ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමට ගුවන් යානා 13ක් කල්බදු ක‍්‍රමය යටතේ ලබා ගැනීමට පසුගිය රාජපක්ෂ පාලනය ගෙන තිබූ තීරණය අවලංගු කිරීම නිසා එම ගනුදෙනුවේ අතරමැදි සමාගම්වලට වන්දි ගෙවීමේ කි‍්‍රයාවලියේ දී ඩොලර් මිලියන ගණනක වංචාවක් සිදු කෙරෙන තත්ත්වයක් මතුව තිබේ. ‘ඩුබායි බැංකු සංසදය’ නම් අප‍්‍රකට විදේශීය ආයතනයකින් ඩොලර් මිලියන 150 (රුපියල් මිලියන 22,950)ක ණය මුදලක් ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි උණුසුම් විවාදයක් ඇති වී ඇති අතර, එම යෝජනාව වැඩි දුරටත් අධ්‍යයනය කළ යුතු බව ජනාධිපතිවරයා දන්වා ඇත. කල් බදු ක‍්‍රමය යටතේ ගුවන් යානා ලබා ගන්නේ නම්, ඩොලර් මිලියන 154ක් වැය වන බවට තක්සේරු කර තිබිණි. නමුත්, එම තීරණ අවලංගු කිරීම නිසා අතරමැදි සමාගමට වන්දි ගෙවීම සඳහා ඩොලර් මිලියන 98.5ක් යෙදැවීමට සූදානමක් පවතී. මෙය ලංකා රුපියල් මිලියන 15,070ක් පමණ වේ. මේ අතර අදාළ වන්දි ගෙවීම සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 24 වැනි දින ආර්ථික කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ කර තිබෙන්නේ ඩොලර් මිලියන 7.5ක් සහ ඩොලර් මිලියන 8ක් අතර ප‍්‍රමාණයක් වේ. ගුවන් යානා ගැනීම් අතරමැදි කටයුතු සඳහා පසුගිය පාලන සමයේ දී මුලින්ම යොදාගෙන ඇත්තේ, ‘ඉන්ටර්නැෂනල් ලීස් ෆයිනෑන්ස්’ නම් සමාගමක්ය. එහෙත්, පසුව එය හදිසියේම ‘අර්පැක්’ නම් සමාගමකට මාරු කර තිබේ. මෙවැනි සැක කටයුතු කරුණු රැුසක් ඇමති මණ්ඩල යෝජනාව පිටුපස තිබෙන අතර, මූල්‍ය තැරැුවුකාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය පළාත් පාලන සමයේ මෙරටින් විදේශගත කරන ලද කළු සල්ලි විශාල ප‍්‍රමාණයක් ඩුබායි බැංකු සංසදය නම් අප‍්‍රකට ආයතනය හරහා යළි මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින්නේදැයි විශාල සැකයක් මතුව තිබෙන බවයි. .