රවී කරුණානායක මුදල් ඇමති ධුරයට පත් කිරීමෙන් පසුව මේ දක්වා බලය යොදවා තිබෙන අවස්ථා ගණනාවක් ආණ්ඩුවට බරපතල ප‍්‍රශ්න ඇති කර තිබියදීත්, අගමැති ඔහුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. මෑත කාලයේ හිතුවක්කාරී ලෙස ලොතරැුයි මිල ඉහළ දැමීම, පෞද්ගලික රේගු ගුදම් පවත්වාගෙන යාම, වාහන බදු වංචා, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කාර්යය ඇමෙරිකානු මැකෙන්සි සමාගමට ලබා දීමට කි‍්‍රයා කිරීම, වැට් බදු ඉහළ දැමූ හිතුවක්කාරී ක‍්‍රමවේදය, අය වැය මඟින් අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමේ බොරු සංඛ්‍යා ඉදිරිපත් කිරීම ආදී කරුණු මුල්කරගෙන එම විරෝධය එල්ල කෙරී ඇත. එමෙන් ම ඇමති මණ්ඩල සංශෝධනයක් ඉක්මනින්ම කරමින්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මලික් සමරවික‍්‍රම යන අයගේ ඇමතිධුර වෙනස් කිරීමට තිබූ සූදානම අත්හැර දැමීමෙන් පසුව මෙම තිදෙනා අනෙක් ඇමතිවරුන් දැඩි ලෙස කොන් කරමින් කි‍්‍රයා කිරීමට පටන්්ගෙන සිටින බවද වාර්තා වේ..