පි‍්‍රයදර්ශන දයාරත්න මේක අති විශේෂ ගැසට් එකක්. අති විශේෂ ගැසට් එකක් කියන්නේ අති විශේෂ අරක්කු වගේ දෙයක් නොවෙයි. ‘ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති’ විසින් නිකුත් කරන නිල ප‍්‍රසිද්ධ ලේඛනයක්. අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගියා ම ඕිනෑ රජෙක් බලූ වෙනවා. අති විශේෂ ගැසට් එකක නියමිත මාත‍්‍රාවට නොතිබුණාමත් එහෙම වෙනවා කියලා කියන්න තරම් ප‍්‍රමාණවත් තහවුරුවක් නෑ. හැබැයි ඉතින්, අති විශේෂ ගැසට්වල මාත‍්‍රාව මොකක් වුණත්, කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. කොළේ වහලා ගහන එක, කල්මරන එක, තනතුරු තානාත්තරවලට පත් කරන එක, නම්බුනාම දෙන එක වුණත් අති විශේෂ ගැසට් පත‍්‍රය යොදා ගන්න බැරිකමක් නෑ. කොහොම වුණත්, මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 27 වැනිදා අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා. අංක 2003/41 කියන නිල අංකයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ගරු කංකානිතන්ති‍්‍ර චිත‍්‍රසිරි මැතිතුමා, එම අධිකරණයේම විනිශ්චයකාර ගරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන මැතිතුමා සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති, කන්දසාමි වේළුපිල්ලේ මැතිතුමා යන ති‍්‍රපුද්ගලයන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවකට පත් කර තිබුණා. මුළු රටේම විශාල ආන්දෝලනයකට ලක්ව තිබෙන හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයේ සිදු වූ බැඳුම්කර මහා මංකොල්ලය ගැන සොයා බලන්නයි. මේ කොමිසම ගැන පසුගිය සතියේ ‘ලංකා’ ප‍්‍රධාන සිරස්තලයෙන් හෙළි කර තිබුණා. ‘ජනාධිපති කොමිසම පුස්සක්’ යන්න හරයයි. මෙම ජනාධිපති කොමිෂන් සභාව ගැන නීතිවේදීන්ගේ අවධානය යොමු වී තිබුණා. කොමිසමේ බලතල සහ ඒ අනුව කොමිසම ලබා දෙන නිර්දේශ ගැන සැක මතු කර තිබුණා. පසුගිය ‘ලංකා’ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් මේ ප‍්‍රශ්නය මතු කර තිබෙනවා. වැඩි දුර තොරතුරු හෙළිදරවු කිරීම මෙම ලිපියෙන් සිදු කෙරේ. ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ මූලික අරමුණු තුනක් ඉටු කර ගැනීමට බව සඳහන්. 1. එකී අක‍්‍රමිකතා සත්‍යය බවට හෙළි වුවහොත්, මෙහි උප ලේඛනයේ සඳහන් කෙරුණු කාරණයට අදාළව සිදු කෙරෙන අක‍්‍රමිකතාවන්ට එලෙසින් සම්බන්ධ වී ඇතැයි කියනු ලබන තැනැත්තන් හඳුනා ගැනීම අවශ්‍ය වී ඇති හෙයින්. 