සියල්ලේ තැන්පත් මුදල් එකතු කර ගත්තද, ණය පොලී ගෙවීමට තරම්වත් ප‍්‍රමාණවත් නොවනු ඇති බවටත් අනතුරු අඟවා තිබේ. පසුගිය 9වැනි දින සවස පවත්වන ලද ආර්ථික සමාලෝචන කමිටු රැුස්වීමේදී මහ බැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද මේ බව අවධාරණය කර තිබෙන බව හෙළි වේ. මෙම සමාලෝචන කමිටු රැස්වීම සඳහා නිමල් සිරිපාලද සිල්වා, අනුර පි‍්‍රයදර්ශන යාපා, ආචාර්ය සරත් අමුණුගම, රවී කරුණානායක, කබීර් හෂීම් සහ අගමැති හා ජනාධිපතිද සහභාගී වී ඇත. මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ඉහළ පෙළේ නිලධාරීන්ද මෙම කමිටු රැුස්වීමට සහභාගී වී ඇත. වැඩිදුරටත් වාර්තා වන්නේ ආණ්ඩුවද දැන් එල්ල වෙමින් තිබෙන අර්බුදය තේරුම්ගෙන තිබෙන බව පැහැදිලි වුවත්, තවමත් අනතුර අවම කර ගැනීමේ කි‍්‍රයාමාර්ග පිළිබඳව අවධානය යොමු කර නැති බවයි..