දේශයේ නිදහසත්, ජනතාවගේ විමුක්තියත් උදෙසා ජීවිත කැප කළ සුවහසක් විරුවන්ගේ ලෙයින් මේ මාතෘභූමිය පෝෂණය වී ඇත. ලාංකීය ධනපති පංතියට එරෙහිව අරගල බිමට පැමිණි ශ්‍රේෂ්ඨ විරුවන් රැුසක් මේ මව්බිමට අහිමි කළ අරගල දෙකක් පිළිබඳව මෑත ඉතිහාසයේ ලියැවී ඇත. 1971 අරගලය සහ 88 - 89 දේශපේ‍්‍රමී අරගලය ඒ අරගල දෙකයි. සුවහසක් දුක් විඳින ලාංකීය ජනතාව වෙනුවෙන් කැපවීම් කළ ප‍්‍රධානතම වාමාංශික දේශපාලන ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ දැවැන්ත අරගල දෙකට නායකත්වය සපයන ලදී. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 1971දීත්, එක්සත් ජාතික පක්ෂය 1988 - 1989දීත් එම අරගල දෙක ලෙයින්, යකඩින් සහ ගින්දරින් අමානුෂික ලෙස මර්දනය කළේ ය. ඒ අමානුෂික අයුක්තිසහගත මර්දනය හමුවේ අභීතව සටන් කළ සටන් සගයන් රැුසක් මේ මාතෘභූමියට අහිමි විය. ඒ අහිමි වූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී විරුවන් අතර නන්දතිලක අමදෝරු ගලප්පත්ති හෙවත් ආරි අයියා රාජ්‍ය මර්දනය හමුවේ පළා නොයමින්, මර්දනයට මුහුණ දෙමින් අරගල භූමියේ දී ම ජීවිතය පූජා කළේය. නන්දතිලක අමදෝරු ගලප්පත්ති සිය ජීවන ගමන අරඹන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තිස්සමහාරාමයේ උඩුවිල යන ග‍්‍රාමයෙන් ය. සහෝදරියන් තිදෙනෙකුගේ සහ සහෝදරයෙකුගේ සොහොයුරෙකු වූ අමදෝරු, එවක රබර්වත්ත විද්‍යාලය ලෙසින් ප‍්‍රකට, අද හ/මැදවැලෑන මහා විද්‍යාලය ලෙසින් හඳුන්වනු ලබන පාසලින් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ද, එකල දෙබරවැව මහා විද්‍යාලය හෙවත් අද හ/දෙබරවැව ජාතික පාසලෙන් උසස් පෙළ ද සමත් විය. පාසල් අධ්‍යාපනය තුළ දී ශාස්තී‍්‍රය කටයුතුවලින් පාසලට ගෞරවයක් ලබා දුන් අමදෝරු, රබර්වත්ත පාසලෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් ප‍්‍රථම ශිෂ්‍යයා වශයෙන් ද පාසලට ගෞරවයක් ලැබ දුන්නේ ය. කුඩා කාලයේ සිටම වීරත්වය ප‍්‍රකට කළ ඔහු සිය පවුල් පසුබිම තුළ හැදී වැඩුණේ හැම විටම අසාධාරණයට, අයුක්තියට එරෙහි වෙමිනි. පාසල් අධ්‍යාපනය තුළ දී ගුරුවරුන්ගේ නොමඳ ආදරය දිනූ ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. මූලික අධ්‍යාපනය ඉතාමත් මැනැවින් ප‍්‍රගුණ කළ ඔහු උසස් අධ්‍යාපනය ද මැනැවින් හදාරා 1967 වසරේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට හෙවත් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේය. ඔහුගේ ජීවිතයේ තීරණාත්මක කාල පරිච්ෙඡ්දය ආරම්භ වන්නේ විශ්වවිද්‍යාලය තුළ දී ය. ඒ වන විට පැරැුණි වමේ නායකයන්ගේ දේශපාලන භාවිතය රට තුළ කි‍්‍රයාත්මකව පැවතියේ ය. ඔහු විශ්වවිද්‍යාලයට යන විට ජනතා විමුක්ති පෙරමුණ බිහි කර වසර දෙකක් ගත වූවා පමණි. මේ නැවුම් දේශපාලන ව්‍යාපාරයට ශිෂ්‍ය දේශපාලනය හරහා සම්බන්ධ වන අමදෝරු සැබෑ වමේ දේශපාලනය මැනැවින් ප‍්‍රගුණ කළේ ය. පැරැුණි වම විසින් වාමාංශික මතවාදය ධනපති පංතිය හමුවේ පාවා දී තිබූ මොහොතක ජ.වි.පෙ. දේශපාලනය කිරීම අභියෝගයක් ම විය. එහෙත්, ඒ අභියෝගය කරට ගත් අමදෝරු ජ.වි.පෙ. දේශපාලනය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළේ ය. රටත්, රටේ ජනතාවගේ විමුක්තියත් උදෙසා පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී කැප වීම් කිරීමේ හැකියාව ඇත්තේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට පමණක් බව ඔප්පු කරමින්, ඔහු ජ.වි.පෙ. පූර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ විය. ජ.වි.පෙ. වැඩකටයුතු වෙනුවෙන් කි‍්‍රයාත්මක වූ අමදෝරු එකට වැඩ කළ සගයන් අතර ප‍්‍රචලිත වූයේ ‘පෙරේරා අංකල්’ යන ආදරණීය නාමයෙනි. සමඟි පෙරමුණු රජයේ මර්දනය හමුවේ රටටත්, ජනතාවටත් ආදරය කිරීමේ වරදට අමදෝරු 1971 අපේ‍්‍රල් අරගල සමයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් වුව ද, දුර්වලයෙකු නොවී එළැඹි තත්ත්වයට අභීතව මුහුණ දෙමින් කටයුතු කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතුව පැවතියේ ය. අත්අඩංගුවට පත් අමදෝරු හට සිරගෙදර දී පැපොල රෝගය වැළඳිණි. එම රෝගී තත්ත්වය උත්සන්න වී ඔහු මාරාන්තික තත්ත්වයට පත් විය. එහෙත් ඔහුගේ ශරීරය දුර්වලව ගිය ද, සිත එඩිතරව පැවතියේ ය. ඔහු ක‍්‍රමයෙන් රෝගී තත්ත්වයෙන් මිදුණේ ය. සිරගෙදර තුළ දී ජ.වි.පෙ. දේශපාලනය තව තවත් මැනැවින් ප‍්‍රගුණ කළ අමදෝරු සිරගෙදර තුළ දී ද තවත් සගයන්ට දේශපාලනය සරළව කියා දුන්නේ ය. අවසානයේ 1976 වසරේ දී ඔහුට නිදහස හිමි වන්නේ ය. සිරගෙදරින් නිදහස ලද අමදෝරු නැවත පක්ෂ සංවිධාන කටයුතුවලට සකී‍්‍රයව දායකත්වය සපයන්නට විය. පක්ෂ නායකයන් රැුසක් මරා දමා ඇති තත්ත්වයක් තුළ වේගයෙන් වැඩ කරමින් යළි පක්ෂය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වී වැඩ කළේ ය. ප‍්‍රබල ලෙස පක්ෂ සංවිධාන කටයුතුවලට දායකත්වය දැක් වූ අමදෝරු 1979 වසරේ දී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තෝරා පත් කර ගැනිණි. නන්දතිලක අමදෝරු ගලප්පත්ති පක්ෂයේ ප‍්‍රචාරක වැඩ සඳහා ද විශාල දායකත්වයක් දැක්වූවේ ය. එකල පක්ෂය විසින් පවත්වාගෙන ගිය සුප‍්‍රසිද්ධ කොහිලවත්ත මුද්‍රණාලයේ වැඩකටයුතු පැවරී තිබුණේ ද අමදෝරුට ය. ජවිපෙ නිල පුවත් පත වූ ‘නියමුවා’ පුවත් පත ද, ‘සීනුව’ පුවත් පත ද, කම්කරු සංගමයේ පුවත් පත වන ‘රතු ලංකා’ පුවත් පත ද, ‘සෙන් ශක්ති’ දෙමළ පුවත් පත ද ඇතුළු පක්ෂය විසින් මුද්‍රණය කළ කැලැන්ඩර්, සඟරා ආදී සියලූ ප‍්‍රකාශන මුද්‍රණය කළේ මෙම මුද්‍රණාලයේ ය. 1979 ජනවාරි සිට පක්ෂය තහනම් කරන තුරු හා ඉන් පසුවත් ඒ වැඩකටයුතු භාරව කි‍්‍රයා කළේ අමදෝරු ය. ඔහු සමඟ කොහිලවත්ත මුද්‍රණාලයේ 52ක පමණ කණ්ඩායමක් වැඩ කළේ ය. 1982 වකවානුවේ ‘සීනුව’ පුවත් පත දිනපතා පුවත් පතක් ලෙස ජනතාව අතරට ගෙන යාමට පවා කටයුතු යොදා තිබිණි. ජේ. ආර්. ජයවර්ධනගේ දරදඬු පාලනය විසින් 1983 