රටේ ප‍්‍රශ්න කොතෙකුත් තිබුණද, පසුගිය සතිය පුරාමත්, මේ සතියේත් ඉස්මතුව තිබූයේ මාලෙ ඕ හොර වෛද්‍ය උපාධි කඩය පිළිබඳ සංවාදය වන්නේය. මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය ජාතක කළ එයට උප්පැන්න දීමට හවුල් ආණ්ඩුවෙන් පියවරු බොහෝ සිටින්නෝය. ප‍්‍රශ්නය විසැඳීමට බාර ගත් බව මෛත‍්‍රී ප‍්‍රකාශ කර තිබුණද, ඒ අතර අමුතු ම කතාවක්ද කියා තිබුණේය. විදේශ අධ්‍යාපනය ලැබීමට වසරකට අසුදහසක් පමණ පිරිසක් යන බවය. ඔවුන් නිසා විදේශ විනිමය කන්දරාවක් නිරපරාදේ පිටරටවලට ඇදී යන බවය. මෙසේ එළිපිට නොකියන බොහෝ දෙනෙකුන් මෙම පියවරුන් අතර සිටින්නේය. මෛතී‍්‍රගේ ගට සයිටම් නිසා යට ගිය ප‍්‍රධාන කරුණක් වී තිබෙන්නේ මෛතී‍්‍ර පාලනයේ ඇත්ත කෙරුවාවය. එක පැත්තකින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල්වලට වැසිකිළිවත් සාදා නොදෙන තැනට පත්ව ඇත්තේය. මීට සති තුනකට පෙර මෛතී‍්‍ර, තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයට යන අතර හදිසියේ හෙළිකොප්ටරය ගොඩබැස් වූ පාසලට වැසිකිළි නැති බව කියා තිබුණේය. මෛතී‍්‍ර මඩකලපුවට යන විට එහි දරුවන්ට තිබී ඇත්තේද වැසිකිළි නොමැතිකමේ ප‍්‍රශ්නය වන්නේය. මේ මාධ්‍ය වාර්තා අනුව පාසල්වල වැසිකිළි ප‍්‍රශ්න විසැඳීමට වැඩි දෙයක් මෛතී‍්‍රට කළ නොහැකි වන්නේය. නමුත්, අනෙක් පැත්තෙන් මෛතී‍්‍රට අලූත් ගටක් ඇවිත් තිබෙන්නේය. කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකු මහාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීමය. තමන් කවුරුන්දැයි හරියටම හෙළි කර තිබෙන මෙම කරුණ සයිටම් හොර උපාධි කඩය නිසා යට ගොස් තිබුණේය. ඩොක්ටර් රනිල් රනිල්ගේ වැඩ කීපයකට මෛතී‍්‍රගේ එක වැඩක් ඕනෑවටත් වැඩිය ඉහළින් බව මහාධිකරණ විනිසුරු පත් කිරීමෙන් පැහැදිලි වන්නේය. ඒ කොහොම වුණත්, 1978 ඉඳලා රනිල් කරමින් ඉන්න දේවල් ගැන අගය කරමින් සිටින පිරිස් දේශදේශාන්තරවල පවා සිටින බව මේ සතියේ පැහැදිලි වී තිබුණේය. ”පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු, ඇමතිවරයකු හා අගමැතිවරයකු වශයෙන් දීර්ඝකාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් කේෂ්ත‍්‍රයේ ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් කළ මෙහෙවර ඕස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයකින් ඉහළින්ම අගය කර තිබුණේය. එය කොතරම්ද කියන්නේ නම්, එකී මෙහෙවර සඳහා ආචාර්ය උපාධියක් ලබාදී තිබුණේය. ඕස්ටේ‍්‍රලියාවේ ඞීකින් විශ්වවිද්‍යාලයෙන් එය පිරිනමා තිබුණේය. සිහිනයකින් හෝ නොසිතූ ඩොක්ටරේට් එකක් ලැබීම බර වැඩි වීමෙන්දෝ ආචාර්ය උපාධිය සහ හිස් පළඳනාවෙන් සැරසී සිටි රනිල්ගේ ඡුායාරූපයේ තිබුණේ කිසියම් විහිළුකාරී ගතියක්ය. මිලියන 50 ඇමති ‘දවස පටන් ගන්න අහවල් ජාතියේ තේ කෝප්පයක් පානය කරන්න’ යනුවෙන් වූ ප‍්‍රචාරක දැන්වීම් හුරුපුරුදුය. රූපවාහිනී චැනල්වලින්, පත්තර දැන්වීම්වලින් නිතර දෙවේලේ ඇෙඟ් හැපෙන්නේය. ඒ දේවල් එසේ වන අතර