ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එම්. ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැලැසුම් කර තිබුණේ යැයි කියන ප‍්‍රවෘත්තිය කිසියම් දේශපාලන අරමුණක් මත ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු වෙමින් තිබේ. එමෙන්ම පසුගිය ජනවාරි මස 13 වැනි දින කිලිනොච්චියේදී තිදෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමේ චෝදනාව මතය. ත‍්‍රස්තවාදී කි‍්‍රයා විමර්ශන ඒකකයේ නිලධාරීන් සකස් කළ වාර්තාවක් පොලිස්පතිට ලබා දී ඇතත්, අනෙකුත් බුද්ධි අංශ එම කරුණු පිළිනොගන්න බව ද අනාවරණය වේ. සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව බුද්ධි අංශ අතර ප‍්‍රතිවිරෝධතා පවතින බවත්, මේ නිසා ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී පවා එය කෙරෙහි අවධානයක් යොමු කර නැති බවටද කරුණු අනාවරණය වේ. මෙම කරුණු අනුව සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමට තිබුණේ යැයි කියන සැලසුම කිසියම් දේශපාලන අරමුණක් මත ප‍්‍රචාරය කරන ලද්දක් විය හැකි බවට බරපතල සැක මතුව තිබේ. වර්තමාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පත්ෂය අතර බලතුලනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක ඇමතිවරයා යටතේ තිබෙන අතර, ති‍්‍රවිධ හමුදා ඇතුළු බුද්ධි අංශ ගණනාවක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා යටතේ පැවැතීමද විශේෂත්වයකි. මෙම ඝාතන සැලැසුම පිළිබඳව පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය තොරතුරු සොයාගෙන තිබෙන නමුත්, ති‍්‍රවිධ හමුදා වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෝ එවැනි කිසිදු තොරතුරක් හෝ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළි සංවිධානය වීමක් පිළිබඳව හෝ තොරතුරු නොතිබීම තුළ ඝාතන සැලසුම පිළිබඳ ප‍්‍රවෘත්තිය බරපතල සැකයක් වී තිබේ. .