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ අසාධාරණ හා අයුක්තිසහගත ලෙස තහනමට ලක් කළේ ය. 1982 දෙසැම්බර් මස දී ජේ. ආර්. ජයවර්ධනගේ අසාධාරණ ජනමත විචාරණයට එරෙහිව ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර අධිකරණ කි‍්‍රයාමාර්ගයක නිරතව සිටියේ ය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන මේ නඩුවෙන් පරාජයට පත් වීමේ ඉම දක්වා පැමිණ සිටියේ ය. ඊට අමතරව ඒ වන විට ආණ්ඩුවට එරෙහිව සකී‍්‍රයව සිටි ප‍්‍රධානම බලවේගය වූයේ ජ.වි.පෙ.ය. 1983දී එ.ජා.ප.ය විසින්ම නිර්මාණය කළ ‘කළු ජූලිය’ පදනම් කරගෙන අසාධාරණ ලෙස පක්ෂ කිහිපයක් තහනම් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අනුව තහනම් කළේ ය. අනෙක් පක්ෂවල තහනම ඉවත් කළ ද, ජ.වි.පෙ. තහනම දිගින් දිගටම පවත්වාගෙන ගියේ ය. තහනම් කළා පමණක් නොව දැවැන්ත මර්දනයක් ද දියත් කළේ ය. තහනම් තත්ත්වය තුළ ඇතැම් අය පක්ෂ වැඩ කටයුතුවලින් ඉවත්ව ගියේ ය. ඒ අතර, ඉහළ වගකීම් දැරූ අය ද විය. එහෙත්, පක්ෂයේ ශක්තිවන්තයන් අතර සිටි අමදෝරු පෙරටත් වඩා ධෛර්යයෙන් පක්ෂයේ වැඩකටයුතු වෙනුවෙන් කැප වූයේ ය. 1983 පක්ෂ තහනමින් පසු ජ.වි.පෙ. යළි වැඩකටයුතු අරඹද්දී හෙතෙම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තෝරා පත් කර ගැනිණි. 1985 වර්ෂයේ දී ඔහු වෙත පක්ෂය විසින් තවත් භාර¥ර වගකීමක් පැවරුවේ ය. ඒ කළුතර දිස්ති‍්‍රක් ලේකම්වරයා ලෙස පත් කරමිනි. තහනම් තත්ත්වය තුළ වැඩකටයුතු කිරීම අභියෝගයක් වුව ද, එම අභියෝගය නොපැකිලව භාර ගත් අමදොරු පක්ෂය ඉල්ලා සිටි පරිදිම වැඩකටයුතු සිදු කළේ ය. 1987 ජූලි මාසයේ දී ජේ. ආර්. ජයවර්ධන පාලනය විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සමග ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේ ය. එයට එරෙහිව නැඟී ආ දැවැන්ත ජනතා විරෝධය ජේ. ආර්. පාලනය කළේ සිය ගණනක් උද්ඝෝෂකයන් ඝාතනය කිරීමෙනි. දැවැන්ත භීෂණයක් රට තුළ මුදාහැර අත්සන් කළ මේ නීති විරෝධී ගිවිසුමට එරෙහිව රටපුරා දේශපේ‍්‍රමී ජනතා පෙළගැස්මක් නිර්මාණය විය. ඒ දේශපේ‍්‍රමී අරගලයට නායකත්වය දීමට ජ.වි.පෙ. පසුබට වූයේ නැත. මේ කි‍්‍රයාවලියේ දී අමදෝරුට ද සුවිශේෂී වැඩ කොටසක් කිරීමට සිදු විය. ඔහු මේ දේශපේ‍්‍රමී අරගලයට පණ පොවමින් සිටිය දී, 1987 අග භාගයේ දී පමණ රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 1987දී අත්අඩංගුවට ගත් අමදෝරු උසාවියට ගෙන එමින් සිටිය දී, හදිසි ප‍්‍රහාරයක් එල්ල කොට හමුදා අත්අඩංගුවෙන් ඔහු මුදා ගැනීමට දේශපේ‍්‍රමී කණ්ඩායම් සමත් වූහ. ඔහු එතරම්ම ව්‍යාපාරයට අවශ්‍ය පුද්ගලයකුව සිටි බව පැහැදිලිය. එසේ නිදහස් කර ගත් අමදෝරු 1988දී ජ.වි.