2. අක‍්‍රමිකතා පිළිබඳව වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍ය වී ඇති හෙයින් හා 3. ඉදිරි කාලයේ දී එබඳු කි‍්‍රයාවන් යළි සිදු නොවන බවට සහතික කර ගනු පිණිස කවර කි‍්‍රයාමාර්ග ගත යුත්තේද යන්න නිශ්චය කර ගැනීම යන අරමුණුය. පළමුව අක‍්‍රමිකතාවන් හඳුනාගැනීම, දෙවනුව අක‍්‍රමිකතාවන්ට වගකිව යුත්තන් හඳුනා ගැනීම සහ තෙවනුව ඉදිරියේදී එවැනි දේ වළක්වා ගැනීම යනුවෙන් ඉතා පැහැදිලිය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තා කීපයක් මෙයට පෙර නිකුත් කර තිබේ. ඒ හැම වාර්තාවකදීම ‘අක‍්‍රමිකතාවක්’ (තාක්ෂණික පදය අනුවය. නැත් නම් මහ දවල් මංකොල්ලයක්* සිදු කර තිබෙන බව හෙළි කර ඇත. එයින් නොනැවැතී ඊට වගකිව යුත්තන් හඳුනා ගැනීම කෝප් කමිටු වාර්තාවෙන් සිදු කර තිබේ. බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව වගකිව යුතු බව කෝප් වාර්තාවේ සඳහන් කර තිබේ. එවැනි අක‍්‍රමිකතා වැළැක්වීමට ඉදිරියේ දී පියවර ගත යුතු බවද කෝප් වාර්තාවේ ම සඳහන්ය. එසේ නම්. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් යළි පත් කර තිබෙන්නේ අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගැනීමෙන් සිදු වන තත්ත්වයට පත්වීම සඳහා නොවිය යුතුය. ති‍්‍රපුද්ගල කොමිෂන් සභාවක් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කළ යුතු කරුණු දහයක් දක්වා තිබේ. දහයම අවශ්‍ය නොවුණත්, අවශ්‍ය කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. 1. ටෙන්ඩර් කැඳවීමේ හෝ ගිවිසුම් හෝ කොන්ත‍්‍රාත්වලට එළැඹීමේදී අදාළ වන නිසි කාර්ය පටිපාටිය නොසලකා හැරීමක් සිදු වී තිබේද යන්න (මෙහි පරිවර්තන හෝ මුද්‍රණ දෝෂයක් පවතින බව පැහැදිලිය. ‘අනුකූලව’ ‘අනනුකූලව’ යනුවෙන් විය යුතු බව පැහැදිලි වේ. 2. එහි කාර්ය පටිපාටියට අනුකූලව එලෙසින් කි‍්‍රයා නොකිරීම නොසලකා හැරීම හේතුවෙන් බැඳුම්කර අලෙවිය සම්බන්ධයෙන් අනිසි හෝ අක‍්‍රමික ලෙස හෝ වෙනස් ලෙස සැලැකීම මඟින් බැඳුම්කර අලෙවිය සඳහා කිසියම් ටෙන්ඩර් ප‍්‍රදානය කිරීමක් සිදු වී තිබේද යන්න. 3. රජයට ප‍්‍රශස්ත හෝ ප‍්‍රතිලාභයක් ලැබීම සහතික කර ගනු පිණිස නිසි කාර්ය පටිපාටීන් හා ආරක්ෂිත පියවර ගනු ලැබ තිබේද යන්න. 4. හානියක් හෝ හානිකර ප‍්‍රතිඵලයක් සිදු කිරීමට තුඩු දුන් හෝ අත්හැරීමක් හෝ කි‍්‍රයාකලාපයක් සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනා ගැනීම. 5. ශී‍්‍ර ලංකා රජයට හානියක් හෝ හානිකර ප‍්‍රතිඵලයක් අත් වන ලෙස අවහිර කිරීම් සිදු කර තිබේ නම්, එම තැනැත්තන් හඳුනා ගැනීම යන කරුණු ඇතුළත්ය. මෙම වගන්ති හොරුන් අල්ලා ගැනීම කෙරෙහි බලපාන වගන්තිය. මේ අතුරින් වඩාත්ම වැදගත් වන්නේ අවසන් වගන්තිය බව පෙනේ. එහි වැදගත්ම කොටස මෙසේයි, ”අවභාවිතය හෝ බලය අනිසි ලෙස යෙදවීම, බලපෑම, මැදිහත් වීම, වංචාව, අවපරිචය, ඥාති සංග‍්‍රහය හෝ ¥ෂිත කි‍්‍රයාවක් හා සම්බන්ධ වූ ඕනෑම කි‍්‍රයාවක් හෝ පැහැර හැරීමක් සිදු වී තිබේද? යන්න සොයා බැලීමය. මෙම කටයුතු දෙස බැලීමේදී පැහැදිලි වන්නේ බැඳුම්කර වංචාව සිදු කළ විගස අගමැති පත් කළ ති‍්‍රපුද්ගල නීතිඥ කමිටුවයි. වෙනසකට ඇත්තේ, එදා නීතිඥයන් කීප දෙනෙකු වෙනුවට අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් දෙදෙනකු සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයකු පත් කිරීමය. අගමැති පත් කළ ති‍්‍රපුද්ගල නීතිඥ කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අතර බෑනාගේ සමාගම වෙනුවෙන් ලංසු තැබූ ලංකා බැංකුවේ කි‍්‍රයාමාර්ගය ගැන සොයා බැලීමට නිර්දේශ තිබිණි. බැලූබැල්මට කොතරම් විනිවිද පෙනෙන නිර්දේශ දැයි කෙනෙකුට හැෙඟන්නේය. එහෙත්, ලංකා බැංකුව ගැන සොයා බැලීමට නිර්දේශ කර අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කර තිබූ අපූරුව කොතරම් ආශ්චර්යයක්වීද? රනිල් වික‍්‍රමසිංහලා වෙනුවෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලින්ම ඉදිරිපත් කර තිබූ පෙත්සමද මෙහිදී සිහිපත් වේ. එයින් ලබා දුන් තීන්දුව වූයේ බැඳුම්කර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය උල්ලංඝනය කිරීමක් අදාළ බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වී නොමැති බවයි. මෙම ති‍්‍රපුද්ගල ජනාධිපති කොමිසම මඟින් බැඳුම්කර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳව අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගිය පුද්ගලයකුගේ බේබදු ගතිය මතු නොකරාවි යැයි ඉහත වගන්තිවලින් නොපෙනේ. මෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ බැඳුම්කර නිකුත් නොකිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව පත් කර තිබෙන බවයි. කමිටු වාර්තාව මාස තුනක් තුළ ඉදිරිපත් කරන ලෙසද දක්වා ඇත. මාස තුනක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් දැන්වීම සාමාන්‍ය දෙයකි. කොමිෂන් සභාවේ කටයුතු කරගෙන යාමේදී කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහාද ඉඩකඩ ඇත. මේ වන විටද, බැඳුම්කර කොල්ලය සිදු කර අවුරුදු දෙකක් සම්පූර්ණ වී තිබේ. මුල්ම කොල්ලය සිදු කරන ලද්දේ 2015 පෙබරවාරි 27 වැනිදායි. ඉන් පසු එයට නොදෙවැනි තවත් මහා කොල්ලයක් සිදු කරනු ලැබීය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පත් කර තිබෙන කොමිෂන් සභා වාර්තාව ලබා දීම තව දුරටත් කල්මැරීමට යොදා ගැනීමේ හැකියාවක් ඉහළින්ම තිබේ. එය කොමිෂන් සභාවේ අභිමතය නොවිය හැකිය. නමුත්, දේශපාලන ලෝකයේ එවැනි දේ සිදු වීම අති විශේෂ නොවේ. අනෙක් පැත්තෙන් ජනාධිපති කොමිෂන් සභාව පත් කරන ලද්දේ අපරාධ නීතිය යටතේ වැරදිකරුවන්ට නඩු පැවරීමේ අරමුණින් බව කියැවේ. නමුත්, කොමිෂන් සභාවේ තිබෙන බලතල අනුව එයින් ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගෙන සිවිල් නීතිය යටතේ නඩු පැවරීම සිදු වන්නේ යැයිද නීතිවේදීන් ප‍්‍රකාශ කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වේ. මේ ආදී කරුණු හමුවේ මතුව තිබෙන ප‍්‍රශ්නය වන්නේ අති විශේෂ අරක්කු මාත‍්‍රාව ඉක්මවා ගිය විට ඇති වන තත්ත්වයට ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පත්වේද