හොඳම හරිය තිබෙන්නේ නොපෙනෙන මානයේය. රුපියල් මිලියන පනහකින් දවස පටන් ගන්න ඇමතිවරුන් ගැන ජනතාව නොදන්නා බව සහතිකය. රුපියල් මිලියන පනහක් ‘හාහාපුරා’ කියා ලංසු තැබීමෙන් දවස පටන් ගන්නා ඇමතිවරුන් ගැන හවුල් පාලනයෙන් වාර්තා වෙමින් තිබෙන්නේය. ලැජ්ජා නැතිකම ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකු බව පැරැුන්නන් විසින් කියා තිබෙන්නේය. හවුල් ආණ්ඩුවේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ලැජ්ජා නැතිකම ප‍්‍රදර්ශනය කරමින් සිටින්නේය. බණ්ඩාරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ ලැජ්ජා නැති වැඩක්ය. කලින් විවෘත කර තිබූ ගොඩනැඟිල්ලක සමරු ඵලකය ඉවත් කර අලූතින් සමරු ඵලක තියන්නේය. අනෙක් පැත්තෙන් පුත්තලම් කට්ටියත්, මීගොමු කට්ටියත් ලැජ්ජා නැතිකම ප‍්‍රදර්ශනය කරන්නේය. අරුන්දිකත්, රෝස් ප‍්‍රනාන්දුත් නිරුවත් රංගනයෙන් රඟ දෙන්නේ ඩිජිටල් බෝඞ් කෑල්ලකටය. හවුල් පාලනයේ ලැජ්ජා නැතිකම දෙගොඩ තලා යන්නේ මෙසේය. රසමසවුළු දෝරේ ගලා නිදහස් දිනය යැයි කියන දිනය සැමරීමෙන් ටිකක් කල් ගෙවී තිබුණත්, ඒ ගැන කතාවක් හෙළි වන්නේ දැන්ය. මෙදින රාති‍්‍රයේ රාජ්‍ය නායකයා විසින් භෝජන සංග‍්‍රහයක් ඇමති මණ්ඩලය වෙනුවෙන් ලබාදීමේ සිරිතක් තිබෙන්නේය. ඇමතිවරුන් පමණක් නොවේය. කලින් නම් නියෝජ්‍ය ඇමතිවරුන් ඊට සහභාගී කර ගත්තේය. දැන් රාජ්‍ය ඇමති දරන්නන් දුසිමකට වැඩියෙන් සිටින්නේය. මේ විශේෂිත රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට ඔය කොයි කවුරුත් එක්කරගෙන පවත්වන්නේය. පසුගිය 07 වැනිදා රාති‍්‍රයේද එය පවත්වා ඇත්තේය. මුලින් ඊට සහභාගී වන බව සනාථ කර තිබූ බොහෝ කට්ටිය පොලූ තියා තිබුණේය. මෛතී‍්‍රට මේකෙන් මල පැන තිබුණේ තමන් ගැන තුට්ටුවක සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන්ය. මහින්දගේ කාලයේ හිටිය හැටහුටහමාරම දෙකට නැමීගෙන ගිය හැටි මෛතී‍්‍ර හොඳින්ම දන්නේය. කොහොම වුණත්, මෛතී‍්‍රගේ උදහස පිට කර ඇත්තේ, මහජන මුදල් අපතේ යවන බව කියමින්ය. සුමන්තිරන් නාටකය ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර, සුමන්තිරන් ඝාතනයක් පිළිබඳ නාටකය කුමක්දැයි දැන් හොඳින් හෙළි වී තිබෙන්නේය. එය ‘ලංකා’ මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට කුමන්ත‍්‍රණය කිරීම වැනි කතාවක් බව හෙළි වන්නේය. ඌවතැන්නේ සුමන භික්ෂුවගේ පන්සලේ බෝම්බ ගොඩ ගසා එස්.ටී.එෆ්. භටයන් යොදවා මෙහෙයුමක් දියත් කිරීම වැනි දෙයක් බව එළි වන්නේය. දුර්වලම තිර පිටපත මේ කතාව එළියට දැමූ සැණින් දෙවරක් නොසිතාම භාර ගත යුතු වූයේ මහින්දය. මේ නාටකයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කොතරම් දුර්වල එකක්ද යන්න පැහැදිලි වූයේ මහින්ද නිසාය. මහින්දගේ කල්ලියේ බිම් මට්ටමේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවත් භාරගෙන නොතිබුණේය. සුමන්දිරන් ඝාතන ප‍්‍රයත්නය අල්ලාගෙන තිබුණේ නූලෙන් බවට මාධ්‍ය වාර්තා පළ වූයේය. එක පත්තරයක් පමණක් මෙය ඇදගෙන ගිය අතර, අනෙක් තරගකාරී පත්තරවත් මෙය ලොකුවට භාරගෙන නොතිබුණේය. කොහොම වුවද, මේ වන විට ප‍්‍රතිඵල දෙකක් එය නිසා සිදුව තිබෙන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චෝදනා මත සති දෙකක් බන්ධනාගාරගත කිරීම සහ සුමන්දිරන්ගේ ආරක්ෂාව තර කර තිබීමය. මේ වන විට හෙළිව තිබෙනදේය. හෙළි නොවී තිබෙන්නේ මේ පිටපත සහ අධ්‍යක්ෂණය රනිල්, මහින්ද දෙදෙනාම එක් වීමෙන් කළ එකක්ද යන්න පමණය. ගෝඨාගේ ගිිවිසුම අලූත් කරයි? වර්ෂ 2007දී මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම 2017 වසරේදී අහෝසි වීමට නියමිතය. ඒ වසර 10ක් සම්පූර්ණ වීමෙන් අනතුරුවය. මෙම ගිවිසුම මඟින් ඉන්දියානු සාගර ප‍්‍රදේශයට පැමිණෙන ඇමරිකානු නෞකා සහ යුද භටයන් සඳහා ආහාර, නවාතැන් ඇතුළු යුද පහසුකම් ලබා දීමට ශ‍්‍රී ලංකා රජය එකඟ වී තිබිණි. කෙසේ වෙතත්, මෙම ගිවිසුම නැවත අලූත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු සකස් කරමින් ඇති බව ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට වාර්තා විය. මේ සම්බන්ධයෙන් ජවිපෙ පක්ෂ නායකයන් අතර කතාබහක් ඇති විය. ”මේ ආරක්ෂක ගිිවිසුම කාටත් හොරෙන් තමයි අත්සන් කළේ. ගිවිසුම ලැබුණාට පස්සේ අපිත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඒත් ගිවිසුම ගැන රාජපක්ෂ ආණ්ඩුව ගත්ත පියවර ඒ විදියටම කරගෙන ගියා. බටහිර ගැති ආණ්ඩුවක් කියලා ඒ ආණ්ඩුවට කියපු මේ ආණ්ඩුවේ අය දැන් ගිවිසුම අලූත් කරන්න යනවා” විජිත හේරත් කීවේය. සයිටම් දීකිර මේ අතර ජවිපෙ නායකයන් සයිටම් ගැටලූව පිළිබඳවද අවධානය යොමු කළේ පසුගියදා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවකදීය. ”ආණ්ඩුව දැන් බොරු කමිටු දාලා සයිටම් ප‍්‍රශ්නය වෙන පැත්තකට ගෙනියන්න හදනවා. අනෙක් එක තමයි ආණ්ඩුව එක එක දේවල් කරලා මේ ප‍්‍රශ්නයට කාලේ ගන්න හදනවා. ජනාධිපතිට සෘජුව උත්තරයක් දෙන්න බැරිව ඉන්නවා” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ”ආණ්ඩුව උද්දාමයෙන් තමයි නඩු තීන්දුව ගැන කතා කරන්නේ. අනෙක් හැම දෙයක්ම නීති කඩාගෙන කරන ඇමතිවරුන් සයිටම් තීන්දුවට දණගහලා, හිසනමලා ආචාර කරනවා. ආණ්ඩුව කොහොමත් මේ ප‍්‍රශ්නෙදි සයිටම් පැත්ත ගත්තා. පෞද්ගලික අධ්‍යාපනය ගැන කතා කරන්නේ තමන්ගේ බැරිබැරියාව නිසයි” විජිත හේරත් කියා සිටියේය. ”ආණ්ඩුවක් වුණාම දරුවන්ට අධ්‍යාපන පහසුකම් හදන්න ඕනෑ. ජනතාවට සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනෑ. ඒක කරන්න බැරි නම් ජනතාවකට ආණ්ඩුවක් මොකටද? තමන් වියදම් කරලා ඉගෙනගෙන, තමන් අමාරුවෙන් ජොබ් එකක් හොයාගෙන, ලැබෙන පඩියෙන් කොහොම හරි ජීවිතේ ගැටගහ ගනිල්ලා කියලා තමයි මේ ආණ්ඩුව ජනතාවට කියන්නෙ.” ලාල් කාන්ත කියා සිටියේය. දේශපාලන සංස්කෘතියේ වෙනසක් ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ සංවිධාන විවිධ වැඩසටහන් සංවිධානය කරමින් තිබේ. මේ අතර ජාතික මාධ්‍ය සංසදය විසින්ද පසුගිය 15 වෙනිදා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී සංවාද සභාවක් සංවිධානය කොට තිබිණි. මේ අවස්ථාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්ටද ආරාධනා කොට තිබිණි. