මිනිසුන් මිනිසුන්ගෙන් වෙන්කිරීමයි. මෙවන් තාප්ප 64ක් ලෝ වටා ඇත. මෙක්සිකෝ තාප්පය පළමු එක සහ අවසාන එක ද නොවේ. බටහිර, නැෙඟනහිර ජර්මනිය වෙන් කළ බර්ලින් (පසුව බි`ද දැමූ*, ඉන්දියානු-පකිස්ථානු, ගාසා-ඊශ‍්‍රායල, උතුරු-දකුණු කොරියා ආදී තාප්ප උදාහරණයන් ය. ට‍්‍රම්ප් මෙක්සිකෝ තාප්පයේ අවශ්‍යතාවය තහවුරු කළේ මෙක්සිකන්වරුන් අපරාධකාරයන්, කුඩු ජාවාරම්කාරයන්, වෛශ්‍යාවන් වශයෙන් නම් කරමිනි. ඇමරිකානුවන් සාන්තුවරයන් කරමිනි. මේ තාප්පය ඇමරිකානු ධනපති පාලකයන්ගේ ‘මොට්ට’ මෙන්ම දඩබ්බරකම පෙන්වන හො`ද උදාහරණයකි. තාප්පයේ දිග කිිලෝ මීටර් 2,200 කි. උසින් අඩි 12කි. මේ දිගින් ශී‍්‍ර ලංකාවේ මුහුදු තීරය වට කොට තාප්ප දෙකක් හ.