යන්නයි. මේ වන විට මහත් ආන්දෝලනයක්ව තිබෙන බැඳුම්කර කෝප් වාර්තාව අනුව ඉතා පැහැදිලිව කරුණු හෙළි කර තිබේ. මහා කොල්ලයක් සිදු කර තිබීම කොල්ල කන ලද මුදල් තිබීම සහ කොල්ලකරුවන් හඳුනාගෙන තිබීම ආදී වශයෙනි. එය පදනම් කරගෙන අපරාධකරුවන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කළ හැකිය. නීතිය කි‍්‍රයාත්මක කිරීම කෙසේ වෙතත්. බැඳුම්කර කොල්ලය ගැන නිල වශයෙන් කරුණු තහවුරු කරන විගණකාධිපතිවරයාට විරුද්ධව කි‍්‍රයා කිරීමට නම්, හවුල් ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට ලොකු වුවමනාවක් ඇත. අනෙක් පැත්තෙන් මේ වන විට තවත් විශේෂ සංවාදයක් වර්ධනය කෙරෙමින් තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ ධනය පෞද්ගලික කටයුතු වෙනුවෙන් අයථා ලෙස යොදාගෙන තිබෙන බව හෙළි වීම පදනම් කරගෙනය. මෙයින් වංචා කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 662කි. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විගණන වාර්තාවක් 2016 අගෝස්තු පළමුවැනි දින වර්තමාන මහ බැංකු අධිපතිට ලබා දී ඇත. නමුත්, එම වාර්තාව සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ගයන් මේ දක්වා නොගෙන තිබිණි. මාස හයකට පසුව එම වාර්තාව ජනතා විමුක්ති පෙරමුණේ ‘¥ෂණ විරෝධී හඬ’ සංවිධානයට ලැබී තිබේ. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ එම විගණන වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව රටට හෙළි කළේය. එයට පිළිතුරු දීමට අර්ජුන් මහේන්ද්‍රන් කට ඇර තිිබිණි. අර්ජුන් මහේන්ද්‍රන් කියා තිබුණේ මහින්ද රාජපක්ෂගේ යුගයේ හිටපු ¥ෂිත නිලධාරීන් තමන්ට විරුද්ධව මඩ ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බවයි. එයින් නොනැවතී දැන් අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් තමන් නිවේදන නිකුත් කිරීමට පටන්ගෙන තිබේ. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු බව කියන පුද්ගලයකු මාධ්‍ය නිවේදන නිකුත් කිරීමයි. එයින් දක්වා තිබෙන්නේ මහ බැංකු විගණන අංශයේ එක් නිලධාරිනියක විසින් හිතුමතයේ අදාළ විගණන වාර්තාව සකස් කර ඇති බවයි. වර්තමාන අධිපතිවරයා එය පිළිනොගෙන පැත්තකට දමා තිබූ බවද දක්වා තිබේ. එම විගණන වාර්තාව බොරු එකක් නම්, එවැනි නොමඟ යැවීමේ වාර්තා සකස් කිරීමට විරුද්ධව වර්තමාන අධිපතිට කි‍්‍රයාමාර්ග ගැනීමේ හැකියාව තිබේ. තවමත් එවැනි දෙයක් කර නොමැත. එසේ කිරීමට 2016 අගෝස්තු මස සිට මේ දක්වා ඕනෑ තරම් කාලයක් තිබිණි. එහෙත්, එවැනි කිසිම දෙයක් නොවී දැන් හිටපු නියෝජ්‍ය අධිපති යැයි කියා ගන්නා පැන්ෂන්කාරයන්ද දී කිරට සාක්කි කියන බළලූන් වී ඇති බව පෙනේ. අති විශේෂ අරක්කුවලින් ජනාධිපතිගේ අති විශේෂ ගැසට් පත‍්‍රය වෙනස් වන්නේ කෙසේ දැයි තීරණය වන්නේ මෙම පසුබිම තුළය. .