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිද එම සංවාද සභාවට සහභාගි වූයේ සංවිධායක මණ්ඩලයේ ආරාධනාවකට අනුවය. ප‍්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන සහ ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම විසින් සිදු කළ දේශනවලින් අනතුරුව සංවාද සභාව ආරම්භ විය. ”මෙතනට කෝප් කමිටුවේ සභාපතිතුමත් ඇවිත් ඉන්නවා. අපිට සතුටුයි. එතුමටත් තොරතුරු ලබා ගන්න ගිහින් සිදුවුණු දේවල් දන්නවා. අපි ලබා ගන්න තොරතුරු භාවිත කිරීමේදී අපේ ආරක්ෂාව ගැන අපිට බයක් තියෙනවා. අපි ලබා ගන්න තොරතුරු භාවිත කරන්නේ කොහොමද?” සභාවේ පුද්ගලයෙක් ප‍්‍රශ්නයක් නඟමින් කියා සිටියේය. ”තොරතුරු ලබා ගැනීමේ අයිතිය තිබුණට එය ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු වෙලා නැහැ. ඒ ගැනත් ප‍්‍රශ්නයක් තිබෙනවා. ආරක්ෂාව ගැනත් අපිට හිතන්න වෙනවා තමයි. කෝප් කමිටුවේ සභාපතිතුමාටත් මේ ගැන කියන්න දෙයක් ඇති” මන්දනා ඉස්මයිල් කියා සිටියේය. ”කෝප් කමිටුව ගැන කියපු නිසා මමත් කතා කරන්න කැමතියි. මාධ්‍යවේදියෝ හැමදාම අපෙන් ප‍්‍රශ්න අහනවා. අද මම මෙතැනට ආවේ මාධ්‍යවේදීන්ගෙන් අපිට තියෙන ප‍්‍රශ්නවලට උත්තරයක් ගන්න. ඇත්තටම තොරතුරු පනත තිබුණාට අපේ රටේ දේශපාලන සංස්කෘතිය මත තොරතුරු ලැබීම තීරණය වෙනවා. ඇත්තටම තොරතුරු පනතට දේශපාලන සංස්කෘතිය ඉක්මවන්න පුළුවන්ද කියන පැනය අපි හමුවේ තියෙනවා.” කෝප් කමිටුවේ සභාපතිවරයා කියා සිටියේය. ඇමතිතුමෝ කැතයි නේද? සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගිය 15 වෙනිදා කෘෂිකර්ම නව අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කළේය. ඒ මාස ගණනක් තිස්සේ ජනතා මුදල් වියදම් කරමින් භාවිතයට නොගන්නා ගොඩනැඟිල්ලක් වෙනුවෙන් කෝටි අසූවකට වඩා වැඩි මුදලක් නිකරුණේ වියදම් කිරීමට එරෙහිවය. ගොවි නායකයන්ගේ සංකේත උද්ඝෝෂණයක් ලෙස පැවැති එම උද්ඝෝෂණයෙන් අනතුරුව අදාළ ගොඩනැඟිල්ලේ විරෝධතා සටන් පාඨ ඇලවීමට ද උද්ඝෝෂකයෝ කටයුතු කළෝය. ”මාස් කන්නයේ වගා අහිමි වූ ගොවීන්ට රු.50,000.00ක වන්දියක් ලබාදෙනු!” ”මෙන්න ඇත්ත, වගා අහිමි වූ ගොවි පවුලකට යෝජිත මාස 06ක වන්දි මුදල රුපියල් 10,000.00යි. කෘෂිකර්ම ඇමතිගේ යෝජිත කාර්යාලයට 2016 අපේ‍්‍රල් සිට 2017 පෙබරවාරි දක්වා ගෙවූ මුදල රුපියල් 896,919,600.00යි. මාසික කුලිය රු.23,776,200.00යි. ඇමතිතුමෝ කැතයි නේද?” යනුවෙන් සටන් පුවරු ප‍්‍රදර්ශනය කෙරිණි. ”අපි ආණ්ඩුවට කියනවා ගොවි ජනතාව දහස් ගණන් පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට ගෙන්වා ගන්න එපා කියලා. කෝටි ගණන් දීලා හිස් ගොඩනැඟිල්ලක් පවත්වාගෙන යන්නේ මොකටද? නාමල් කරුණාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. .