‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ යැයි කුඩා දරුවන් සිටින නිවෙස්වල ඉදිරිපස ලියා තිබෙනු දැකිය හැකිය. එම`ගින් බාල ළමුන්ට වැළඳෙන ලෙඩ රෝග වළක්වා ගැනීමට හැකි යැයි ජනයා අතර මතයක් තිබේ. වත්මන් ආණ්ඩුව පළාත් පාලන ඡන්දය ද දමා ඇත්තේ මෙවැනි බාලගිරි දෝෂයක් ගාණටය. ඇමතිවරයා ‘‘දැන් ඔක්කොම හරි, තව තිබෙන්නේ අහවල් ටික විතරයි’’ ආදී වශයෙන් විවිධ කතා කීවද එන පාටක් පෙනෙන්නට නැත. මේ වන විට සියලූ පළාත් පාලන ආයතන පාලනය වන්නේ කොමසාරිස්වරුන් යටතේය. මැතිවරණය තැබිය යුතු කාලය වසරකටත් වඩා ප‍්‍රමාද වී තිබේ. මෙසේ මැතිවරණය කල් දැමීමට අදාළ සැබෑ හේතුව ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය වුවත්, ඔවුන්ට රටට කියන්නට වෙනත් කතාවක් තිබේ. ඒ රාජපක්ෂ ආණ්ඩුව යටතේ 2012 වසරේ ගෙන එන ලද සංශෝධනයට අනුව මැතිවරණය පැවැත්වීමට නම් ඊට පූර්වයෙන් කළ යුතු සංශෝධන කඩිනමින් කර ගත නොහැකිය යන ප‍්‍රශ්නයයි. කලින් පැවති සමානුපාතික ක‍්‍රමය වෙනුවට නව ක‍්‍රමය ලෙස ගෙනැවිත් තිබෙන ඡුන්ද ක‍්‍රමය කේවල ක‍්‍රමය පදනම් කර ගත් එකකි. මනාප ඡුන්ද ක‍්‍රමය ඉවත් කළ යුතුය යන පදනමින් මෙය හඳුන්වා දුන්න ද නිසි අධ්‍යයනයක් තුළ එය සිදු වී නැති නිසාවෙන්ම වෙනත් ගැටලූ ගණනාවක් ඉස්මතු විය. ප‍්‍රධානම කරුණ සීමා නිර්ණ කටයුතු යළි සම්පූර්ණයෙන්ම කළ යුතු වීමයි. මේ පිළිබඳව පැවැති රාජපක්ෂ පාලනය යටතේ ආණ්ඩුවේ දේශපාලන අරමුණු සඳහා ඉතා පටු ලෙස සීමා නිර්ණ කටයුතු සිදුව පැවතීම නිසා වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු යළි සීමා නිර්ණයන් සිදු කරනු ලැබිණි. එයත් සම`ග පළාත් පාලන මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 4,486 සිට 10,000ක් දක්වා ප‍්‍රමාණයකට ඉහළයාම අනෙක් බරපතල ගැටලූවයි. දැනටත් සමාජයට බරක් වී තිබෙන ‘මන්ත‍්‍රී නඩත්තුව’ තවත් දෙගුණයකටත් වඩා ඉහළයාම කිසිසේත් වත්මන් තත්ත්වයට ඔරොත්තු දෙන්නක් නොවනු ඇත. ඒ සම`ග දීමනා, පමණක් නොව ශාලා පහසුකම් පවා පුළුල් කිරීමට සිදුව තිබේ. තවත් ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ සියලූ මත දරන දේශපාලන ධාරාවන්ට මේ තුළ නියෝජනයක් නොලැබීමයි. එනම් කේවල ක‍්‍රමයට යාම තුළ ප‍්‍රධාන ධාරාවේ පක්ෂ දෙකට පමණක් නියෝජනයක් ලැබීමයි. මෙය සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතුගා දැමීමකි. මැතිවරණ පවත්වා නියෝජනයන් ඇති කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමුඛතම ලක්ෂණය ලෙස සැලකෙන නමුත් මේ ම`ගින් සිදුවන්නේ නියෝජනයන් අහිමි කිරීමයි. දැනටමත් මේ සම්බන්ධව දේශපාලන පක්ෂ ගණනාවක් තම විරෝධයන් ඉදිරිපත් කර තිබේ. පසුගියදා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡුාවක දී ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය තුළ වූ මේ අඩුපාඩුව ප‍්‍රශ්නයක් බව පිළිගන්නා බවය. අනෙකුත් ප‍්‍රශ්න ලෙස ප‍්‍රකාශ වී ඇත්තේ නව මැතිවරණ ක‍්‍රමය සඳහා අවශ්‍ය වන සංශෝධන 57ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බවය. කාන්තා නියෝජනය ඉහළ දැමීම ආදී කරුණු ගණනාවක් ඒ තුළ අඩංගුය. මේ අනුව පළාත් පාලන මැතිවරණයට බාලගිරි දෝෂය උදා වී ඇත්තේ නව ක‍්‍රමයට මෙම මැතිවරණය තබන්නට යාම නිසාය. ඒ නිසා නව ක‍්‍රමයේ පවතින අවුල් ජාලයේ තව තවත් පැටලී නොසිට පැරණි සමානුපාතික ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් ඇත්තේ නැත. යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවට පොරොන්දු දී බලයට පත් ආණ්ඩුවක් දින නියමයක් නොමැතිව මැතිවරණ කල් දමන්නේ නම්, එවන් ආණ්ඩුවකට බලයේ සිටීමට පවා සදාචාරාත්මක අයිතියක් නැත. පසුගියදා අගමැතිවරයා හමුවූ පක්ෂ නියෝජිතයන් රැුසක් කියා ඇත්තේ පැරණි ක‍්‍රමයට මැතිවරණය පවත්වන ලෙසය. ඒ අතර දෙමළ, මුස්ලිම් පක්ෂ සියල්ලද නියෝජනය වී ඇත. ජනතා විමුක්ති පෙරමුණද නව ඡුන්ද ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළන්නක් බවත්, ඒ නිසා පැරණි ක‍්‍රමයට මැතිවරණය පවත්වන ලෙසත් ප‍්‍රකාශ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමත් දැන් කියා ඇත්තේ එයයි. එසේ නම් තවත් බලා සිටින්නේ කවර හේතුවක් නිසාද? මැතිවරණය කල්දැමීම නිසා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුවක් ලෙස ආණ්ඩුවට දැනටමත් චෝදනා එල්ල වී අවසානය. ඒ නිසා තමන්ගේ දේශපාලන අර්බුද සඳහා ජනතාවගේ ඡුන්ද අයිතිය උදුරා නොගෙන පළාත් පාලන මැතිවරණය කලින් තිබූ සමානුපාතික ක‍්‍රමයටම පැවැත්වීම ආණ්ඩුව මග හැර යා යුතු ප‍්‍රශ්නයක් නොවේ..