පෙ. කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා ලෙස පත් කළේ ය. කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අමදෝරු ප‍්‍රසිද්ධ වූයේ ආරි අයියා යන ආදර නාමයෙනි. ඔහු කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පක්ෂයේ වගකීම් ඉටු කළේ දරුණු රාජ්‍ය මර්දනයක් දියත්ව තිබිය දී ය. මේ කාලයේ පොලිස් නිලධාරියෙකු පක්ෂයට සම්බන්ධ වී සිටියේ ය. ඔහු පක්ෂයේ වැඩකටයුතුවලට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ ය. ඔහුගේ නිවස පිහිටියේ රඹුක්කන ප‍්‍රදේශයේ ය. 1989 අගෝස්තු 31 වැනි දින පක්ෂයේ කෑගල්ල දිස්ති‍්‍රක් කමිටුව මෙම පොලිස් නිලධාරියාගේ නිවසේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මෙම දිස්ති‍්‍රක් කමිටුව පැවැත්වෙමින් තිබිය දී එම ස්ථානයට කඩා වැදුණු ආරක්ෂක අංශ විසින් අමදෝරු ඇතුළු මුළු දිස්ති‍්‍රක් කමිටුවම අත්අඩංගුවට ගනු ලැබී ය. එසේ ආරක්ෂක අංශවලට තොරතුරු සපයා ඇත්තේ නිවස හිමි පොලිස් නිලධාරියා බව පැවසේ. අමදෝරු අත්අඩංගුවට ගෙන මත්තේගොඩ හමුදා කඳවුරට රැුගෙන ගොස් ඇත. ආරි අයියා ලෙසින් පෙනී සිටින්නේ පක්ෂයේ ප‍්‍රබලයෙකු බව මේ වන විට ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබිණි. ආණ්ඩුවේ දැනුම්වත්කමින් පක්ෂයේ ඉහළම නායකයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි ය. මීට පෙර සුමිත් අතුකෝරල අත්අඩංගුවට ගෙන මරා දැමුව ද, අත්අඩංගුවට ගන්නා විට කිසිවෙකු ඔහු පක්ෂයේ ඉහළ සාමාජිකයෙකු බව දැන සිටියේ නැත. එහෙත්, අමදෝරු අත්අඩංගුවට ගත්තේ සියලූ තොරතුරු දැනගෙන ය. නන්දතිලක අමදෝරු ගලප්පත්ති සෑහෙන කාලයක් අනේකවිධ වධබන්ධනයන්ට ලක් කරමින්, රඳවා තබාගෙන ප‍්‍රශ්න කළ ද, ආරක්ෂක සාමාජිකයන්ට කිසිවක් ඔහුගෙන් හෙළිදරව් කර ගැනීමට නොහැකි විය. ඔහු තෝරා ගත්තේ පාවා දීමේ මාවත නොව අරගලය ආරක්ෂා කිරීමේ මාවතයි. ඔහුගෙන් කිසිවක් හෙළිදරවු කර ගත නොහැකි බව අවබෝධ කර ගැනීමෙන් අනතුරුව රජයේ මිනීමරු හමුදා විසින් විවිධ වධබන්ධනයන්ට ලක් කොට ඔහු මරා දමන ලදී. නන්දතිලක අමදෝරු ගලප්පත්ති පක්ෂයේ පූර්ණකාලීන දේශපාලනයේ නිරත වූ ප‍්‍රබල කලා හිතකාමියෙකු ද වූ බව මෙහිලා පැවසිය යුතුම කරුණකි. ‘විමුක්ති ගී’ ප‍්‍රසංගයේ සඳහන් වන ”සතිපූජා දරසෑයේ හිර වී මොට්ටැක්කිලියේ...” යන ගීතයේ රචකයා වන්නේ ද අමදෝරු ය. රාජ්‍ය ත‍්‍රස්තවාදය ලෙස බිහිවුණු මිනීමරු කල්ලි විසින් ලාංකීය භූමියට අසීමිත ලෙස ආදරය කළ රටත්, ජනතාවත් වෙනුවෙන් අව්‍යාජ කැප කිරීමක් කළ අනාගත පරපුරේ සුභසිද්ධිය උදෙසා යුක්තිගරුක දේශයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ශ්‍රේෂ්ඨ විප්ලවවාදී විරුවන් දහස් ගණනින් අනේකවිධ වධ බන්ධනයන්ට ලක් කරමින් මරා දමන ලදී. නන්දතිලක අමදෝරු ගලප්පත්ති යනු එවන් ශ්‍රේෂ්ඨ විප්ලවාදී විරුවෙකි. ඔවුන් මරා දැමූව ද, ඔවුන් ප‍්‍රාර්ථනා කළ උස් අරමුණු මරා දැමිය නොහැකි බව මේ මොහොත වන විටත් යථාර්ථයක් වෙමින් ඇත. නන්දතිලක අමදෝරු ගලප්පත්ති ඇතුළු මරා දමන ලද විරුවන්ට යුක්තිය ඉටු කළ හැක්කේ ඔවුන් ප‍්‍රාර්ථනා කළ ගෞරවනීය දේශය ගොඩනැඟීමෙන් පමණකි. .