රාජ්‍ය නිලධාරීන් දිස්ති‍්‍රක් මට්ටමින් රැුස් කොට ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ වැඩපිළිවෙළකට රවි කරුණානායක ඇමතිවරයා විසින් මුලපුරා තිබීම එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව අනාවරණය වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආර්ථික සංවර්ධන ඇමති වශයෙන් බැසිල් රාජපක්ෂ අනෙකුත් සියලූ අමාත්‍යාංශ යට කරගෙන දිස්ති‍්‍රක් මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන්ගේ රැුස්වීම් පැවැත් වූ ආකාරයට රවී කරුණානායක ඇමතිවරයාද දිස්ති‍්‍රක් රැුස්වීම් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ. රවී කරුණානායකගේ මෙම කි‍්‍රයා පිළිබඳව මේ වන විටද ඇමතිවරුන් කීප දෙනෙකුම අගමැති රනිල් වික‍්‍රමසිංහට දන්වා ඇති බව අනාවරණය වේ. තවත් එජාප ඇමතිවරුන් විශාල පිරිසක් අගමැතිවරයාට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර පලක් නොවන බව ප‍්‍රකාශ කරමින්, නිහඬව සිටින බවද හෙළි වේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරුවලින් හෙළි වන්නේ මුදල් ඇමතිවරයාගේ මේ අලූත් කි‍්‍රයාමාර්ගය නිසා පක්ෂය තුළ බරපතල තත්ත්වයක් ඇතිව තිබෙන බවය. .