ආරම්භයේදීම විසඳාගත හැකිව තිබූ ගැටළුවක් අර්බුදයක් බටව පත්ව මෙරට ජන සමාජය කළඹමින් තිබේ. මුල් කාලයේදී මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගේ විරෝධයට ලක් වූ සයිටම් පෞද්ගලික අධ්‍යාපනය ආයතනය එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ ආශීර්වාදය සහ අනුග‍්‍රහය යටතේ අතුඉතිලා වැඩෙන්නට වූ අතර දැන් එම ගැටළුව අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. සයිටම්ට එරෙහිව විරෝධය දක්වන්නන්ට අනුව එම ආයතනය ආරම්භයේ සිටම නීතිවිරෝධී ආයතනයකි. විශ්වවිද්‍යාලයක් ඇරඹීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරය සයිටම් ආයතනයට හිමිව නැති අතර, ඒ හේතුවෙන් සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙනි. ඒ අනුව එහි මුල් ලියාපදිංචි නාමය වනුයේ ී්මඑය ්ිස්බ ෂබිඑසඑමඑැ දෙ ඔැජයබදකදටසැි ්බා ඵ්බ්ටැපැබඑ ය. වර්තමානය වන විට ඵ්බ්ටැපැබඑ යන්න ඵැාසජසබැ ලෙස වෙනස් වී තිබේ. වෛද්‍ය උපාධිය ඉගැන්වීම සඳහා නිසි අවසරයක් නොතිබියදීත්, පහසුකම් නොතිබියදීත් මුදලට වෛද්‍ය උපාධිය ලබා දෙන මෙම ආයතනය සම්බන්ධයෙන් මෙරට ජන සමාජය තුළත් ශිෂ්‍ය ප‍්‍රජාව සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් තුළත් විරෝධය පැන නගිමින් තිබිණ. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී රාජ්‍ය බැංකු දෙකක් රුපියල් මිලියන 600ක ණය මුදලක් කිසිදු පොලියක් රහිතව ලබා දී තිබුණු අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රධාන මැදිහත්කරුවා වී ඇත්තේ එවකට ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.බී. දිසානායකද මෙම නීතිවිරෝධී ආයතනය වෙනුවෙන් අනුමැතිය ප‍්‍රකාශ කර තිබේ. ආරම්භයේ සිටම මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ශිෂ්‍ය ප‍්‍රජාවගේ මෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේද යහපත් ප‍්‍රතිචාරයක් නොවූවද, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ පෙත්සමක තීන්දුව ලබා දෙමින් සයිටම්හි අධ්‍යාපනය ලැබූ එම්.බී.බී.එස්. උපාධිධාරීන් හට ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස අභියාචනාධිකරණය විසින් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නියෝග කරනු ලැබීය. මෙම තීන්දුවත් සම`ග මේ වන විට රට තුළ සයිටම් සම්බන්ධයෙන් තිබූ විරෝධය වඩ වඩාත් උත්සන්න වෙමින් පවතී. ඒ අනුව දිවයින පුරා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් පංති වර්ජනය කළ අතර, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවද සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට පෙරට එමින් සිටිති. මෙම විරෝධයට එක්වන විවිධ වෘත්තිකයන් මෙන්ම වෛද්‍යවරුද මේ වන විට රෝහල් තුළ විරෝධතා ක‍්‍රියාමාර්ග ගනු ලබමින් සිටින අතර සයිටම් විරෝධී සම්මන්ත‍්‍රණ සහ පෙළපාළි රැුසක් මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක් පුරා පවත්වා තිබේ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයත්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවයත් රැුකගැනීම වෙනුවෙන් දියත් කළ අරගලයන්ට දිනෙන් දින විවිධ වෘත්තිකයන් සම්බන්ධ වෙමින් සිටින අතර, අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අනුව සෑම දෙනාටම ඒ සඳහා ඉඩ ලැබිය යුතුව ඇතත් ක‍්‍රම ක‍්‍රමයෙන් එම තත්ත්වය අහෝසි වී යාමට එරෙහිව මෙසේ ජනතාව සංවිධානය වෙමින් සිටිති. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වරප‍්‍රසාද ලත් පැලැන්තියකට පමණක් හිමිකර දීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව විරෝධතාකරුවෝ ප‍්‍රකාශ කර සිටින අතර, පවතින ධනේශ්වර ආර්ථික ක‍්‍රමය තුළ අවමයෙන් හෝ ඉතිරිව පවතින පොදු ජන අයිතිවාසිකම් වර්තමානයේදී මුදලට විකිණෙමින් තිබෙන බවට ඔවුහු චෝදනා කර සිටිති. ඒ අනුව සයිටම් විරෝධය හරහා ප‍්‍රකාශ වෙමින් තිබෙනුයේ තම අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි විරෝධයයි. නිදහස් අධ්‍යාපනයට ඇති ඉඩකඩ අහුරමින් මෙරට ශිෂ්‍ය ප‍්‍රජාවගේත්, පොදු ජනතාවගේත් විවිධ වෘත්තිකයන්ගේත් විරෝධය නොතකා හැර ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ඒ සඳහා ගෙවීමට සිදුවන වන්දිය කෙතෙක්ද යන්න සිතා බැලිය යුතුය. .